G7 නායකයන්ගෙන් රුසියාවට සම්බාධක

ඡායාරූප මූලාශ්‍රය, AP
රුසියාව නැගෙනහිර යුක්රේනය අස්ථාවර කිරීමේ බෙදුම්වාදීන් ගේ උත්සාහයන්ට සහය දෙනු ලබන බවට චෝදනා කරමින් රුසියාවට සම්බාධක පැනවීම සඳහා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු යැයි G7 කණ්ඩායමේ රටවල් වල නායකයන් විසින් එකඟතාවකට පැමිණ තිබේ.
මෙම සම්බාධක ආර්ථික, වෙළඳ සහ මුල්‍ය අංශ වලට පමණක් සීමා නොවන්නේ යැයි ද ඔවුන් විසින් අවධාරණය කර තිබේ.
ජනාධිපති පුතින් ට සමීප පුද්ගලයන් සහ ව්‍යාපාර ඉලක්ක කෙරෙන මෙම සම්බාධක සඳුදා වන විට හඳුන්වාදීමට අදහස් කරන බවයි ධවල මන්දිරය ප්‍රකාශ කළේ.
බටහිර ජාතීන් උත්සාහ කරන්නේ යුක්රේනයේ පාලනය අල්ලාගැනීමට බවයි රුසියාව චෝදනා කරන්නේ.
මේ අතර මොස්කව් පාලනය විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට සැරසෙන්නේ යැයි යුක්රේන රජය බියෙන් පසුවෙයි.




