ඉරානය ගැන කතා කිරීමට ප්‍රංශ නායකයා ඊශ්‍රායලයේ

ප්‍රංශ ජනාධිපති ෆ්රන්ශුවා ඔලෝන්ද් තුන් දින නිළ සංචාරයක් සඳහා ඊශ්‍රායලයට පැමිණියේය.
ඉරාන න්‍යෂ්ඨික වැඩසටහන, න්‍යාය පත්‍රයේ ඉහළින් ම ඇති මාතෘකාව බවයි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටින්නේ.
ඉරාන න්‍යෂ්ඨික වැඩ පිළිවෙළ පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද ලබන සිකුරාදා ඊශ්‍රායලයට පැමිණීමට නියමිතයි.
ඉරානයට දැඩි කොන්දේසි පැමිණ වීම සඳහා ඊශ්‍රායලය කටයුතු කරමින් සිටින අතර ඔවුන් කියා සිටින්නේ ඉරානයට එරෙහි සම්බාධක ලිහිල් නො කළ යුතු බවයි.




