ඊජිප්තුවේ රූපවාහිනි නාලිකා හතරක් තහනම් කෙරේ

ඊජිප්තු අධිකරණය රූපවාහිනි නාලිකා හතරක් වසා දැමීමට නියෝග කොට ඇත.
අල් ජසීරා රූපවාහිනි වැඩසටහන් විකාශනය කරන සේවාවත් වසා දැමීමට නියෝග කොට ඇති අතර අනෙක් රූපවාහිනි සේවාවන් ඉස්ලාමීය වැඩසටහන් විකාශනය කල සේවාවන්ය.
මෙයින් එක සේවාවක් බලයේ සිටින ආණ්ඩුවේ වැඩ පිළිවෙළ ප්‍රශ්න කරන මුස්ලිම් සහෝදරත්වය විසින් පවත්වා ගෙන යන නාලිකාවකි.
තහනමට ලක් වූ රූපවාහිනි නාලිකා හතරම තමන්ට එරෙහි ප්‍රචාරයක නිරත ව සිටින බවයි ආණ්ඩුවේ ආධාරකරුවන් කියා සිටින්නේ.
රූපවාහිනි කටයුතු වල යෙදීමට බලපත්‍ර නැති හෙයින් අල් ජසීරා රූපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදීන් තිදෙනෙක් ඊයේ රටින් පිටුවහල් කරන ලදි.




