ඊජිප්තුවේ ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා

ඊජිප්තුවේ ජනාධිපති මොහොමඩ් මොර්සි හට තනතුරෙන් ඉවත්වන්නැයි කෙරන බලපෑම් වැඩි වෙමින් තිබේ.
ජනාධිපති වරයාගේ මාධ්‍ය ප්‍රකාශකයින් දෙදෙනෙක් ඉල්ලා අස්වී ඇති අතර දහස් ගණනක් වූ පෙළපාලිකරුවන් විරෝධතා පවත්වමින් සිටිති.
මේ වන විට ඇමතිවරුන් පස් දෙනෙක් ඉල්ලා අස්වී ඇත.
සියළු පාර්ශව බදාදා වන විට මේ අර්බුදය සමථයකට පත් කර ගත්තේ නැති නම් තමන් පියවර ගන්නා බව හමුදා ප්‍රධානියා නිකුත් කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළේය.
ජනාධිපති මොහොමඩ් මොර්සි ගේ මුස්ලිම් සහෝදරත්ව ඔහුට සහාය පල කිරීම සඳහා පෙළපාලි සංවිධානය කොට ඇති අතර ඒවාට එක්වන්නැයි පක්ෂය අනුගාමිකයින් ගෙන් ඉල්ලා සිටී.




