
සම ලිංගික ක්‍රීඩා තරඟ ඇමෙරිකානු කිමිදුම් ශූරයකු වන ග්‍රෙග් ලුගානිස් විසිනුයි, ක්‍රීඩා උළෙල සංවිධානය කොට තිබෙන්නේ
සමලිංගිකයන්ගේ ක්‍රීඩා තරඟාවලියක් නේපාලයේ කත්මන්ඩු අගනුවරදී ආරම්භ විය.
මෙය දකුණු ආසියානු රටක එවැනි තරඟාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාවයි.
දින තුනක් පැවැත්වෙන මෙම ක්‍රීඩා තරඟයට සමලිංගිකයන්, එසේම ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයම සමග ලිංගික සම්බන්ධතා පවත්වන්නන් සහ පුරුෂයන් මෙන් හඳින පළඳින ස්ත්‍රීන් හා ස්ත්‍රීන් මෙන් හඳින-පළඳින පුරුෂයන් ඇතුළත් තුන්සීයකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් නේපාල ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් සිටින බවයි සංවිධායකයන් පවසන්නේ.
මෙම ක්‍රීඩා උළෙල සම ලිංගික ක්‍රීඩා තරඟ ඇමෙරිකානු කිමිදුම් ශූරයකු වන ග්‍රෙග් ලුගානිස්ගේ වැඩ පිළිවෙලක්.
ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්තානයෙන් ද පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟාවලියට සහභාගීවෙමින් සිටින බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිවෙකු මෙම උළෙලට සහභාගි වන්නේද යන්න තවමත් දැනගන්නට නැහැ.
ක්‍රීඩා උළෙල සංවිධානය කර තිබෙන්නේ සමලිංගිකයන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන නේපාල සංවිධානයක් විසින්.












