
නේපාලයේ කත්මන්ඩු අගනුවරින් ගුවන්ගත කෙරුණ යානයක් අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගනිමින් සිටි දහනව දෙනෙක් මරණයට පත් වූ බව වාර්තා වේ.
කඳු නගින්නන් කණ්ඩායමක් රැගත් යානය අනතුරට පත් වන විට එවරස්ට් කඳුකර කලාපයේ පිහිටි ලුක්ලා බලා පියාසර කැරෙමින් තිබුණි.
එහි ගමන් කළ මගීන්ගෙන් හත් දෙනෙක් බ්‍රිතාන්‍ය ජාතිකයෝ වන අතර පස් දෙනෙක් චීන ජාතිකයෝ වෙති.
කාර්ය මණ්ඩලයේ තිදෙනා ඇතුළු සෙසු මගීන් නේපාල ජාතිකයන් බවත් වාර්තා වේ.
අනතුරට පත් යානය ගුවන් තොටුපළ ආසන්නයේ පිහිටි ගංගාවකට කඩා වැටී ඇත.
තම යානයේ කුරුල්ලකු ගැටුන බව නියමුවා ප්‍රකාශ කළේ යයි කත්මන්ඩු ගුවන් තොටුපළ නිලධාරීහු ප්‍රකාශ කරති.
අවුරුදු දෙකකටත් වඩා අඩු කාල සීමාවක් ඇතුළත නේපාලයෙන් වාර්තා වුන හයවැනි මාරක ගුවන් අනතුර මෙයයි.












