කැප්ටගන්: මත්ද්‍රව්‍ය වෙළඳාම මත ගොඩනැගෙන සිරියානු ආර්ථිකය

වීඩියෝ ශීර්ෂ වැකිය, සිරියාවේ දැවැන්ත මත්ද්‍රව්‍ය වෙළඳාමේ ඇතුළාන්තය

'කැප්ටගන්' යනු මෑත වසරවල දී මැද පෙරදිග මහත් විනාශයක් සිදුකළ, අධික ලෙස ඇබ්බැහිකාරක මත්ද්‍රව්‍යයකි.

දැන් බීබීසී අරාබි සේවය සහ ගවේෂණාත්මක මාධ්‍ය ජාලය වන OCCRP විසින් ඒකාබද්ධව සිදුකෙරුණු විමර්ශනයක් හරහා, ඩොලර් බිලියන ගණනක මෙම මත්ද්‍රව්‍ය වෙළඳාම සහ සිරියානු ජනාධිපති බෂර් අල්-අසාඩ්ගේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රමුඛ සාමාජිකයින් අතර නව, සෘජු සබඳතා අනාවරණයවී ඇත.