ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සූර්යග්‍රහණය: දුලබ තාරකා විද්‍යාත්මක සංසිද්ධියක් නැරඹීමට දහස් ගණනක් දෙනා රැස්වෙයි
දුලබ සූර්යග්‍රහණයක් නැරඹීම සඳහා දහස් ගණනක් දෙනා ඕස්ට්‍රේලියාවේ දුරස්ථ ටවුමකට රැස්වී තිබේ. එම සූර්යග්‍රහණය හොඳින්ම දර්ශනය වී ඇත්තේ එම ප්‍රදේශයට ය.
බ්‍රහස්පතින්දා (අප්‍රේල් 20), චන්ද්‍රයා විසින් කිලෝමීටර 40ක් පළල ඡායාවක් විහිදවූ හෙයින් බටහිරදිග ඕස්ට්‍රේලියාවේ එක්ස්මත් නගරයේ අහස තත්පර 60කට පමණ මුළුමනින්ම අඳුරු විය.
එම පූර්ණ සූර්යග්‍රහණය, දුර්ලභ දෙමුහුන් සූර්යග්‍රහණයක කොටසක් වූ අතර, එය සියවසකට කිහිප වතාවක් පමණක් සිදුවන අති දුලබ සංසිද්ධියකි.