සූර්යග්‍රහණය: දුලබ තාරකා විද්‍යාත්මක සංසිද්ධියක් නැරඹීමට දහස් ගණනක් දෙනා රැස්වෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ඕස්ට්‍රේලියාවේ සිට දහස් ගණනක් දෙනා දුලබ සූර්යග්‍රහණයක් නරඹයි

දුලබ සූර්යග්‍රහණයක් නැරඹීම සඳහා දහස් ගණනක් දෙනා ඕස්ට්‍රේලියාවේ දුරස්ථ ටවුමකට රැස්වී තිබේ. එම සූර්යග්‍රහණය හොඳින්ම දර්ශනය වී ඇත්තේ එම ප්‍රදේශයට ය.

බ්‍රහස්පතින්දා (අප්‍රේල් 20), චන්ද්‍රයා විසින් කිලෝමීටර 40ක් පළල ඡායාවක් විහිදවූ හෙයින් බටහිරදිග ඕස්ට්‍රේලියාවේ එක්ස්මත් නගරයේ අහස තත්පර 60කට පමණ මුළුමනින්ම අඳුරු විය.

එම පූර්ණ සූර්යග්‍රහණය, දුර්ලභ දෙමුහුන් සූර්යග්‍රහණයක කොටසක් වූ අතර, එය සියවසකට කිහිප වතාවක් පමණක් සිදුවන අති දුලබ සංසිද්ධියකි.