මිලී බොබී බ්‍රවුන්, ජේක් බොන්ජියෝවි සමග විවාහ ගිවිසගැනීම නිවේදනය කරයි

British actress Millie Bobby Brown (L) and Jake Bongiovi attend "Stranger Things" season 4 premiere at Netflix Brooklyn in New York City on 14 May 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසරේ ස්ට්‍රේන්ජර් තින්ග්ස්හි සිව්වන සීසන් එකේ මංගල දර්ශනයේ දී
    • Author, ස්ටීවන් මැකින්ටොෂ්
    • Role, ප්‍රාසාංගික වාර්තාකරු

ස්ට්‍රේන්ජර් තින්ග්ස් (Stranger Things) කතා මාලාවෙන් ප්‍රසිද්ධියට පැමිණි නිළි මිලී බොබී බ්‍රවුන්, වසර දෙකහමාරක සිට ඇගේ පෙම්වතා වන ජේක් බොන්ජියෝවි සමග විවාහ ගිවිසගැනීම ප්‍රකාශයට පත්කළා ය.

ඇය බොන්ජියෝවි සමග සිටින ඡායාරූපයක් පලකළ 19 හැවිරිදි තාරකාව ටේලර් ස්විෆ්ට්ගේ 'ලවර්' නම් ගීයේ පද පෙළක් ද සටහන් කර තිබුණි. එහි දළ අදහස වූයේ "මම ඔබට ගිම්හානයන් තුනක් පුරා පෙම්කර තිබේ. සොඳුර, මට දැන් සියල්ල ලබාගන්නට අවශ්‍ය ය" යන්න යි. එය එනමින්ම පළවූ ඇගේ හත්වන ස්ටුඩියෝ ඇල්බමයෙන් උපුටාගෙන තිබුණි.

ඇගේ ඇඟිල්ලෙහි විවාහ ගිවිසගැනීමේ මුදුවක් පැළඳ තිබෙණු ඡායාරූපයේ දැක්වෙන අතර, බොබී ඇගේ පෝස්ටුව අවසානයට සුදු පැහැ හාට් ඉමොජියක් ද එක්කර තිබුණි.

විසි හැවිරිදි බොන්ජියෝවි නළුවෙකි. ඔහු ජනාදරය දිනූ ගායක ජෝන් බොන් ජෝවිගේ පුත්‍රයා ද වේ.

Skip Instagram post
Instagram අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of Instagram post

ගායිකා පික්සී ලොට්, බ්‍රවුන්ගේ පෝස්ටුවෙහි කමෙන්ට් කළ තරු අතර සිටියි. ඇය, "ඕ මයි ගෝඩ්!!! සුබ පැතුම් ඔය දෙන්නට. හරිම සතුටු යි ඊඊඊඊඊ," යනුවෙන් සඳහන්කර තිබුණා ය.

බොන්ජියෝවි ද ඔහුගේ පිටුවෙහි මෙම පුවත බෙදාගනිමින්, යුවළගේ ඡායාරූප දෙකක් සමග සරලවම "සදාකාලයටම" යනුවෙන් සටහනක් තබා තිබුණි.

මෙම නිවේදනය නිකුත්වුණේ, යුවළ විවාහ ගිවිසගෙන ඇතැයි සති කීපයක් තිස්සේ සමාජ මාධ්‍යයන්හි ඉදිරිපත්වූ සැක පළකිරීම්වලින් පසුව ය.

Jake Bongiovi and Millie Bobby Brown attend the EE British Academy Film Awards 2022 at Royal Albert Hall on March 13, 2022 in London, England.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුවළ, 2022 මාර්තු මාසයේ ලන්ඩනයේ පැවති බැෆ්ටා ෆිල්ම් අවෝඩ්ස්හි දී එක්ව දැකගත හැකිවිය
In this handout image provided by Disney, Actors Millie Bobby Brown and Jake Bongiovi joined the Dark Side at Walt Disney World Resort in Lake Buena Vista, Fla. on September 27, 2022. The couple posed with First Order Stormtroopers and Darth Vaders lightsaber at Star Wars: Galaxy's Edge at Disney's Hollywood Studios. Bongiovi said he is a big Star Wars fan and Brown said her favourite character is Princess Leia

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුවළ පසුගිය වසරේ ෆ්ලොරිඩාවේ බුවෙනා විස්ටා ලේක්හි පිහිටි වෝල්ට් ඩිස්නි වර්ල්ඩ් රිසෝට්හි දී ස්ටෝම්ට්‍රූපර්වරුන් සමග ඡායාරූපවලට පෙනී සිටියහ
Jake Bongiovi and Millie Bobby Brown attend the world premiere of Netflix's "Enola Holmes 2" at The Paris Theatre on October 27, 2022 in New York City

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සැප්තැම්බර් මාසයේ දී බොන්ජියෝවි බ්‍රවුන්ගේ ඉනෝලා හෝම්ස් 2 චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගීවෙමින්

2021 ජුනි මාසයේ දී බ්‍රවුන් ඇගේ බොන්ජියෝවිගේ ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම්හි පළකරමින් ඇගේ ෆලෝවර්ස්ලා වෙත ඔහු හඳුන්වා දුන්නා ය. පසුව, යුවළ විසින් ඔවුන් පෙම්වතුන්බව තහවුරු කෙරිණි.

ජනවාරියේ දී පලකළ තවත් ඉන්ස්ටග්‍රෑම් පෝස්ටුවක් මඟින් බ්‍රවුන්, බොන්ජියෝවි ඇගේ "ජීවන සගයා" ලෙස හැඳින්වූ අතර යුවළ එක්ව සිටිනු දැක්වෙන ඡායාරූප මාලාවක් ද පලකළා ය.

මේ ඉංග්‍රීසි නිළිය ජනප්‍රියත්වයට පත්වූයේ නෙට්ෆ්ලික්ස් කතා මාලාවක් වන ස්ට්‍රේන්ජර් තින්ග්ස්හි ළමා තරුවක් ලෙසිනි. එම මාලාවේ පස්වන සීසන් එක ඉදිරියේ දී නිකුත්වීමට නියමිත අතර, එය එහි අවසාන සීසන් එක ද වෙයි.

කෙසේ නමුත්, ස්ට්‍රේන්ජර් තින්ග්ස්හි පූර්විකාවක් ලන්ඩනයේ වෙස්ට් එන්ඩ්හි වේදිකාගත කිරීමට නියමිත වන අතර, නෙට්ෆ්ලික්ස් (Netflix) විසින් එහි සජීවිකරණ රූපවාහිනී කතා මාලාවක් ද නිවේදනයකර ඇත.

මෑතක දී, නව යෞවනයන් නිසි වයසට පත්වීම පිළිබඳව නිපදවෙන 'රොක්බොටම්' නම් චිත්‍රපටය සඳහා බොන්ජියෝවි ඔහු මෙතෙක් ලද දෙවන ප්‍රධාන චරිතය ලැබීය.