95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම අවස්ථා 7ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, නදීන් යූසිෆ් විසිනි
- Role, බීබීසී නිව්ස්
2023 ඇකඩමි සම්මාන උලෙළ හැඟුම්බර පිළිගැනීමේ කතා, විස්මිත අවස්ථා මෙන්ම අතිශයින්ම විනෝදජනක හා ආකර්ෂණීය චිත්‍රපටවලින් පිරී තිබුණි. හොලිවුඩයේ වසරේ විශාලතම සම්මාන රාත්‍රියේ හොඳම අවස්ථා කිහිපයකි මේ.
අතීත මතකාවර්ජන මොහොතක්
ඉරිදා සම්මාන ප්‍රදානෝත්සවය කේ හුයි ක්වාන් ට ඔහුගේ පැරණි මිතුරා වන හැරිසන් ෆෝඩ් හමුවීමට අවස්ථාවක් විය.
කුඩා කාලයේ ඉන්ඩියානා ජෝන්ස් සහ ටෙම්පල් ඔෆ් ඩූම් හි ෆෝඩ් සමඟ රඟපෑ ක්වාන්, දශක දෙකක රංගන විරාමයකින් පසුව Everything Everywhere All at Once චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම සහය නළුවා ලෙස සම්මාන ලැබීය.
Everything Everywhere All at Once චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබීමෙන් පසු ඔහු උද්යෝගයෙන් වේදිකාවට දිව ගොස් සම්මානය පිරිනැමූ ඔහුගේ හිටපු සම නළුවා වැළඳ ගත්තේය.

ඡායාරූප මූලාශ්‍රය, Alamy/Getty Images
ලේඩි ගගා මේක් අප් නොමැතිව එයි..
ලේඩි ගාගා වේශ නිරූපණයකින් තොරව ජීන්ස් සහ සාමාන්‍ය ටී ෂර්ට් එකකින් සැරසී මධ්‍ය වේදිකාවේදී සිය ගායනය ඉදිරිපත් කළාය.
හොඳම මුල් ගීතය සඳහා නිර්දේශ වූ 'හෝල්ඩ් මයි හෑන්ඩ්' හි ඇයගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම සඳහා වූ එම පෙනුම, ඇය කලින් හැඳ සිටි කළු වර්සේස් ඇඳුමකින් පෙනී සිටියාට වඩා හාත්පසින්ම වෙනස් විය.
පලස මතදී, ඇය පසුකර යන විට ම වැටී සිටි ඡායාරූප ශිල්පියෙකුට උදව් කිරීමට ක්ෂණයකින් ඉදිරිපත් වීම ගැන ඇයට සමාජ මාධ්‍යවල රසිකයන්ගෙන් ප්‍රශංසා ලැබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හියු ග්‍රාන්ට් 'මොයිස්චරයිසර්' වල ප්‍රතිලාභ ගැන කතා කරයි
බ්‍රිතාන්‍ය නළු හියු ග්‍රාන්ට්ගේ හාස්‍යය ඩොල්බි රඟහලේ රැස්ව සිටි පිරිස සතුට ට පත් කළේය.
'Four Weddings' සහ 'Funeral 'හි සම නළුවෙකු වන ඇන්ඩි මැක්ඩෝවෙල් සමඟ හොඳම නිෂ්පාදන නිර්මාණය සඳහා වූ සම්මානය පිරිනැමීමේදී ග්‍රාන්ට් විහිළුවක් කළේය: "මෙහි අරමුණු දෙකක්. පළමුවැන්න නම් හොඳ මොයිස්චරයිසර් එකක වැදගත්කම මතු කිරීම. ඇන්ඩි ඇගේ ජීවිතයේ සෑම දිනකම එකක් භාවිතා කළා, මම එසේ කළේ නැහැ."
ග්‍රාන්ට් පසුව මැක්ඩෝවෙල්ට සංඥා කරමින් මෙසේ පැවසීය: "තවමත් විශ්මයජනකයි." ඉන්පසු ඔහු තමාටම සංඥා කරමින් කියා සිටියේ: "මූලිකවම වෘෂණ කෝෂයක්."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'Glas Onion: A Knives Out Mystery' චිත්‍රපටයේ ඔහුගේ ආගන්තුක පෙනුම ගැන නිරූපිකාවක් වන ඈෂ්ලි ග්‍රැහැම් සමඟ කතා කරන විට ග්‍රාන්ට්ගේ උනන්දුව අඩු වූ බවක් පෙනෙන්නට තිබුණි.
රූගත කිරීමේ අත්දැකීම ගැන විමසූ විට ඔහු පිළිතුරු දුන්නේ: "මම යන්තම් එහි සිටියා. තත්පර තුනක් විතර."
ඔහු එය රූගත කිරීමට ප්‍රිය කළේ දැයි තවදුරටත් විමසීමේදී ඔහු මෙසේ පිළිතුරු දුන්නේය: " තරමක්."
ජෝන් ට්‍රැවෝල්ටා සහය නළුවාට දුන් කඳුළු පිරි උපහාරය
පසුගිය වසරේ මියගිය හොලිවුඩ් චරිත සඳහා 'In Memoriam' උපහාරය ඉදිරිපත් කරන විට, ජෝන් ට්‍රැවෝල්ටා ඔහුගේ ග්‍රීස් චිත්‍රපටයේ සිය සහකාරිය වන ඔලිවියා නිව්ටන් ජෝන් හට හැඟීම්බර උපහාරයක් පිරිනැමීය.
"අපි බලාපොරොත්තු රහිතව ඔබ වෙනුවෙන් කැපවී සිටිමු," ට්‍රැවෝල්ටා කඳුළු සලමින් නිව්ටන් ජෝන් ගේ ප්‍රකට ගීතය ගැන සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජිමී කිමල් කම්මුල් පහර ගැන කතා කරයි
ජිමී කිමල් මෙවර ඇකඩමි සම්මාන උළෙලේ මෙහෙය වීම සඳහා වේදිකාවට පැමිණියේ තුන් වැනි වරටය. විල් ස්මිත් ක්‍රිස් රොක්ට වේදිකාවේදී කම්මුල් පහරක් එල්ල කළ පසුගිය වසරේ ඔස්කාර් සම්මාන උළෙල ආන්දෝලනයට ලක්වීම ගැන කෙටි වදන් ටිකක් සඳහන් කළේය.
"අපට අවශ්‍ය ඔබ විනෝද වීම, ආරක්‍ෂිත බවක් දැනීම සහ, වඩාත්ම වැදගත් දෙය නම්, මට ආරක්‍ෂිත බවක් දැනීමට අවශ්‍යයි. ඒ නිසා, අපට දැඩි ප්‍රතිපත්ති තියෙනවා," කිමල් පැවසීය.
"මෙම රංග ශාලාවේ සිටින කිසිවකු ප්‍රසංගය අතරතුර කිසියම් අවස්ථාවක ප්‍රචණ්ඩ ක්‍රියාවක් කළොත්, ඔබට හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය පිරිනැමෙනවා. ඒ වගේම මිනිත්තු 19ක දීර්ඝ දේශනයක් පැවැත්වීමට ඔබට අවස්ථාව ලැබෙනවා."
"නමුත් බැරෑරුම්ව ගන්න , ඇකඩමිය මෙවර අර්බුද නිරාකරණ කණ්ඩායමක් යොදවලා තියෙන්නේ," ඔහු තවදුරටත් පැවසීය. "ප්‍රසංගය අතරතුර අනපේක්ෂිත හෝ ප්‍රචණ්ඩකාරී දෙයක් සිදුවුනොත්, වාඩි වී කිසිවක් නොකර ඉන්න. සමහරවිට ප්‍රහාරකයා වැළඳ ගැනීමට පවා ඉඩ තියෙනවා."
වේදිකාවට බූරුවෙකු ගෙන එයි
අයර්ලන්ත චිත්‍රපටයක් වන 'Banshees of Inisherin' චිත්‍රපටයේ ගීතයක් ලෙස කිමල් පසුව වේදිකාවට බූරුවෙකු ගෙන ආවේය.
"එයා සහතික ලත් හැගීම්බර සහය බූරුවෙක්. අපි එයාව අයර්ලන්තයේ ඉඳන් ගුවන් යානයෙන් ගෙන එන්න කියලා ගුවන් සේවයට කිව්වේ ඒකයි. ඔයාට දුකක් දැනෙනවා නම් හෝ වැළඳගැනීමක් අවශ්‍ය නම්.. අපි දැන් ඔයාව ආපහු අර 'Spirit Airline's ෆ්ලයිට් එකට යවමු."
කොකේන් වලසාත් වේදිකාවට...
එලිසබෙත් බැන්ක්ස් විසින් හොඳම දෘශ්‍ය ප්‍රයෝග සඳහා සම්මානය පිරිනමන ලැබුවේ අධි ක්‍රියාකාරී ග්‍රිස්ලි සමඟ ය.
"මම මෑතකදී කොකේන් බෙයාර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා.දෘශ්‍ය ප්‍රයෝග නොමැතිව, වලසාගේ පෙනුම මේක තමයි," බැන්ක්ස් විහිළුවක් කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අයර්ලන්ත සිනමා තරුවකට උපන් දින සුබපැතුම්...
හොඳම කෙටි චිත්‍රපටය වන 'An Irish Goodbye' හි අධ්‍යක්ෂවරු, චිත්‍රපටයේ තරුවක් වන ජේම්ස් මාර්ටින්ට උපන් දින ගීයක් ගායනා කිරීමට ඔවුන්ගේ පිළිගැනීමේ කතාව යොදා ගත්හ.
තම ස්තූතිය ප්‍රකාශ කිරීමෙන් පසු අධ්‍යක්ෂ රොස් වයිට් පැවසුවේ: "මෙම සම්මානය ඇත්ත වශයෙන්ම අද දවසේ දෙවන වැදගත්ම දෙය වන්නේ එය මොහුගේ උපන්දිනය නිසා", මාටින් ගැන සඳහන් කරමින් ඔහු සඳහන් කළේය.
"අපි අපේ ඉතිරි කාලය ජේම්ස් වෙනුවෙන් ගායනා කිරීමට භාවිතා කරන්න කැමතියි," මාටින් ඔස්කාර් සම්මානය ලබා ගන්නා අතරතුර ප්‍රේක්ෂකයින් සමඟ උපන් දින ගීය ගායනා කිරීමට පෙර ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, AFP










