ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රෙලටිවිටි ස්පේස්: 'ටෙරන් 1' ත්‍රිමාණ මුද්‍රිත රොකට්ටුව දියත් කිරීමට සූදානම්
ලොව ප්‍රථම ත්‍රිමාණ මුද්‍රිත රොකට්ටුව එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ සිට අභ්‍යවකාශයට දියත් කිරීමට නියමිත ය.
ටෙරන් 1හි මෙහෙයුම නම්කර ඇත්තේ "Good Luck Have Fun" (සුබ පැතුම්, විනෝද වෙන්න) යනුවෙනි.
එය පිටුපස සිටින සමාගම වන 'රෙලටිවිටි ස්පේස්', ත්‍රිමාණ ලෝහ-මුද්‍රණය, කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය ඒකාබද්ධ කරමින්, දින 60ක් ඇතුළත අමුද්‍රව්‍යවලින් රොකට්ටුව නිෂ්පාදනයකර තිබුණි.
රෙලටිවිටි සමාගම අනාගත මෙහෙයුමක දී කුඩා චන්ද්‍රිකාවක් දියත් කිරීමට එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා සමග ගිවිසුමක් අත්සන්කර ඇත.