හැරී සහ මේගන්: ඔවුනට ආදායම් ලැබෙන්නේ කොහෙන් ද?

Prince Harry and Meghan, the Duke and Duchess of Sussex

ඡායාරූප මූලාශ්‍රය, Netflix

ඡායාරූප ශීර්ෂ වැකිය, Netflix විසින් හැරී සහ මේගන්ගේ වාර්තා චිත්‍රපටයේ නිශ්චල දර්ශන මාලාවක් නිකුත්කර ඇත

සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී කුමරු සහ මේගන් මාක්ල් පිළිබඳ නව වාර්තා ටෙලිකතා මාලාවක පළමු කථාංගය බ්‍රහස්පතින්දා Netflix විසින් නිකුත් කරනු ලැබීය.

මෙම යුවළට තවදුරටත් රාජකීය පවුලෙන් මුදල් නොලැබෙන අතර, ඔවුන්ගේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් වාණිජ කටයුතුවලින් උපයා ගනියි.

හැරී සහ මේගන් රජ පවුලෙන් ඉවත්වූයේ ඇයි?

සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය 2020 ජනවාරි මාසයේ දී ජ්‍යෙෂ්ඨ රාජකීය තනතුරුවලින් ඉවත්විය.

මාධ්‍යවල මැදිහත්වීම ගැන ඔවුන් කෝපයට පත්ව සිටිබවත්, බකිංහැම් මාළිගය ඔවුන්ගේ "SussexRoyal" සන්නාමය ගොඩගැනීම වැළකූ නිසා කලකිරීමට පත්වූ බවත් ඔවුහු පැවසූහ.

අනෙකුත් රාජකීයයන්ට ද මින් "සිත් රිදීම්" ඇතිවූ බව කියැවේ.

හැරී තවමත් 'කුමාරයෙකු' වන අතර, මෙම යුවළ සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන පදවි නාමයන් තබාගත් නමුත්, තවදුරටත් රාජකීයත්වයෙන් (HRH) ආමන්ත්‍රණය නොකෙරේ.

Prince Harry and Prince Andrew is civilian clothes at the Queen's funeral

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හැරී කුමරු සහ ඇන්ඩෘ කුමරු රැජිනගේ අවමංගල උත්සවයේ දී සිවිල් ඇඳුමින් සැරසී සිටියහ

හැරී ඔහුගේ නිල හමුදා තනතුරු ද අත්හැර දැමූ හෙයින්, දිවංගත එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයේ දී නිල ඇඳුමෙන් සැරසී සිටියේ නැත.

කෙසේ වෙතත්, ඔහුට සහ යෝර්ක් ආදිපාදවරයාට (රාජකීය කටයුතුවලට හවුල් නොවන තවත් රාජකීයයෙක්) ඇගේ දේහය අසල මුර සේවයේ යෙදී සිටිය දී හමුදා ඇඳුමක් ඇඳීමට අවසර දෙන ලදී.

අපකීර්තියට පත් ව්‍යාපාරික ජෙෆ්රි එප්ස්ටයින් සමග ඇති මිත්‍රත්වය පිළිබඳ මතභේදයකින් පසු ඇන්ඩෘ කුමරු 2019 දී රාජකීය කටයුතුවලින් ඉවත්විය.

මේගන් සහ හැරී ජීවත්වන්නේ කොහේද?

සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය 2020 ජුනි මාසයේ දී කැලිෆෝනියාවට ගියහ.

ඔවුන් පැවසුවේ ඔවුන්ට තම පවුල නිද‍හසේ ගොඩනගා ගැනීමට අවශ්‍ය බවත්, ඔවුන්ගේ ආච්වෙල් පදනමේ කටයුතු වෙත අවධානය යොමු කිරීමට අවශ්‍ය බවත් ය.

මෙම යුවළ 2022 ජූනි මස අග දී රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය සහ සැප්තැම්බර් මාසයේදී ඇගේ අවමංගල උත්සවය සඳහා නැවත එක්සත් රාජධානියට පැමිණියහ.

ඔවුන් චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වන්නේ ද යන්න පැහැදිලි නැත.

මේගන් සහ හැරී ආදායම් ලබන්නේ කෙසේද?

The Duke and Duchess of Sussex speaking at a public event

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ආදිපාදවරයා සහ ආදිපාදවරිය රූපවාහිනී වැඩසටහන් සහ පොඩ්කාස්ට් මාලාවක් නිපදවමින් සිටිති

රූපවාහිනී වැඩසටහන් සහ පොඩ්කාස්ට්

සසෙක්ස්වරුන්ගේ මාධ්‍ය සමාගම වන Archewell Productions සමාගම Netflix සඳහා වැඩසටහන් මාලාවක් නිර්මාණය කරමින් සිටින අතර, එම ගිවිසුම ඩොලර් මිලියන දස දහස් ගණනක් වටිනා එකකැ යි සැලකේ.

Archewell වෙතින් Spotify සඳහා පොඩ්කාස්ට් නිකුත් කරයි. ප්‍රසිද්ධ කාන්තාවන් පිළිබඳ නිමැවූ 'Archetypes' පොඩ්කාස්ට් මාලාව ඉන් එකකි.

හැරී සහ මේගන් 2021 මාර්තු මාසයේ දී එක්සත් ජනපද නිවේදිකාවක් වන ඕප්රා වින්ෆ්‍රී සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ නමුත් ඔවුන්ට ඒ සඳහා මුදල් ගෙවා නොමැති බව සැල ය.

පොත්

මේගන් 2021 දී The Bench නමින් ළමා පොතක් ප්‍රකාශයට පත් කළා ය.

Random House ප්‍රකාශකයින් විසින් හැරී කුමරුගේ ස්වයං චරිතාපදානය වන Spare, 2023 ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් කරනු ඇත.

වෙනත්

2021 මාර්තු මාසයේ දී, හැරී, කැලිෆෝනියානු ජීවන රටා පුහුණු කිරීමේ සමාගමක් වන BetterUp සඳහා "ප්‍රධාන උපදේශන නිලධාරියා" ලෙස පත් කරන ලදී.

හැරී කුමරු සහ මේගන් රාජකීයත්වයෙන් ඉවත්වූ විට ඔවුනට අහිමි වූ දෑ මොනවා ද?

වාර්ෂික ආදායම

රාජකීයයන් ලෙස සේවය කරද්දී ඔවුන්ට ඔවුන්ගේ වාර්ෂික ආදායමෙන් 95%ක්ම ලැබුණේ, හැරීගේ පියා වන එවකට වේල්ස් කුමර චාල්ස්ගේ ඩචි කෝන්වෝල් වතුයායෙනි.

2018-2019 මූල්‍ය වර්ෂයේ දී (ඔවුන්ගේ විවාහයේ පළමු වසර), ඩචිහි ආදායම පවුම් මිලියන පහකට වැඩි අතර, ඉන් සසෙක්ස් යුවළගේත්, කේම්බ්‍රිජ් ආදිපාද යුවළගේත් රාජකාරි සහ ඇතැම් පුද්ගලික වියදම් ආවරණය කර තිබේ.

යුවළගේ ආදායමෙන් ඉතිරි 5% ලැබුණේ බදු ගෙවන්නන්ගෙන් අරමුදල් සැපයුණු ස්වෛරී ප්‍රදානය වෙතිනි.

Harry and Meghan wave to crowds from a carriage at their wedding in May 2018

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හැරී සහ මේගන් විවාහවූයේ 2018 මැයි මාසයේ දී ය

ඔහුගේ කාර්යාලයට දක්වන ආකාරයට, ඔවුන්ට මූල්‍ය ස්වාධීනත්වයට පත්වීමට සහායවීම සඳහා චාල්ස් පසුව "සැලකිය යුතු මුදලක්" ලබා දී තිබේ.

ඩචි කෝන්වෝල් ගිණුම් වාර්තාවලට අනුව, මෙම යුවළට හා විලියම් සහ කේට් යුවළට 2020 අප්‍රේල් සහ ජුනි අතර කාලය තුළ පවුම් මිලියන 4.5ක් පමණ ලැබී තිබේ.

"එම අරමුදල් [2020 ගිම්හානයේ දී] නතර වුණා," ප්‍රකාශකයෙක් පැවසීය.

ආරක්ෂක භටයන්

ආදිපාදවරයා සහ ආදිපාදවරිය තම නිල භූමිකාවෙන් ඉවත්වූ පසු, ජ්‍යෙෂ්ඨ රාජකීයයන් සඳහා වූ ආරක්ෂක විධිවිධානවලින් තවදුරටත් ආවරණය නොවීය.

හැරී කුමරු ප්‍රථම වරට එක්සත් රාජධානියෙන් පිටව යන විට ඔහු කියා සිටියේ පොලිස් ආරක්ෂාව නොමැතිව තම පවුල නැවත ගෙන්වා ගැනීම අනතුරුදායක බව යි.

2022 ජූලි මාසයේ දී එම තීන්දුව අභියෝගයට ලක් කිරීමට මහාධිකරණයේ අවසරය ඔහුට ලැබිණි.

‍ෆ්‍රොග්මෝ නිවහන

හැරී සහ මේගන් විවාහ වූ අවස්ථාවේ දී රැජින වින්ඩ්සර්හි ෆ්‍රොග්මෝර් නිවහන ලබා දුන්නා ය.

එය, රාජකීයයන්ගේ දේපොළ භාර ක්‍රවුන් එස්ටේට් සමාගම විසින් පවුම් මිලියන 2.4ක වියදමින් ප්‍රතිසංස්කරණය කරන ලදී.

රාජකීය පවුලෙන් ඉවත් වූ අවස්ථාවේ දී යුවළ මෙම මුදල ආපසු ගෙවා ඇත.

ඔවුන් සතු අනෙකුත් වත්කම් මොනවා ද?

විලියම් සහ හැරීගේ මව් ඩයනා කුමරිය 1997 දී මියගිය විට ඉතිරිකර ගිය පවුම් මිලියන 13ක ධනයෙන් වැඩි කොටසක් ඔවුනට ලැබිණි.

මෙය ඔවුන්ගේ එක්සත් ජනපද සංක්‍රමණයට භාවිතා කෙරුණු බව ඕප්රා වින්ෆ්‍රී සමග හැරී පැවසුවේ ය: "මගේ අම්මා මට ඉතිරි කළ දේ මට ලැබුණා. ඒක නොතිබුණා නම් අපට මේක කරගන්න බැරි වේවි."

Princess Diana wearing a tiara

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩයනා කුමරිය 1997 පැරිසියේ දී රිය අනතුරකින් මියගියා ය

හැරීට ඔහුගේ මී මිත්තණිය වූ මව් රැජිනගෙන් (එලිසබෙත් මහා රැජිනගේ මව) පවුම් මිලියන ගණනක් උරුම වී ඇතැ යි සැලකේ.

දිවංගත රැජින ඔහුට මුදල් ඉතිරි කළේදැ යි තවමත් නොදනියි.

සසෙක්ස්හි ආදිපාදවරියට ඇගේ සාර්ථක රංගන දිවිය තුළ සෑම කථාංගයක් සඳහාම පවුම් 41,000ක් ගෙවා ඇති බව වාර්තා වේ. ඇය රේචල් සේන් ලෙස කතා මාලා හතක් පුරා කථාංග 100කට වැඩි ගණනක රඟපෑවා ය.

මාර්කල් ජීවන රටා බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය අතර කැනේඩියානු විලාසිතා සන්නාමයක් සඳහා භාණ්ඩ ද නිර්මාණය කළා ය.