ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පරිශීලක ඉල්ලීම් වලට සවන්දෙමින් ට්විටර් පණිවුඩ සංස්කරණය කිරීමට ඉඩ
ට්විටර් පරිශීලකයින් ඔවුන් වැඩිපුරම ඉල්ලා ඇති තම ට්විටර් පණිවුඩ සංස්කරණය කිරීමේ හැකියාව ලබාදීමට අවසානයේ එම සමගම තීරණය කර ඇත. ඒ අනුව සංස්කරණය කිරීමේ බොත්තමක් ට්විටර් හිමියන්ට ලබා දෙයි.
"ඔබ සංස්කරණය කරන ලද ට්වීට් එකක් දුටුවහොත්, ඒ අපි සංස්කරණ බොත්තම පරීක්ෂා කරන නිසායි. මෙය සිදුවෙමින් පවතින අතර ඔබට එයින් බලපෑමක් නොවනු ඇත," සමාගම ට්වීටර් පණිවුඩයක් හරහා නිවේදනය කළේය.
සමාගම මේ වන විට එම විශේෂාංගය පරීක්‍ෂා කරමින් පවතින අතර එය ඉදිරි සතිවලදී Twitter Blue ග්‍රාහකයින් වෙත ලබා දෙනු ඇත, ඒ සඳහා මසකට රුපියල් 1800ක් පමණ ($4.99) මිලක් නියමවී තිබේ.
පණිවුඩය පළ කිරීමෙන් පසු මිනිත්තු 30 තුළ කිහිප වතාවක් එය සංස්කරණය කිරීමට හැකියාව ලබාදී ඇත.
දැනට එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල පමණක් Twitter Blue පවතින අතර මෙම මූලික පරීක්ෂණය එක් රටකට පමණක් සීමා වනු ඇත.
"සංවාදයේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සහ පැවසූ දේ පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රවේශ විය හැකි වාර්තාවක් නිර්මාණය කිරීමට" ඔවුන්ගේ "සංස්කරණ ඉතිහාසය " නමැති කාල මුද්‍රාව සහ සබැඳිය, සංස්කරණය කරන ලද ට්වීටටර් පණිවුඩයේ නිරූපකයක් සමඟ දිස්වනු ඇත යනුවෙන් සමාගම තම බ්ලොග් පිටුවේ සටහන් කර ඇත.
"ට්වීට් කිරීම වඩාත් ප්‍රවේශ විය හැකි සහ අඩු ආතතියක් සහිත එකක් වනු ඇත," ට්විටර් සමාගම පැවසීය.
"අර්ථවත් ආකාරයෙන් සංවාදයට සහභාගී වීමට ඔබට හැකි විය යුතුයි, ඔබට එය කිරීමට අපහසු නොවන ක්‍රම හඳුන්වාදීම පිළිබඳව අපි දිගටම කටයුතු කරන්නෙමු."
සමාගමේ සම-නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා පවසා ඇත්තේ ඔවුන් කිසි විටෙකත් සංස්කරණ බොත්තමක් ලබා නොදෙන බවයි.
නමුත් සමාගම මිලදී ගැනීමට සැලසුම් කර ඇති ඉලොන් මස්ක් අප්‍රේල් මාසයේදී ට්විටර් මත විමසුමක් පළ කරන ලද අතර, එහිදී ප්‍රතිචාර දැක්වූවන් මිලියන 4.4 න් 73.6% ක් ම පැවසුවේ තමන්ට සංස්කරණය කිරීමේ හැකියාවක් අවශ්‍ය බවයි.
කෙසේ වෙතත් ඇතැමුන් එය අනවශ්‍ය යැයි හෝ වේදිකාවේ භාවාර්ථයට පටහැනි යැයි කියා සිටිති.
අනෙකුත් පරිශීලකයින් මෙම නව උපාංගයට කළ හැකි නව සංශෝධන යෝජනා කළේය.