'උතුරු කොරියාව අනුකරණය කරමින්' චීනය මිසයිල අත්හදා බලන බවට තායිවානයෙන් චෝදනා
චීනය, උතුරු කොරියාව අනුකරණය කරමින් තායිවාන දූපත වටා පිහිටි සාගරයට සහ ගුවන් කලාපයට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට තායිවානය චෝදනා කරයි.
චීන යුද්ධ අභ්‍යාස අතරතුර මිසයිල අත්හදා බැලීම් සිදු කරන්නේ, අමෙරිකානු පාර්ලිමේන්තුවේ කතානායක නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයක නිරත වීමෙන් පසුවය.
මේ අතර, චීනය මෙම සංචාරය හඳුන්වා ඇත්තේ, 'උමතු, වගකීම් විරහිත සහ අතිශය අතාර්කික' ක්‍රියාවක් ලෙස ය.
