ඉන්දියාවේ රන් දෙවොල "කෙළෙසීමට" තැත්කළ පුද්ගලයෙකු පහර දී ඝාතනය කෙරේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සීක් ආගමේ පූජනීයම සිද්ධස්ථානයට ඇතුළුවී, එහි පූජනීයත්වය කෙළෙසෙන අන්දමේ ක්‍රියාවක් සිදුකළ වගට සැකකෙරෙන පුද්ගලයෙකුට ජනයා පහර දී මරාදමා ඇතැ යි ඉන්දියාවේ අම්රිත්සාර් නගරයේ පොලීසිය ප්‍රකාශ කරයි.
දෙසැම්බර් 18 වැනි සෙනසුරාදා, අම්රිත්සාර් නගරයේ රන් දෙවොලේ යාඥා මෙහෙයක් අතරතුර මෙම සිදුවීම සිදුව ඇතිබව එරට මාධ්‍ය පවසයි.
මෙම පුද්ගලයා, සීක් ආගමේ ශුද්ධ ග්‍රන්ථය වන ගුරු ග්‍රන්ත් සාහිබ් තබා ඇති ශුද්ධස්ථානයේ අභ්‍යන්තරයට ඇතුළුවී ඇතිබව කියැවේ.
ඉන්පසු ඔහු ශුද්ධ ග්‍රන්ථයට පසෙකින් තබා තිබූ චාරිත්‍රානුකූල කඩුවක් අතටගත් නමුත්, ආරක්ෂකයින් සහ වන්දනාකරුවන් ඔහු බලයෙන් යටත්කර ගෙන ඇත.
සීක්වරුන් ගුරු ග්‍රන්ත් සාහිබ් ඔවුන්ගේ ආගමේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස පමණක් නොව සිය ජීවමාන ගුරුවරයා ලෙස ද සලකන අතර, එයට මනුෂ්‍යයෙකුට ලබාදෙන ගෞරවය ලබාදිය යුතුයැ යි විශ්වාස කරයි.
මෙම ගැටුම පැය 17:45ට (සවස 05:45ට) සිදුවූ අතර, සැන්දෑ යාඥාවන් රූපවාහිනියේ විකාශනය කෙරෙන හෙයින් එය කැමරාවට ද හසුවිය.
මීළඟට සිදුවූයේ කුමක්දැයි අපැහැදිලි ය. පොලීසිය එතැනට යන විට ඒ මිනිසා මියගොස් සිටි අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතිනබව පොලීසිය පවසයි.
ඉන් පැය 24කටත් අඩු කාලයක දී, කපූර්තාලාහි කෝවිලකින් සීක් ධජය වන නිෂාන් සාහිබ් ඉවත් කිරීමට උත්සාහ කළබව පවසමින් සීක්වරුන් පිරිසක් තවත් පුද්ගලයෙකුට පහර දී මරා දමනු ලැබුණි. කපූර්තාලා ද අම්රිත්සාර් සේම පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි නගරයකි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මුල දී පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවටගත් නමුත් පසුව ප්‍රදේශවාසීන් පොලිසිය සමග ගැටුමක් ඇතිකරගෙන පුද්ගලයා මරා දමා ඇතිබව යි.
පන්ජාබ් ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානියා අම්රිත්සාර් සහ කපූර්තාලාහි සිදුවූ "අවාසනාවන්ත සිදුවීම්වලින්" පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ "පන්ජාබ් ප්‍රාන්තයේ නීතිය හා සාමය කඩකරන සියලුදෙනාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබෙනබව" යි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රන් දෙවොලේ සිද්ධියෙන් පසු පන්ජාබ්හි ප්‍රධාන අමාත්‍ය චරන්ජිත් සිං චන්නි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, "මෙම නිවට ක්‍රියාවේ යටි අරමුණ සහ සැබෑ කුමන්ත්‍රණකරුවන්" සොයාගැනීම සඳහා සිය "සියලු සම්පත් යොදවන්නැ"යි පොලිසියට නියෝග කළබව යි.
මෙම සිදුවීම සිදුවන්නේ, දෙවොල අසල ඇති කෘතිමව නිමැවුණු තටාකයකට කුඩා සීක් ශුද්ධ ග්‍රන්ථයක් වන ගුත්කා සාහිබ් විසි කළබව කියන තවත් මිනිසෙකු අත්අඩංගුවට ගැනීමෙන් දින කිහිපයකට පසුව ය.
ගුරු ග්‍රන්ත් සාහිබ් කෙළෙසීම සීක් ප්‍රජාව අතිශයින්ම ආවේගයට පත්කරවන කාරණාවකි.
මෙවන් කෙළෙසීම් කීපයක් 2014 සහ 2015 වසරවල දී සිදුවූ අතර, 2017 සහ 2019 පන්ජාබ් මැතිවරණවල දී එය ප්‍රධාන දේශපාලන ප්‍රශ්නයක්බවට ද පත්විය.
මීට පෙර කෙළෙසීම්වලට වැරදිකරුවන්බවට පත්වූවන් යුක්තිය ඉදිරියට පමුණුවන්නට අපොහොසත් වීම සම්බන්ධයෙන්, දේශපාලන විරුද්ධවාදීන් සහ බොහෝ සික් ජාතිකයින් එම ප්‍රාන්තයේ පාලක කොංග්‍රස් පක්ෂය විවේචනයට ලක්කර ඇත.
අකාලි දාල් නම් විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බල්වින්දර් භුන්දර් සෙනසුරාදා සිදුවූ නවතම සිදුවීම හෙළාදුටු අතර, එය "ඉන්දියාවේ කඩුව දරන හස්තය වන පන්ජාබය දුර්වල කිරීමට" හිතාමතා ගත් උත්සාහයක්බව NDTV හී ප්‍රාදේශීය නාලිකාව වෙත ප්‍රකාශ කළේ ය.
"සමහරු පහුගිය වසර පහ තුළ මේක දේශපාලන ක්‍රීඩාවක් කරගත්තා," ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.








