රන් දෙවොල ප්‍රහාරයට 'බ්‍රිතාන්‍යය සහය දුන්නා'

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉන්දීය ආරක්ෂක හමුදා අම්රිත්සාර් නුවර රන් දෙවොලට එල්ල කළ ප්‍රහාරයට එවක පැවති මාග්‍රට් තැචර් ආණ්ඩුව සහාය දුන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරන ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් නියෝග කළේය.
අම්රිත්සාර් නුවර රන් දෙවොලෙන් සීක් කැරලිකරුවන් ඉවත් කිරීම පිණිස එවක ඉන්දියාවේ අගමැතිනි ඉන්දිරා ගාන්ධිට සහය දෙන මෙන් අගමැතිනි මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍ය විශේෂ හමුදා බල ඛණ්ඩයට නියෝග කළ බව ඉඟි කෙරෙන ලිපිලේඛණ තමන්ට දකින්නට ලැබුන බව ලේබර් පක්ෂ මන්ත්‍රී ටොම් වොට්සන් බීබීසී යට කියා සිටියේය.
එම ප්‍රහාරයට බ්‍රිතාන්‍යය සම්බන්ධ වීම පිළිබඳ සම්පූර්ණ විස්තරය දැන ගැනීමට බ්‍රිතාන්‍යවාසී සීක් ජනතාව ඇතුළු බොහෝ දෙනා උනන්දුවක් දක්වනු ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ඉන්දීයා ආරක්ෂක රන් දෙවොලට මතභේදයට තුඩු දුන් ප්‍රහාරය ලොව පුරා වෙසෙන සීක ජනතාවගේ හෙලා දැකීමට ලක් විය.
ප්‍රහාරයේදී හමුදා භටයන් 87 ක් ඇතුළු 400 දෙනකු මරුමුවට පත් වූ බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළ නමුත්, එය ප්‍රතික්ෂේප කරන සීක් ජනතා සංවිධාන පවසන්නේ දහස් ගණනක පිරිසක් එහිදී මරා දැමුණු බවයි.




