ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඊශ්‍රායලය හා පලස්තීනය සටන් විරාමයකට
ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සටන්කාමී කණ්ඩායම සටන් විරාමයකට එළඹුණහ.
පුද්ගලයින් 240 දෙනෙකුට වැඩි පිරිසක් මියගිය දින 11 ක ප‍්‍රහාර අවසන් කරමින් සටන් විරාමය සිකුරාදා අලුයම ආරම්භ විය.
මියගිය අයගෙන් වැඩි දෙනෙක් ගාසා තීරයේ ජීවත්වූහ.
සටන් විරාමය ආරම්භ වූ විගසම වැල නොකැඩී ගාසා තීරයේ වීදි බට පලස්තීනුවෝ, "දෙවියන් ශ්‍රේෂ්ඨයි, දෙවියන්ට ස්තුතියි" යනුවෙන් හඬ නැගූහ.
ඊශ්‍රායලය හා හමාස් යන දෙපාර්ශවයම ගැටුම් වලින් තමන් ජයග්‍රහණය කර ඇතැයි ප්‍රකාශ කර ඇත.
එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ සටන් විරාමය කලාපයේ ප්‍රගතිය සඳහා "සැබෑ අවස්ථාවක්" ගෙන ආ බවය.
බ්‍රහස්පතින්දා ගාසා තීරයේ උතුරුකරයේ පිහිටි හමාස් සංවිධානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර 100 කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබිණ. ඊට හමාස් සංවිධානය ද රොකට් යවමින් ප්‍රති ප්‍රහාර එල්ල කළේය.
මැයි 10 වනදා ගාසා තීරයේ සටන ආරම්භ වූයේ නැගෙනහිර ජෙරුසලමේ සති ගණනාවක් පුරා පැවති ඊශ්‍රායල-පලස්තීන උණුසුම් තත්ත්වය උත්සන්න වීමෙනි. මුස්ලිම්වරුන්ගේ සහ යුදෙව්වන්ගේ ගෞරවයට පාත්‍ර වූ ශුද්ධ භූමියක එසේ උණුසුම් තත්ත්වය මතුවිය.
එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමෙන් පසුව හමාස් සංවිධානය විසින් රොකට් ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර ඊශ්‍රායලය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළේ ගුවන් ප්‍රහාර දියත් කරමිනි.
ගාසා තීරයේ කාන්තාවන් හා ළමුන් 100 කට වැඩි පිරිසක් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 232 දෙනෙකු මිය ගොස් ඇති බව හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ගාසා තීරයේ මියගිය අය අතර අවම වශයෙන් සටන්කාමීන් 150 ක් වත් සිටින බව ඊශ්‍රායලය පවසා තිබේ. හමාස් සංවිධානය තුවාල වූ හෝ මරුමුවට පත්වූ සටන්කරුවන් ගේ සංඛ්‍යා දත්ත ලබා හෙළි කර නැත.
ඊශ්‍රායලයේ ළමුන් දෙදෙනෙකු ද ඇතුළු 12 දෙනෙකු මියගොස් ඇති බව එහි වෛද්‍ය සේවය පවසයි. ගාසා තීරයේ සටන්කාමීන් විසින් රොකට් 4,000 ක් පමණ තම භූමිය දෙසට එල්ල කරනු ලැබූ බව ඊශ්‍රායලය කියා සිටී.
දෙපාර්ශවයම පවසා ඇත්තේ කුමක්ද?
"සටන් විරාමයක් සඳහා වන නිර්දේශය ඒකමතිකව පිළිගෙන ඇති" බව ඊශ්‍රායල දේශපාලන ආරක්ෂක කැබිනට් මණ්ඩලය පැවසීය.
"භූමියේ යථාර්ථය සංග්‍රාමයන් ගේ අඛණ්ඩතාව තීරණය කරනු ඇති බව දේශපාලන පුරෝගාමීන් අවධාරණය කරයි." යනුවෙන් ඔවුන් තවදුරටත් පැවසීය.
ඊශ‍්‍රායල ආරක්ෂක ඇමති බෙනී ගැන්ට්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ගාසා ප‍්‍රහාරය "පෙර නොවූ විරූ මිලිටරි වාසි" ලබා ඇති බවය.
ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට ප්‍රකාශයක් කළ හමාස් නිලධාරියෙක් ඊශ්‍රායලය විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය හඳුන්වා තිබුණේ පලස්තීන ජනතාවට "ජයග්‍රහණයක්" සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ට පරාජය අත්වීමක් ලෙසිනි.
සිකුරාදා (මැයි 21) අලුයම දෙකට සටන් විරාමය ආරම්භ වූ විගස, පලස්තීනුවන් විශාල පිරිසක් ගාසා තීරයේ මෝටර් රථවලින් සහ පා ගමනේ යෙදෙමින් එය සැමරූහ.
මුස්ලිම් දේවස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍රවලින් කියැවුණේ "'ජෙරුසලමේ අසිපත' නම් සටනේදී ලබාගත් ප්‍රතිරෝධයේ ජයග්‍රහණයක්" බවය.
එහෙත් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හමාස් කවුන්සිලයේ බාසෙම් නයිම් බීබීසීයට පැවසූවේ සටන්විරාම ගිවිසුම වැඩිකල් වතින්නේ ද යන්න පිළිබඳව තමාට විශ්වාසයක් නොමැති බවකි.
"පලස්තීනුවන්ට සාධාරණය ඉටු නොකර, ජෙරුසලමේ අපේ ජනතාවට එරෙහි ඊශ්‍රායල ආක‍්‍රමණය සහ ඊශ්‍රායල හිංසනය නතර නොකර, සටන් විරාමය ස්ථිරසාර නොවනු ඇත," යැයි ඔහු පැවසීය.
සටන් විරාමයට හේතු වූයේ කුමක්ද?
දෙපාර්ශ්වයම සටන් අවසන් කරන ලෙස ඉල්ලමින් ඉහළ යන ජාත්‍යන්තර පීඩනයකට මුහුණ දී තිබේ.
බදාදා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අගමැති නෙතන්යාහුට පැවසුවේ "සටන් විරාමයකට යන මාවත වෙනුවෙන් අද සැලකිය යුතු ලෙස සටන් අඩුවීමක් අපේක්ෂා කරන" බවය.
ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය සහ ඊශ්‍රායලයඅතර සටන් විරාම සාකච්ඡා සඳහා සඳහා ඊජිප්තුව, කටාර් රාජ්‍යය සහ එක්සත් ජාතීන් මැදිහත් වී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත.
සටන් විරාමය පවත්වාගැනීම සඳහා කටයුතු කිරීමට ඊජිප්තු ජනාධිපති ආරක්ෂක දූත මණ්ඩල දෙකක් ඊශ්‍රායලය සහ පලස්තීනයට යොමු කර ඇතැයි එරට රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේය.