අප්‍රිකාවේ පැරණිම සොහොන: අවුරුදු 78,000කට පෙර ළමා මළසිරුරක් තැන්පත්කර තිබූ හැටි!

ඡායාරූප මූලාශ්‍රය, FERNANDO FUEYO
දරුවකුගේ මරණය හේතුවෙන් මිනිස් සන්තානයේ ජනිත ශෝකය පිළිබිඹු කෙරෙන සොහොනක් අප්‍රිකාවෙන් සොයාගනු ලැබ ඇත. කෙන්යාවේ ගුහාවක තිබී සොයාගන්නා ලද එම සොහොන අවුරුදු 78,000ක් තරම් පැරණි බව එය සොයාගන්නා ලද පුරා විද්‍යාඥයන්ගේ කාල නිර්ණය වෙයි.
අදාළ පර්යේෂණය සිදුකළ පුරාවිද්‍යාඥයන් සඳහන් කරන පරිදි මධ්‍යම ශිලාතන යුගයට අයත් ගුහාවේ තැන්පත් කර තිබූ සිරුර වයස අවුරුදු තුනක් තරම් වයසැති ළදරුවකුගේය.
කැඩී බිඳී විනාශ වී යාමේ අනතුරක් ඇති හෙයින් ඉතා ප්‍රවේශමෙන් සප්ර්ශ කළයුතුව ඇති එම පෞරාණික ළමා සිරුරේ ඇටසැකිල්ල අධ්‍යයනය කළ පුරාවිද්‍යාඥයන් 'නේචර්' සඟරාවට සපයා ඇති ලිපියක් මගින් කියාසිටින්නේ ''දරුවාගේ හිස කොට්ටයක් මත තැන්පත් කරනු ලැබ තිබුණ ආකාරයක් දක්නට ලැබෙන'' බවය.
විද්‍යාඥයන් අදාළ දරුවාට නමක් ද තබා ඇත. ඔවුන් විසින් තබන ලද 'එම්ටෝටෝ' (Mtoto) ය. එම නම ස්වාහිලි(Swahili) භාෂාවෙන් ''පැටියා''(KId) යන තේරුම දෙයි.

ඡායාරූප මූලාශ්‍රය, JORGE GONZÁLEZ/ELENA SANTOS
ගුහාවක තිබූ සොහොන සොයාගන්නා ලද ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයන් කණ්ඩායමේ කඩිනම් පියවර වූයේ, වෙන්ව තිබූ අස්ථි කොටස් ආරක්ෂා කර ගැනීමේ සංරක්‍ෂිත පියවරක් ගනිමින් එම සමස්ත සොහොන ප්ලාස්ටර් මගින් ප්‍රවේශමෙන් ආවරණය කිරීමය. ළමයාගේ අස්ථි කොටස් වැඩිදුර පරීක්‍ෂණ සඳහා සුරක්ෂිතව විද්‍යාගාරයක් කරා රැගෙන යාමට එමගින් විද්‍යාඥයන්ට හැකිවිය.
''එය අඳුරු සෙවනැල්ලක් කැණීමකට සමාන ක්‍රියාවක්'' සත්ත්ව පරිණාමය පිළිබඳ ස්පාඤ්ඤ ජාතික පර්යේෂණ කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂ මරියා මාටිනෝන් ටොරේස් (María Martinón-Torres) ප්‍රකාශ කළාය.
''අපි අදාළ කාර්යය එම ස්ථානයෙන් තවත් පෙරට අරගෙන යනකොට අපේ දෑත්වලින් අපි ගෙනයමින් සිටින්නේ දරුවෙක් කියල අපි දැනගෙන හිටියේ නැහැ'' බීබීසී විද්‍යා වැඩසටහන සමඟ සාකච්ඡාවකට එක්වූ මරියා සඳහන් කළාය.
සිරුරේ දත් පරීක්ෂාකරන විට එය වයස අවුරුදු දෙකත් - තුනත් අතර දරුවකුගේ බව තහවුරු කර ගැනීමට විද්‍යාඥයන් සමත්ව ඇත. ස්කෑන් පරීක්‍ෂණ මගින් පෙන්නුම් කෙරෙන්නේ දරුවාගේ සිරුර කළලයක හැඩයෙන් තැන්පත්කර තිබූ බවය.
අස්ථි කොටස් එහාමෙහා වී තිබූ ආකාරය අනුව පෙන්නුම් කෙරෙන්නේ සිරුර තදින් ඔතා තිබූ බවකි. එසේම මළසිරුරේ හිස ශාක පත්‍රවලින් පිළියෙළ කරන ලද කොට්ටයක් වැනි යමක් මත සතපා ඇති අතර එය මේවනවිට දිරාපත්ව ගොසිනි.

ඡායාරූප මූලාශ්‍රය, MOHAMMAD JAVAD SHOAEE
''ශාක පත්‍රවලින් හෝ සත්ත්ව හම්වලින් දරුවාගේ මළසිරුර ඔතා තියෙන්නට ඇති කියල අපි හිතනවා. ඒ විධියට තමයි දරුවා අන්තිම නින්දේ සතපවල තියෙන්නේ'' මරියා මාටිනෝන් ටොරේස්(María Martinón-Torres) පැවසුවාය.
''මියගිය දරුවා සම්බන්ධයෙන් ඔහු අයත් මානව කණ්ඩායම තුළ එතරම් ආදරණීය බවක් පළවූ බවක් සැබැවින්ම එමගින් ප්‍රදර්ශනය කෙරෙනවා''
අස්ථි කොටස් වැඩිදුරටත් පරීක්ෂා කළ විද්‍යාඥයන් ඒවායේ හැඩය අනුව නිගමනය කරනු ලැබ තිබෙන්නේ 'එම්ටෝටෝ' පිරිමි දරුවකු වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවය.
''දරුවාගේ සිරුර වලදමා තියෙන්නේ ගුහාවක. එය මිනිස්සු ජීවත්වෙච්ච ස්ථානයක්'' මහාචාර්ය මරියා මාටිනෝන් ටොරේස් පවසන්නීය.
''සියලු හැසිරීම් රටාවන්ගෙන් ප්‍රදර්ශනය වන්නේ කණගාටුව වෙන්න පුළුවන්, දරුවාට යන්න නොදෙන ආකල්පයක් වෙන්න පුළුවන්''
අප්‍රිකාව නූතන මානව පරිණාමයේ තොටිල්ල ලෙස සැලකෙයි. එසේවුවද,සාමූහිකව ජීවත් වූ ප්‍රජාව විසින් මුලින්ම භාවිත කර ඇති උපකරණ පිළිබඳ සාක්‍ෂි අනුව විද්‍යාඥයන් නිගමනය කරන්නේ මළසිරුරු වලදමනු ලැබීම එම අප්‍රිකානු මානව පරිමාණයේ අනාවරණය නොවූ වැදගත් කාර්යයක් වන බවය.
''අප්‍රිකාවෙන් හමු වූ ඊළඟ පැරණිම සොහොන අවුරුදු 74,000ක් පැරැණි එකක්'' යැයි ලන්ඩන් නගරයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ආචාර්ය ලුවිස් හම්ප්‍රි (Dr Louise Humphrey) පැහැදිළි කරයි.
''මෙහි සිත්ගන්නා සුලු කරුණ මෙයයි. එම සොහොනත් දරුවකුට අයත් වූවක් වීම. නමුත් ඒ ගැන අපි වැඩිපුර කරුණු දන්නේ නැහැ. මොකද? එම කැණීම දුර්වල මට්ටමින් සිදුකරලා තියෙන්නේ මෙයින් අවුරුදු පනහකට පෙර''
''මෙතැන නියත ලෙසම පුද්ගල අහිමිවීමක හැඟීමක් තියෙනව'' ආචාර්ය ලුවිස් හම්ප්‍රි වැඩිදුරටත් සඳහන් කළාය.
''මෙය තමන් අවට ලෝකය පිළිබඳ වඩාත් සංකේතාත්මක නිරූපණයක් තිබුණ මිනිසුන් පිළිබඳ සාක්ෂියක්''
(බීබීසී විද්‍යා තොරතුරු අංශයේ වික්ටෝරියා ගිල් විසින් ලියන ලද ලිපියක් ඇසුරිනි)
කියවන්න;









