ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තායිලන්තය: නාවික මෙහෙයුමකින් දිවි ගැලවුණු බළලුන්
අන්දමන් මුහුදේ ගිනිගනිමින් තිබු යාත්‍රාවක සිටි බළලුන් සිව් දෙනෙකුට තායි නාවික භටයින් නිසා සිය ජීවිත බේරාගැනීමට හැකිවෙලා.
යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලය ඒ වනවිටත් බේරාගෙන තිබුණත්, තායි නාවික සෙබළුන් යාත්‍රාව අනතුරට පත් ස්ථානය වෙත යොමු කෙරුණේ තෙල් විසිරී යාමක් සිදුවී තිබේද යන්න සෝදිසි කිරීම සඳහායි. එහිදී යාත්‍රාවේ සිටි තවත් සාමාජිකයින් කිසිවකු අමතක වී ගොස් ඇති සෙයක් ඔවුන්ට දැකගන්නට ලැබුණා.
ගිලෙමින් තිබූ යාත්‍රාව වෙත වහා පිහිනූ නාවික සෙබළෙක්, එහි සිටි බළලුන් සිය පිටෙහි රඳවාගෙන ආරක්ෂා සහිතව ගෙන ආවා.
එම සතුන්ට කිසිදු තුවාලයක් සිදුවී නැති අතර මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව වාර්තා වුණා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ සිය ගැලවුම්කරුවන්ගේ අණ දෙන ස්ථානයේ රැදී සිටින බළලුන් ඔවුන්ගේ සත්කාර ලබන බවයි.
'ෆමොන්සින් නාවා 10' නම් වූ ධීවර යාත්‍රාව, කොහ් අඩං හි පැරඩයිස් නමැති දූපතට කිලෝමීටර 13 ක් ඔබ්බෙන් වූ මුහුදේ ගිනිගෙන ගිලෙමින් තිබූ බව අඟහරුවාදා (මාර්තු 2) වාර්තා වුණා.
'ද නේෂන්' නම් වූ තායි පුවත්පත සඳහන් කළේ, යාත්‍රාවෙන් මුහුදට පැන පාවෙමින් සිටි අට දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලය අසලින් යාත්‍රා කරමින් තිබූ ධීවර නෞකාවකින් බේරාගෙන තිබූ බවයි.
ස්ථානය නිරීක්ෂණයට යැවුණු නාවික සෙබළුන්ට එහිදී දැකගත හැකි වුණේ, දැවමය කොටසක එකට තෙරපී සිටි බළලුන් කිහිප දෙනෙක්.
"මම කැමරාවෙන් බෝට්ටුවේ දර්ශනය ළං ව නිරීක්ෂණය කරවිට දැක්කා, බළලෙක් හෝ දෙන්නෙක් ඔලුව උස්සා බලන හැටි," යැයි තායි නාවික හමුදාවේ ගුවන් හා වෙරළාරක්ෂක අංශයේ ආධුනික නිලධාරී විචිට් පුක්දීලොන් පැවසුවා.
මේ ගලවා ගැනීම සම්බන්ධයෙන් පළ කෙරුණු ෆේස්බුක් පොස්ටුවකට, බදාදා (මාර්තු 3) නාවික සෙබළුන් අගයමින් සටහන් 2,500ක් එක් කොට තිබුණා.
මේ ගැනත් දැනගන්න: