බ්‍රසීලය: යුද හමුදා පොලිස් නිලධාරියෙක් කාන්තාවකගේ ගෙල පෑගීමට එරෙහි කෝපය නැගේ

සාඕ පාවුලෝ හි යුදහමුදා පොලිස් නිලධාරියෙකුගේ සංරක්ෂිත ඡායාරූපයක්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සාඕ පාවුලෝ හි යුදහමුදා පොලිස් නිලධාරියෙකුගේ සංරක්ෂිත ඡායාරූපයක්

බ්‍රසීලයේ සාඕ පාවුලෝ නුවර දී යුද හමුදා පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු කාන්තාවකට හිරිහැර කරන ආකාරය දැක්වෙන දර්ශන පෙළක් රූපවාහිනියකින් විකාශය කිරීමෙන් අනතුරුව, ඔවුන්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල කිරීමට බලධාරීහු සැරසෙති.

එක් නිලධාරියෙකු අදාළ කළු ජාතික කාන්තාවගේ ගෙල පාගන අයුරු එම දර්ශනවල පෙනෙන්නට තිබිණ.

කුඩා තැබෑරුමක හිමිකාරියක වූ මැදිවියේ කාන්තාවක් වූ ඇයගේ දෑතට මාංචු ලෑමෙන් අනතුරුව පසුව පදික වේදිකාව හරහා ඇදගෙන ගොස් තිබිණි.

මැයි මාසයේ වූ මෙම සිදුවීමේ සාක්ෂිකරුවකු විසින් එය පටිගත කරනු ලැබ තිබිණි.

මෙවැනි අපයෝජන නොඉවසන බව කී ප්‍රාන්ත ආණ්ඩුකාර ජොආඔ ඩොරියා (João Doria), අදාළ නිලධාරීන් දෙදෙනා සේවයෙන් පහ කර තිබේ.

ඔවුන්ගේ නම් ප්‍රසිද්ධියට පත්කොට නැත.

මෙවක් පටන් 2000ක් වූ සාඕ පවුලෝ හි පොලිස් නිලධාරීන්ට සිරුරේ සවිකෙරෙන කැමරා සපයනු ලබන බව ද ආණ්ඩුකරු පැවසීය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

අදාළ සිදුවීම පිළිබඳ ප්‍රචාරය කෙරුණු දර්ශන හේතුවෙන් බ්‍රසීලය තුළ සැලකිය යුතු කෝපයක් මතුවී තිබෙන්නේ, මැයි මස 25 වෙනිදා ඇමෙරිකාවේ මිනියාපොලිස් හිදී නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් අත්අඩංගුවේදී මිය යාම සිහි කැඳවමිනි.

තමන්ට හුස්ම ගැනීමට අසීරු යැයි කියමින් ෆ්ලොයිඩ් ආයාචනය කරද්දී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු සිය දණහිස ඔහුගේ ගෙලට තදකරගෙන සිටියේය.

ෆ්ලොයිඩ් මිය යාමෙන් අනතුරුව එක්සත් ජනපදය පුරා ඇතිවූ වීථි විරෝධතා රැල්ලක් හටගත් අතර, ඇතැම් උද්ඝෝෂණ ප්‍රචණ්ඩ ස්වභාවයක් ද ඉසිලීය.

මෙම තොරතුරු ද දැනගන්න: