ජාතිවාදියෙකු සමග තර්ක කරන්නේ කොහොම ද?

poster of two people on

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විද්‍යාව සහ කරුණු යොදා ගෙන ජාතිවාදය බිඳ දැමිය හැක

ජාතිය සම්බන්ධයෙන් ස්ථාපිත ආදර්ශ (Stereotypes) සහ මිත්‍යා විශ්වාස අප සමාජයේ බහුලව පවතී. නමුත් ඒවා ඇත්ත බව ඉන් නොකියවේ. බොහෝ විට එවැනි උපකල්පන මත ප්‍රකාශ සිදු කරන්නේ ජාතිවාදීන් ලෙස ප්‍රකට පුද්ගලයන්ම නොවේ.

යහපත් චේතනාවක් සහිත පුද්ගලයන් ද බොහෝ විට අතීත අත්දැකීම් සහ සංස්කෘතික ඉතිහාසය නිසා ජාන විද්‍යාව මගින් තහවුරු නොකළ උපකල්පන දෙසට තල්ලු වේ. නැගෙනහිර ආසියානු සිසුන් සහජයෙන්ම ගණිතයට වඩාත් දක්ෂ බව, කළු ජාතිකයන් තුළ ස්වභාවයෙන්ම රිද්මයක් ඇති බව හෝ යුදෙව් ජාතිකයන් මුදල් හම්බ කිරීමෙහි ලා සමතුන් බව ඊට උදාහරණ කිහිපයකි. ඒ ආකාරයේ උපකල්පනයන්ට එළැඹ සිටින පුද්ගලයන් අප බොහෝ දෙනෙකු දැක තිබේ.

"මට මතක ඇති වෙන කිසිම කාලෙකට වඩා අද කාලේ ජාතිවාදය විවෘතව ප්‍රකාශ කෙරෙනවා, කරුණු (Facts) යොදා ගනිමින් ඒ තත්ත්වයත් එක්ක තරග කිරීම අපේ වගකීමයි." යනුවෙන් ජාන විද්‍යාඥයෙකු සහ බීබීසී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ආචාර්ය ඇඩම් රදර්ෆර්ඩ් පවසයි.

මිත්‍යාවෙන් කරුණු වෙන් කර ගැනීමට ඔහු අප වෙත මෙවලම් ගොන්නක් ලබා දී තිබේ,

පහත දැක්වෙන්නේ විද්‍යාව සහ කරුණු යොදා ගනිමින් ජාතිවාදී මිත්‍යා 05 ක් බිඳ දමන ආකාරයයි.

මිත්‍යාව 1: සුදු සහ කළු ජාතිකයන්ගේ DNA සම්පූර්ණයෙන්ම වෙනස්

A multi-ethnic group of young school children are indoors in their classroom, playing instruments.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, FACT: Aසියලුම මිනිසුන්ගේ ජාන බොහෝ සෙයින් එක සමානය

මිනිස් සමෙහි මූලික වර්ණකය මෙලනින්ය. එය අපව හිරු රශ්මියෙන් ආරක්ෂා කරයි.

ෆෝලික් අම්ලය මිනිස් ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ගයකි. හිරුගෙන් නිකුත් වන පාර ජම්බුල කිරණ මගින් ෆෝලික් අම්ලය විනාශ කිරීමට පෙර, මෙලනින් වර්ණකය විසින් එම කිරණ අවශෝෂණය කර ගනු ලබයි.

ජාන හා සම්බන්ධ ජෛවරසායන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් මෙලනින් නිෂ්පාදනය කෙරේ. එම ජාන තුළ ඇති ස්වභාවික ප්‍රභේදන මිනිසුන්ගේ සමේ පැහැයට අදාළ වර්ණාවලියට මූලික වශයෙන් හේතු වේ.

එසේ නම් මනුෂ්‍ය වර්ගයාගේ විශාලතම ජානමය වෙනස දැකිය හැක්කේ සුදු මිනිසුන් සහ කළු මිනිසුන් අතරද? වැරදියි.

පළමුව, සියලුම මිනිසුන්ගේ ජාන බොහෝ සෙයින් එක සමානය. එය, අපගේ මෑත කාලීන සියලූම මූලාරම්භයන් අප්‍රිකාවෙන් පැවත එන බව හෙළි කෙරෙන කරුණකි.

දෙවනුව, ලොව සියලුම කලාප එකට එක් කළ ද, ඊට වඩා වැඩි ජාන විවිධත්වයක් අප්‍රිකානු මහාද්වීපය තුළ දැකිය හැක.

සිංහල ජාතිකයෙකු, මවුරී ජාතිකයෙකු සහ රුසියානුවෙකුට වඩා, දකුණු අප්‍රිකාවේ වෙනස් ජන කොට්ඨාස දෙකක මිනිසුන් දෙදෙනෙකු අතර වඩාත් වැඩි වශයෙන් ජාන වෙනස්කම් දැකිය හැක.

සුදු, කළු, හෝ දුඹුරු වශයෙන් අපට මිනිසුන් වර්ග කළ හැක. නමුත් ඇසට පෙනෙන මේ වෙනස්කම් හෝ සමානකම් මගින් ජානවල ඇති වෙනස්කම් නිවැරදිව පිළිබිඹු නොවේ.

මිත්‍යාව 2: 'නිර්මල ජාතියක්' කියා දෙයක් නැත

Concept image: All hands together, racial equality in team

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, FACT: "නිර්මල ජාතියක් යන අදහස සම්පූර්ණයෙන්ම ෆැන්ටසියක්"

ඇතැම් කලාප, ගොඩබිම් හෝ මිනිසුන් භෞතිකව හෝ සංස්කෘතික වශයෙන් හුදෙකලාව, වෙන් වී පවතින බවත් එම සීමා අතික්‍රමණය කළ නොහැකි බවත් අපි සිතන්නෙමු.

නමුත් ඉතිහාසය හෝ ජාන විද්‍යාවට අනුව එය එසේ නොවේ. සත්‍ය වශයෙන්ම ලොව එකඳු ජාතියක් හෝ වෙනස් නොවී එකම ආකාරයකින් පැවතී නොමැත.

"ඉතිහාසය පුරා මනුෂ්‍යයා ලොව වටා සැරිසරා (සංචරණ) තිබෙනවා. පුළුවන් වුණු ඕනෑම තැනකදී, සෑම මොහොතකමදීම ඔවුන් 'ලිංගිකව එක් වුණා (Sex)," යනුවෙන් ආචාර්ය රදර්ෆර්ඩ් පවසයි. ඇතැම් විට එවැනි සැරිසැරීම් කෙටි කාලයක් තුළ මහා පරිමාණයෙන් සිදුව ඇත.

බොහෝ විට මිනිසුන් විශාල වශයෙන් පරම්පරා කිහිපයක් යන තුරු වෙනසකට ලක්ව නොමැත. එය භූගෝලීය සහ සංස්කෘතික වශයෙන් නැංගුරම්ලා සිටීමක් ලෙස හැඟෙන්නට පුළුවන.

"එසේ වුවත්, සෑම නාසිවාදියෙකුටම යුදෙව් මුතුන්මිත්තෝ ඉන්නවා" යනුවෙන් ආචාර්ය රදර්ෆර්ඩ් පෙන්වා දෙයි.

"සුදු අධිපතිවාදී (සුදු ජාතීන් උසස් යයි සිතන) අදහස් දරන සෑම අයෙකුටම මැදපෙරදිග මුතුන්මිත්තන් ඉන්නවා. සෑම ජතිවාදියෙකුටම අප්‍රිකානු, ඉන්දීය, නැගෙනහිර ආසියානු මිතුන්මිත්තන් ඉන්නවා. අන් සියලු දෙනාටත් එහෙමයි."

"කලවම් නැති නිර්මල ජාතියක් යන අදහස සම්පූර්ණයෙන්ම ෆැන්ටසියක්. මනුෂ්‍යයන් ගත්තොත් පිරිසිදු ලේ කියල ජාතියක් නැහැ. රුධිරය සමූහ වශයෙන් වඩාත් හොඳින් කලවම් වීමක් පමණයි තිබෙන්නේ," යනුවෙන් ඔහු කියා සිටියේය.

මිත්‍යාව 3: 'ජර්මනිය ජර්මානුවන්ට', 'තුර්කිය තුර්කි ජාතිකයන්ට' (සහ ඒ ආකාරයේ වෙනස් ජාතීන් අතර ඇති වෙනත් විශ්වාස)

Group of three happy multiethnic friends looking at camera.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඕනෑම රටක පළමුව සිටි පුද්ගලයා කවුද?

ඇතැමුන් තුළ සංක්‍රමණිකයන් සහ තම රටට සරණාගතයන් පැමිණීම සම්බන්ධයෙන් දැඩි වෛරයක් ඇති වේ. එය පසුකාලීනව ලොව පුරා බොහෝ රටවල දකින්නට ලැබුණු සංසිද්ධියකි.

පසුගිය පෙබරවාරි 19 වෙනිදා ජර්මනියේ හැනාවු හි 'ෂීශා' අවන්හලක ආරම්භ වූ වෙඩි තැබීම මෑත කාලීන උදාහරණයකි. ඊට හේතු වී තිබුනේ සංක්‍රමණිකයන් පිටුවහල් කළ යුතු හෝ මරා දැමිය යුතු බවට පැවති අන්ත දක්ෂිණාංශික මතවාදයයි.

අන්ත දක්ෂිණාංශික අදහස් දරන පුද්ගලයන් දීර්ඝ කාලයක සිට වෙනත් ආකාරයකින් සිය කෝපය ප්‍රකාශයට පත් කර ඇත: "ජර්මනිය ජර්මානුවන්ට", "ප්‍රංශය ප්‍රංශ ජාතිකයන්ට, "තුර්කිය තුර්කි ජාතිකයන්ට" සහ "ඉතාලිය ඉතාලි ජාතිකයන්ට", මේ සියල්ල අන්ත දක්ෂිණාංශිකයන් විසින් සංක්‍රමණික විරෝධී සටන් පාඨ ලෙස යොදා ගනු ලැබ ඇත.

"ආපු දිහාවකට පලයන්" යන්න ලොව පුරා රැව් දෙන ආක්‍රමණශීලී පාඨයකි.

L'Italia Agli Italiani / Facebook

ඡායාරූප මූලාශ්‍රය, Litalia Agli Italiani / Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඉතාලිය ඉතාලි ජාතිකයන්ට": අන්ත දක්ෂිණාංශික පක්ෂවල සන්ධානයකි

සත්‍ය නම්, ජර්මනිය, ප්‍රංශය, තුර්කිය සහ ඉතාලිය යන රටවල ඉතිහාසය පුරා සංක්‍රමණ සිදුව ඇත. ඇත්ත වශයෙන්ම සෑම තැනකම එය සිදුව ඇත.

උදාහරණයක් වශයෙන් බ්‍රිතාන්‍ය දූපත්, අදින් වසර 7,500 කට පමණ පෙර මහද්වීපයෙන් වෙන් වූ කාලයේ සිට සංක්‍රමණිකයන්ගේ නිවහනක් බවට පත්ව තිබේ.

ප්‍රංශය විසින් 1066 වසරේදී යටත් කර ගනු ලැබීමට පෙර වයිකිං, ඇන්ග්ල්ස්, සැක්සන්ස්, හන්ස් සහ තවත් කුඩා ජන කොට්ඨාස සහ කණ්ඩායම් ලෝකයේ එම කොටස ආක්‍රමණය කර සිටියහ.

ඊටත් එහා රෝමානු පාලන සමයේ උප සහරානු අප්‍රිකා කලාපය සහ මැදපෙරදිග දක්වා විහිදයමින් මහද්වීප ගණනාවක් පුරා පැවති එම අධිරාජ්‍යය යටතේ නන් දෙසින් ජනයා පැමිණියහ.

Meat porters march on the UK Home Office in 1972, bearing a "Britain for the British" banner and petition which calls for an end to all immigration into Britain

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍ය වෙත සංක්‍රමණිකයන් පැමිණීම නවතා දමන ලෙස ඉල්ලා 1972 වසරේ පැවති උද්ඝෝෂණයකදී දක්නට ලැබුණු "බ්‍රිතාන්‍ය බ්‍රිතාන්‍ය ජාතිකයන්ට" යයි සඳහන් පුවරුවක්

වසර 4500 කට පමණ පෙර බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වශයෙන් වාසය කළේ ගොවීන්ය. නෙදර්ලන්තය සහ නැගෙනහිර ඇන්ග්ලියා කලාපය හරහා විහිදී ගිය බිම් ප්‍රදේශය ඔස්සේ යුරෝපයේ විවිධ ප්‍රදේශවල සිට ඔවුහු සංක්‍රමණය වී තිබේ.

DNA සාක්ෂි අනුව ඔවුන් අඳුරු කෙස් සහ දුඹුරු ඇස් සහිත ලා දුඹුරු පැහැති සමක් තිබූ පුද්ගලයන් යයි සිතිය හැක.

ඊටත් පෙර වඩාත් අඳුරු පැහැති සමක් සහිත දඩයම් කණ්ඩායම් එහි වාසය කර ඇත.

එසේ නම් දේශපාලන පක්ෂ හෝ ජාතිවාදීන්, "ප්‍රංශය ප්‍රංශ ජාතිකයන්ට" හෝ "ඉතාලිය ඉතාලි ජාතිකයන්ට" නැතිනම් "මුල් ජනයා" සම්බන්ධයෙන් කතා කරන විට ඇත්ත වශයෙන්ම ඔවුන් ඉන් අදහස් කරන්නේ කුමක්ද?

මිත්‍යාව 4: යමෙකු 100% ක්ම සුදු ද යන්න පෙළපත් පරීක්ෂණයකින් තහවුරු කළ හැක

Small group of young friends are hanging out in a public park.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පරම්පරා 11ක අතීතයට දිව යන මුතුන්මිත්තන්ගේ DNA වලින් ඔබ රැගෙන යන්නේ අඩක් පමණි

වංශ සහ පෙළපත් අධ්‍යයනය සිත්ගන්නා සුළු විෂයකි. විශේෂයෙන් ජාතිවාදීහු ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වති.

'Stormfront' වැනි වෙබ් අඩවි තුළ සුදු ජාතිකවාදීන්, සුදු අධිපතිවාදීන් සහ යුදෙව් විරෝධීන් විසින් යුදෙව් සමූල ඝාතනය ප්‍රතික්ෂේප කරන න්‍යායන් පළ කරනු දැකිය හැක. ජාන සම්බන්ධයෙන් ඔවුහු උමුතුවකින් පසු වන්නෝ වෙති.

ඔවුහු තමන් 100% ක්ම සුදු බව හෝ යුදෙව් නොවන බව "ඔප්පු" කිරීම සඳහා 'Ancestry DNA' විසින් සපයනු ලබන ආකාරයේ පෙළපත සම්බන්ධ ජාන පරීක්ෂණ භාවිත කරති.

කෙසේ නමුත් එම න්‍යාය දෝෂසහිතය.

Beautifully rendered depiction of the human DNA

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබේ මුතුන්මිත්තන් සියලු දෙනාගේම සියලුම DNA ඔබ රැගෙන නොයයි

පෙළපත් ඉතිහාසය පිළිබඳ සිත්ගන්නා කරුණු DNA වලට කිව හැක. එසේම සැඟව ගිය සහෝදරයෙකු හෝ සහෝදරියක හඳුනා ගැනීමට හෝ ජීව විද්‍යාත්මක දෙමව්පියන් සොයා ගැනීමට එය බොහෝ සෙයින් උපකාරී වේ. නමුත් මූලික ජීවවිද්‍යාව මගින් එහි බලය අතිශය සීමා කර ඇත.

යම් පෙළපතකින් පැවත එන්නන් කාලයත් සමග සිය සැබෑ මුතුන්මිත්තන්ගේ DNA ඉවත දමයි. එසේ පරම්පරා ගණනාවක් තුළ අතුරුදහන් වන ප්‍රමාණය අතිමහත්ය.

පරම්පරා 11ක අතීතයට දිව යන මුතුන්මිත්තන්ගේ DNA වලින් ඔබ රැගෙන යන්නේ අඩක් පමණි. ඒ අනුව 18 වෙනි සියවස තරම් මෑත ඉතිහාසයට අයත් පෙළපත් සාමාජිකයන්ට ඔබ ජානමය වශයෙන් නෑදෑකම් නොකීමට ඉඩ ඇත.

"ඔබ පැවත එන්නේ, ලොව පුරා, ඔබ දන්නවා යයි ඔබ සිතන සහ ඔබ කිසිවක්ම නොදන්නා බොහෝ දෙනෙකුගේ එකතුවකින්," යනුවෙන් ආචාර්ය රදර්ෆර්ඩ් පවසයි.

"ඔවුන් බොහෝ දෙනෙකු සමග ඔබට අර්ථවත් ජාන සම්බන්ධයක් නැහැ,"

මිත්‍යාව 5: සුදු ජාතිකයන්ට වඩා කළු ජාතිකයන් දිවීමේ ශූරයන්ය

Jamaica's Usain Bolt (C) jokes with Canada's Andre De Grasse (L) after they crossed the finish line in the Men's 200m Semifinal during the athletics event at the Rio 2016 Olympic Games at the Olympic Stadium in Rio de Janeiro on 17 August, 2016

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ අදහස උසේන් බෝල්ට්ගේ පහසු ජයග්‍රහණ හමුවේ වඩාත් තීව්‍ර වී ඇති බව පෙනේ

ඔලිම්පික් උළෙලේ මීටර් 100 අන්තිම වටය සඳහා අවසන් වරට සුදු ජාතිකයෙකු තරග කළේ 1980 වසරේදීය.

එතැන් පටන්, මෑත යුගය තුළ ධාවන ක්‍රීඩා ක්ෂත්‍රයේ අණසක පතුරුවා ඇත්තේ කළු ජාතිකයන්ය. ඒ සමග සිය මිතුන්මිත්තන්ගේ ජාන නිසා ක්‍රීඩාවේදී කළු ජාතිකයන්ට වාසිසහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට පොදුවේ විශ්වාසයක් ගොඩ නැගුණි.

"ඇතැම් විට, වාර්ගිකත්වය සහ ජාන මත පදනම්ව ක්‍රීඩාවේ සාර්ථකත්වයක් අත්කර ගැනීම සම්බන්ධයෙන් සම්භාවිතාමය පුරෝකථන නිර්මාණය විය හැකියි," යනුවෙන් ආචාර්ය රදර්ෆර්ඩ් පවසයි.

නමුත් සත්‍ය කරුණු දෙස බැලීමේදී ක්‍රීඩා සාර්ථකත්වය කෙරෙහි බලපාන ජාන අතිශය සංකීර්ණය.

Children taking part in a race on a running track

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කවුරුන් ජයග්‍රහණය කරයිද යන්න තීන්දු කරන්නේ ජාන පමණක්ම නොවෙයි

කායික විද්‍යාවට අදාළව නොගැනිය හැකි තරම් කරුණු සංඛ්‍යාවක් මේ සඳහා බලපානු ලබන බව ආචාර්ය රදර්ෆර්ඩ් පෙන්වා දෙයි. හදවතේ ප්‍රමාණය, ඔක්සිජන් අවශෝෂණය කර ගැනීමේට අදාළ කාර්යක්ෂමතාව සහ පේශී යථා තත්ත්වයට පත්වීම ද ඊට ඇතුළත් ය.

ජානමය පදනමක් සහිත ඉහත කී කරුණු සාපේක්ෂ වශයෙන් හොඳින් වටහාගත් සංසිද්ධීන්ය. නමුත් අල්ප වශයෙන් මනාව වටහා ගත් කායික ගති ලක්ෂණ (නම්‍යශීලීත්වය සහ සම්බන්ධීකරණය) ද එහි වේ.

මානසික මානයක් ඊටත් ඉහළින් පවතියි: අධිෂ්ඨානය, මානසික ඒකාග්‍රතාව සහ අවදානම් දැරීම ඊට උදාහරණයි.

ඉතාමත් වේගයෙන්, ඉහළ මට්ටමින් ශක්තිය වැය කෙරෙන ක්‍රීඩාවලට සමර්ථ පුද්ගලයන් සතුව "වේගයෙන් චලනය" වන පේශී සෛල වැඩි වශයෙන් පැවතීමට ඉඩ ඇති බව අපි දන්නෙමු. එමගින් වඩාත් ඉක්මණින් ශක්තිය ක්‍රියාත්මක කරයි.

African-American sprinter crossing the finish line and breaking the tape

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රීඩා සාර්ථකත්වය කෙරෙහි බලපාන ජාන අතිශය සංකීර්ණය

මේ සඳහා සම්බන්ධ වන ජාන ACTN3 නමින් හැඳින්වේ.

බලය සහ ශක්තිය යොදා ගැනෙන ක්‍රීඩාවල නිරත ඉහළ පෙළ මලල ක්‍රීඩකයන් සතුව ACTN3 R වර්ගයේ (R-type) පිටපත් වැඩි වශයෙන් පැවතීමට ඉඩ ඇති බව අධ්‍යයන මගින් පෙන්නුම් කරයි. සුදු ඇමරිකානුවන්ට (80%) සාපේක්ෂව අප්‍රිකානු ඇමරිකානුවන් (96%) වැඩි කොටසක් තුළ එම ජානය දැකිය හැකි බව අධ්‍යනයක් පෙන්නුම් කර තිබේ.

ඒ තුළ ඉතාමත් වේගයෙන්, ඉහළ මට්ටමින් ශක්තිය වැය කෙරෙන ක්‍රීඩාවලට සහභාගී වීම සඳහා අප්‍රිකානු ඇමරිකානුවන්ට අවස්ථාවක් හිමි කර ගැනීම අතින් සියුම් වාසියක් ලැබී ඇත. නමුත් අප්‍රිකානු ඇමරිකානු ධාවකයන් සහ සුදු තරගකරුවන් සංඛාවේ වෙනස පැහැදිලි කිරීමට එය කෙසේවත් ප්‍රමාණවත් නැත.

එය ජානයක් මත රඳා පවතී නම් සෑම සුදු ධාවකයන් පස් දෙනෙකුටම ඉහළ මට්ටමේ කළු ධාවකයන් හය දෙනෙකු බලාපොරොත්තු වීමට පුළුවන.

මෙය සරල විශ්ලේෂණයක් බව පවසන ආචාර්ය රදර්ෆර්ඩ්, නමුත් එය ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දක්නට ඇති වාර්ගිකත්වය මත පදනම් වූ ස්ථාපිත ආදර්ශ සමග ජාන සමපාත නොවන බව පෙන්වීමට හොඳ උදාහරණයක් බව සඳහන් කළේය.