"ජාතිවාදය, ආගම් වාදය බංකොලොත් දේශපාලනඥයන්ට ඔක්සිජන්"

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදුදහමට ප්‍රමුඛ ස්ථානය ලබා දෙමින් කෙටුම්පත්වී ඇති වගන්තිය ඉවත් කරන ලෙස කිසිම අන්‍යාගමිකයකු ඉල්ලීමක් කර නොමැති බව අධිකරණ ඇමතිවරයා පවසයි.
එබැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත්කිරීමේදී බෞද්ධාගමට ලබා දී ඇති ස්ථානයේ කිසිදු වෙනසක් සිදු නොවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (දෙසැ. 08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
"මේ රටේ බෞද්ධාගම සංරක්‍ෂණය කරනවා, පෝෂණය කරනවා, ප්‍රමුඛස්ථානය දෙනවා කියන වගන්තිය වෙනස් වන්නේ නැහැ. මොකද, එහෙම වෙන්න ඕනෙයි කියල මේ රටේ වෙනත් ආගමක් අදහන කිසිම කෙනෙක් එහෙම ඉල්ලන්නෙත් නැහැ." යනුවෙන් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
"ඔක්සිජන් ටික ගියොත්?"

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ ඇතැම් දේශපාලකයන් තමන්ගේ පැවැත්ම උදෙසා ජාතිවාදය සහ ආගම්වාදය ඇතිකරමින්, මෙතෙක් කෙටුම්පත් කර නොමැති ව්‍යවස්ථාව පිළිබඳව සාවද්‍ය ප්‍රකාශ කරමින් සිටින බවය.
"අපි තවම අකුරක්වත් කෙටුම්පත් කර නැති ව්‍යවස්ථාවක් ගැන මෙවැනි විවේචන ඉදිරිපත් කරනවා. කාටද මේ උවමනාව තියෙන්නේ? මේ උවමනාව මේ රටේ කාටවත් නැහැ. සමහර බංකොලොත් දේශපාලනඥයන්ට මේ ආගම් වාදය, ජාතිවාදය තමන්ගේ පැවැත්ම සඳහා තියෙන ඔක්සිජන් එක. මේ ඔක්සිජන් ටික ගියොත් එහෙම පැවැත්මක් නැහැ." අධිකරණ ඇමතිවරයා පැවසීය.






