ඉරාකය, ඇමෙරිකානු හමුදා පිටමං කිරීමේ යෝජනාවක් සම්මත කරයි

ඡායාරූප මූලාශ්‍රය, EPA
සියරටේ රැඳී සිටින විදේශ හමුදා ඉවත්ව යායුතු බව පැවසෙන යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් සම්මත කරනු ලැබීය.
එම යෝජනාව සම්මත කරන ලද්දේ, ඉරානයේ හමුදා ප්‍රධානියෙකු වූ ජනරාල් කාසෙම් සුලෙයිමානි(Qasem Soleimani ) පසුගිය සිකුරාදා 'බැග්ඩෑඩ්' ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ අවස්ථාවේ එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් මරා දැමීමෙන් පසුවය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක් පරිදි නියමුවන් නොමැති යානයක් යොදා ගනිමින් එම ප්‍රහාරය එල්ල කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, EPA
විදේශීය හමුදා ඉරාක භූමිය, ගුවන්තලය හෝ ජල තීරය කිසිදු කාරණයක් මත භාවිතයට ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා ලෙසද මන්ත්‍රීවරුන්ගේ ඉහත කී යෝජනාව මගින් ඉල්ලා තිබේ.

ඇමෙරිකානු යුද භටයන් පන්දහසක් පමණ ඉරාකයේ රඳවා ඇත. ඔවුන්ගෙන් වැඩිදෙනා යුද උපදේශකයෝ වෙති.
අසල්වැසි ඉරානයේ හා ඇමෙරිකාවේ මිත්‍ර පාර්ශ්වයක් වශයෙන් තමන් දුෂ්කර අවස්ථාවකට පත්ව ඇති බව ඉරාකයේ අදහසය. දහස් ගණනක ඇමෙරිකානු හමුදාවක් ඉරාක භූමියේ සිටිනුයේ සුන්නි මුස්ලිම් ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) සංවිධානය සමග ඇති දේශ සීමා අරගලය වෙනුවෙන් සහය දීම වෙනුවෙනි.
නමුත්, ඇමෙරිකාව ඉරාන ජෙනරාල්වරයා ඝාතනය කිරීම ඉරාකය විසින් සළකනුයේ සිය ස්වෛරී බව සේම ඉරාකය තුළ සන්ධානගතව සිටීමේ කොන්දේසි උල්ලංඝණය කිරීමක් ලෙසිනි.
කියවන්න;




