හොංකොං රාජ්‍යය චීනයට පැවරීමේ සංවත්සරය ගැටුම්වලින් අවසන් වෙයි

හොංකොං රජ්‍යය චීනයට පැවරීමේ සංවත්සරය ගැටුම්වලින් අවසන් වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති හොංකොං රාජ්‍යය චීනයට පැවරීමේ සංවත්සරය සැමරුවේ හොංකොං පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුමකිනි.

වාර්ෂික ධජ එසවීමේ උත්සවය පැවැත්වෙන ගොඩනැගිල්ලෙන් පිටත දැඩි විරෝධතාවල නිරත වූ විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය ගම්මිරිස් ඉසින සහ බැටන් ප්‍රහාර එල්ල කළේය.

මේ අතර, තවත් විරෝධතාකරුවන් කුඩා කණ්ඩායමක් එම උත්සවය පැවති රජයේ ගොඩනැගිල්ලට කඩා වැදී තිබිණි.

හොංකොං රජ්‍යය චීනයට පැවරීමේ සංවත්සරය ගැටුම්වලින් අවසන් වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මෙය චීනයට පිටුවහල් කිරීමට ඉඩ සලසමින් යෝජනා වී තිබූ මතභේදාත්මක පනතට එරෙහිව පැවති විරෝධතා මාලාවක තවත් එක් විරෝධතාවක් විය.

හොංකොං රජය එම පනත දින නියමයකින් තොරව අත්හිටුවීමට එකඟත්වය පළ කර ඇතත්, විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක වන අතර ප්‍රධාන විධායක කැරී ලැම්ට ඉල්ලා අස් වන ලෙසට බලපෑම් එල්ල වී තිබේ.

හොංකොං රාජ්‍යය චීනයට පැවරීමට එරෙහි විරෝධතා සෑම වසරක ම සිදුවේ. සඳුදා දිනයේදී ද පාගමනක් සහ රැලියක් පැවැත්වීම සඳහා විශාල ජනකායක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, පොලිසිය සංවිධායකයින්ට දැනුම් දී ඇත්තේ, ආරක්ෂක හේතු මත ඔවුන්ගේ විරෝධතා කෙටි කිරීමක් හෝ නතර කරන ලෙසය.

හොංකොං රජ්‍යය චීනයට පැවරීමේ සංවත්සරය ගැටුම්වලින් අවසන් වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

විරෝධතා

ධජ එසවීමේ උත්සවය හොංකොං සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ඒ දැඩි පොලිස් රැකවල් මධ්‍යයේය.

බලධාරීන් පැවසුවේ, විරෝධතාකරුවන් සඳුදා උදෑසන මාර්ග බාධක යොදා මාර්ග අවහිර කළ බවය.

හොංකොං රජ්‍යය චීනයට පැවරීමේ සංවත්සරය ගැටුම්වලින් අවසන් වෙයි

ඡායාරූප මූලාශ්‍රය, EPA

උත්සවය පැවති ගොඩනැගිල්ලෙන් පිටත පොලිසිය සහ සිය ගණනක් විරෝධතාකරුවන් අතර පැය භාගයක පමණ ගැටුම් පැවතිණි.

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය ගම්මිරිස් ඉසින එල්ල කළේය.

හොංකොං රජ්‍යය චීනයට පැවරීමේ සංවත්සරය ගැටුම්වලින් අවසන් වෙයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කළේ, ගැටුම්වලින් පසුව අවම වශයෙන් එක් කාන්තාවකගේ හිසෙන් ලේ ගලමින් තිබෙනු දක්නට ලැබුණු බවය.

පොලිසිය නිවේදනය කළේ, විරෝධතාකරුවන්ගේ "නීතිවිරෝධී ක්‍රියා" හෙළා දකින බවය. අවට ගොඩනැගිලි පරිශ්‍රවල තිබී විරෝධතාකරුවන්ගේ යකඩ මුගුරු සහ තවත් දේ සොයා ගත් බවය.

මේ අතර, විරෝධතාකරුවන් හඳුනා නොගත් දියරයකින් පහර දීමෙන් පසුව පොලිස් නිලධාරීන් 13 දෙනෙකු රෝහල්ගත කළ බව පසුව ආරක්ෂක අංශ නිවේදනය කළේය. ඔවුන් පැවසුවේ, ඇතැම් නිලධාරීන්ට ස්වසන අපහසුතා ද ඇති වූ බවය.

හොංකොං නායිකාව කී දේ

ධජ එසවීමේ උත්සවය අමතමින් හොංකොං නායිකා කැරී ලැම් පැවසුවේ, තමන් මහ ජනතාවට ඇහුම්කන් දීමට වැඩි කාලයක් ගත කරන බවය.

හොංකොං රජ්‍යය චීනයට පැවරීමේ සංවත්සරය ගැටුම්වලින් අවසන් වෙයි

ඡායාරූප මූලාශ්‍රය, EPA

"මම මෙයින් පාඩමක් ඉගෙන ගන්නවා. ඉදිරියේදී ප්‍රජාවගේ අදහස් සහ අපේක්ෂාවලට ප්‍රතිචාර දක්වමින් ඔවුන් සමග සමීපව කටයුතු කරනවා," ඇය පැවසීය.

ඇය සිය පිටුවහල් නීතිය සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් ජූනි 18 වන දා ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව ප්‍රසිද්ධියේ පෙනී සිටි ප්‍රථම අවස්ථාව මෙය විය .

හොංකොං වැසියන් විරෝධතාවල නිරත වන්නේ ඇයි?

අතීතයේ බ්‍රිතාන්‍ය ජනපදයක්ව පැවති හොංකොං රාජ්‍යය 1997 වසරේ සිට චීනයේ කොටසක් බවට පත්වූයේ, "එක් රටක්, ක්‍රම දෙකක්" යන ප්‍රතිපත්තිය යටතේය. ඒ අනුව, හොංකොං රාජ්‍යයට අධිකරණ ස්වාධීනත්වය ඇතුළු නිදහසක් හිමි විය.

පිටුවහල් කිරීමේ පනත මගින් එම නිදහස සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නැගිණි.

විවේචකයින් අනතුරු ඇඟවූයේ, එම පනත හරහා හොංකොං රාජ්‍යය චීනයේ පාලනයට නතු විය හැකි බවටය.

තවදුරටත් කියවන්න.