ඊෂා අම්බානි: ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයාගේ දියණියගේ උත්කර්ෂවත් විවාහය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දියාවේ අවධානය දිනා ගත් බොලිවුඩ් තරු විවාහ දෙකකින් පසු යළිත් නිළියක නොවන තරුවක උත්කර්ෂවත් විවාහ උත්සවයක් යෙදී තිබේ. එම විවාහය ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ ය.
ඊෂා අම්බානි විවාහ වනුයේ, තවත් ඉන්දීය ධන කුවේරයෙකුගේ පුත්‍රයෙකු වන ආනන්ද් පිරමාල් සමගය. එම විවාහය දෙසැම්බර් 12 වන දා උදයිපූර්හිදී අතිඋත්කර්වත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පසුගිය සති අන්තයේදී විවාහයට පෙර සංගීත උත්සවයක් සංවිධානය කර තිබිණි.
මෙම උත්සවයට අමෙරිකාවේ හිලරි ක්ලින්ටන්, බොලිවුඩ් තාරකාවන් මෙන් ම පොප් ගායිකා බියොන්සේ ද සහභාගි වූහ.

ඡායාරූප මූලාශ්‍රය, INSTAGRAM/BEYONCE
ඉන්දියාවේ තරගයට මෙන් පැවැත්වෙන වැඩි අවධානයක් දිනාගත් උත්කර්ෂවත් මංගල උත්සව අතර මෙම උත්සවය ඉහළින් ම පවතිනු ඇත.
අම්බානි පවුල පසුගිය දා පැවති බොලිවුඩ් තාරකා යුවළක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිංගේ මංගල උත්සවයට ද සහභාගි වූහ.
මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානි, ප්‍රියංකා චොප්රා සහ අමෙරිකානු ගායක නික් ජෝනාස්ගේ විවාහ උත්සවයේ දෙවන මනාලිය ලෙස සහභාගි වූවාය.
ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ දියණියගේ විවාහ උත්සවය බදාදා පැවැත්වෙන අතර එම උත්සවයේ උත්කර්ෂය සති අන්තයේ සිට ආරම්භ විය.
මෙම මංගල උත්සවය ඉන්දියාවේ ධනවත් ම සහ උත්කර්ෂවත් ම විවාහ උත්සවයක් වනු ඇති අතර, ඊට හිලරි ක්ලින්ටන්, මාධ්‍ය ලෝකයේ දැවැන්ත චරිතයක් වන අරියානා හෆින්ටන්, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් සහ ඉන්දීය කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ලක්ෂ්මී මිත්තල් ද ආරාධනා ලැබ සිටිති.
මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි මංගල උත්සවයේ ආරාධිතයින් රැගෙන ඒම සඳහා වෙන් කර තිබූ ගුවන් යානා සංඛ්‍යාව 100කට අධිකය.
පොප් ගායිකා බියොන්සේ ඉරිදා රාත්‍රියේ පැවති සංගීත් උත්සවයේදී ගීත කිහිපයක් ද ගායනා කර තිබේ.
ඇය ඒ සම්බන්ධයෙන් සිට ඉන්ටග්‍රෑම් පිටුවෙහි ද ඡායාරූපයක් පළ කරමින් අදහස් පළ කර තිබිණි.
මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Instagram post
ඇය එම උත්සවයට සහභාගි කරවා ගැනීමට ගෙවන ලද මුදල මාධ්‍යයට හෙළි කර නොමැත.
රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්හි කළමනාකරණ අධ්‍යක්ෂවරයා වන මුකේෂ් අම්බානිගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 47කි.








