ප්‍රියංකා චොප්රාගේ මංගල වේලය දෙස ලෝකයේම ඇස

බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා, ඉතා සංකීර්ණ නිර්මාණයක් වූ ඇගේ මංගල ඇඳුම ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇත.

36 වියැති බොලිවුඩ් නිළි ප්‍රියංකා 26 හැවිරිදි ඇමෙරිකානු ගායක නික් ජොනාස් සමග පසුගිය සති අන්තයේ රාජස්ථාන් ප්‍රාන්තයේදී විවාහ වූවාය.

රැල්ෆ් ලෝරන් නිර්මාණය කළ මංගල ඇඳුමට මිලියන දෙකකට අධික මුතු අමුණා තිබුණු නමුත්, මංගලෝත්සවයේ අවධානය දිනා ගත්තේ අඩි 75 ක් දිගැති ඇයගේ මංගල වේලයයි.

බොහෝ කතාබහට ලක්වූ ආදර සම්බන්ධයකින් අනතුරුව ප්‍රියංකා සහ නික් ජොනාස් පසුගිය ග්‍රීෂ්ම ඝෘතුවේදී විවාහ ගිවිස ගත්හ.

මේ ගැනත් කියවන්න:

බලාපොරොතු විය හැකි ලෙස ම, ඇයගේ වේලය පිළිබඳව අන්තර්ජාලයේ බොහෝ ඉඩකඩක් වෙන්වී තිබේ.

එසේම, සමහර අය තරමක සිත් ඇදගන්නා සුළු සැසඳීම් පවා කර තිබෙනු දැකිය හැකිය.

තවත් පුවත්:

ප්‍රියංකා, රැල්ෆ් ලෝරන් අතින් නිම වූ මංගල වේලය, ජොද්පුර් නගරයේ පිහිටි උමෙයිඩ් භවන් මන්දිරයේ (Umaid Bhawan Palace) තණ නිල්ල මත මුදා හැරියාය.

දින තුනක් පුරා පැවති යුවලගේ මංගලෝත්සවයට, සාම්ප්‍රදායික හින්දු විවාහයක් ද ඇතුළත් වූ අතර, එහිදී යුවල නැවතත් ආගමානුකකූලව විවාහ ගිවිස ගත්හ.

තමන්ගේ විවාහය "ආගමික කවලමක්" බව, ප්‍රකට 'පීපල්' සඟරාවට අදහස් දක්වමින් චොප්රා පැවසුවාය.

"අපි දෙදෙනාම වැඩුණු විසිතුරු ආගමික සංස්කෘතිය අපට ගැලපෙන අයුරින් මේ සඳහා යොදා ගත්තා."

තමන් දෙදෙනා 2016 වසරේ සැප්තැම්බරයේ සිට අදහස් හුවමාරු කරගත් බවත් ඇය සඟරාවට පවසා තිබේ.

ඔවුන් දෙදෙනාම 2017 වසරේ තිබූ 'Met Gala' විලාසිතා දැක්මට එක් වූ අතර, ඒ සඳහා දෙදෙනාගේ ම ඇඳුම් නිර්මාණය කර තිබුණේ, ප්‍රියංකාගේ මංගල ඇඳුම නිර්මාණය කළ රැල්ෆ් ලෝරන් ය.

කෙසේ වෙතත්, එම විලාසිතා දැක්මෙන් අනතුරුව ඔවුන්ගේ ආදර අන්දරය පුවත් මැවීය.

ප්‍රියංකා චොප්රා බොලිවුඩ් සිනමාවේ ඉහළම මිලක් ලබන නිළියක් වන අතර, 2000 වසරේ ලෝක රූ රැජින ලෙස ද කිරුළු පැළඳුවාය