ලන්ඩන් වටේ රියැදුරන් නැති ටැක්සියක ගමනක් තවත් වසර 3 කින්

ඡායාරූප මූලාශ්‍රය, ADDISON LEE
රියැදුරෙකුගෙන් තොර කුලී රථයක යන ගමනක් පිළිබඳව ඔබට විශ්වාසය තැබිය හැකි ද?
ලන්ඩන් නගරයේ ක්‍රියාත්මක Addison Lee ටැක්සි සමාගමේ විශ්වාසය වී ඇත්තේ, තවත් වසර 3කදී සිය ගනුදෙනුකරුවන් ඒ සඳහා සූදානම් විය යුතු බවය.
Oxbotica නමැති ස්වයං-ධාවන මෘදුකාංග සමාගම සමග එක්ව 2021 වසරේදී ලන්ඩන් නගරය තුළ රියැදුරන් නොමැති ටැක්සි සේවාවක් සැපයීමට අදාල සමාගම සූදානමින් සිටී.
Addison Lee සමාගම පවසන්නේ, Oxbotica සමාගම සමග එක්ව ලන්ඩන් නගරයේ මාර්ග පද්ධතිය ඩිජිටල් තාක්ෂණය යටතේ සිතියම් ගත කිරීම් ආරම්භ කර ඇති බවය. එම ඩිජිටල් මාර්ග සිතියම්වල මාර්ග බාධක, මාර්ග සලකුණු සහ ආලෝක සංඥා සම්බන්ධ දත්ත ඇතුළත් කෙරෙනු ඇත.
මේ ගැනත් දැනගන්න:
රියැදුරන් නොමැති ටැක්සි සේවාවට අමතරව පාසල්, කාර්යාල, ගුවන් තොටුපොළ ආදී ස්ථාන වෙත මගීන් ගෙන යාම සඳහා බස් සේවාවක් ද අරඹන බව සමාගමේ Addison හිමිකරු ඇන්ඩි බෝලන්ඩ් පවසයි.
ඔහු සඳහන් කළේ, තාක්ෂණය භාවිත කිරීමෙන් "දුෂ්කර ලිපිනයන් සොයා ගැනීම, ඉඩකඩ ඇති රථ ගාල් සොයා ගැනීම සහ නාගරික වායු දූෂණය අවම කිරීම," ආදී ප්‍රයෝජන රැසක් හිමි වන බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වසර 2035 වන විට රියැදුරන් නොමැති වාහන කර්මාන්තයේ ආයෝජනය ස්ටර්ලිං පවුම් බිලියන 28 ක් දක්වා ඉහළ යනු ඇතැයි අනාවැකි පළ කර තිබේ.
රියැදුරන් නොමැති වාහන භාවිතයෙන් අනාගතයේදී රිය අනතුරු අවම වනු ඇති බවට මෝටර් රථ කර්මාන්තයේ දැවැන්තයින් පවසා ඇත.
මේ වන විට, Ford, General Motors, Mercedes-Benz සහ Bosch වැනි මෝටර් රථ නිෂ්පාදන සමාගම් ස්වයං-ධාවන මෝටර් රථ නිෂ්පාදනය වෙනුවෙන් ආයෝජනය කර ඇත.
කෙසේ වෙතත්, තාක්ෂණය සූදානම් වීමට පෙර එය භාවිතයට ගැනීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් ද පවතී.
ස්වයං-ධාවන මෝටර් රථයක් හේතුවෙන් සිදුවූ මාරාන්තික රිය අනතුරක් නිසා මෙම වසර මුලදී, අමෙරිකාවේ සහ කැනඩාවේ සියලු නගර ආශ්‍රිතව කළ අත්හදා බැලීම් අත්හිටුවීමට Uber සමාගම පියවර ගත්තේය.
තවත් පුවත්:










