සෙල්ෆි මරණ: 'ඉන්දියාව ඉදිරියෙන්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අනතුරුදායක සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් වසර 2011 සිට 2017 කාලය ඇතුලත 259 දෙනෙකු මරුමුවට පත්ව ඇතැයි 2018 වසරේ ගෝලීය අධ්‍යනයකින් හෙළි වී තිබේ.
මරණ අවම කිරීම සඳහා අනතුරුදායක ස්ථාන තුළ 'සෙල්ෆි තහනම් කලාප' හඳුන්වා දිය යුතු බව ඇමරිකාවේ 'නැෂනල් ලයිබ්‍රරි ඔෆ් මෙඩිසින් (National Library of Medicine)' ආයතනයේ පර්යේෂකයෝ නිර්දේශ කරති.
වැඩි වශයෙන් මරණ සිදුව ඇති කඳු මුදුන්, උස් ගොඩනැගිලි සහ විල් එවැනි ස්ථාන අතර වෙයි.
දියේ ගිලීම, මාර්ග අනතුරු සහ ලිස්සා වැටීම් මරණවලට වැඩි වශයෙන් හේතු වී තිබේ.
ඊට අමතරව සතුන්, විදුලිසැර, ගිනි ගැනීම් සහ ගිනි අවි මගින් ද අනතුරු සිදුවන බව ලොව නන්දෙසින් වාර්තා වේ.
දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත පැමිණෙන නරඹන්නන් බැබුන්, වඳුරන් සහ රිලවුන් ඉදිරියේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් ජංගම දුරකථන 100 ආසන්න සංඛ්‍යාවක් එම සතුන් අතට පත්ව ඇති බව සත්වෝද්‍යාන බලධාරීහු මීට ඉහතදී බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
මේ වසරේ ජුලි මස ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි කඳු මුදුනකදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය 19 හැවිරිදි තරුණයෙකු ඉන් පහළට වැටී මරණයට පත්විය.
පසුගිය සැප්තැම්බරයේ කැලිෆෝනියාවේ යොසෙමයිට් ජාතික උද්‍යානයේදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය ටෝමර් ෆ්‍රැන්ක්ෆටර් නමැති අයෙකු මීටර 250 ප්‍රපාතයකට වැටී මරණයට පත්ව තිබේ.
අදාළ අධ්‍යයනය සම්පාදනය කිරීම සඳහා ඉහත කී ආකාරයේ වාර්තා විශ්ලේෂණය කර ඇත.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
සෙල්ෆි ඡායාරූප හා සම්බන්ධ මරණ වැඩි වශයෙන්ම වාර්තා වී ඇත්තේ ඉන්දියාව, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ පාකිස්තානය යන රටවලිනි. වාර්තාවලට අනුව මරණයට පත් පුද්ගලයන්ගෙන් 72.5% පුරුෂයන්ය.
විකිපීඩියා පිටු සහ ට්විටර් මගින් මීට ඉහතදී සම්පාදනය කර ඇති අධ්‍යයන වාර්තා මගින් ඒ පිළිබඳ නිවැරදි ප්‍රතිඵල ලබා දී නැති බව පර්යේෂකයෝ පවසති.
එමෙන්ම සෙල්ෆි ඡායාරූප හා සම්බන්ධ මරණ ඉහළ යමින් පවතින බව නව අධ්‍යයනය මගින් පෙන්නුම් කරයි.
2011 වසරේ දී සෙල්ෆි ඡායාරූප හා සම්බන්ධ මරණ 3ක් පමණක් වාර්තා වී ඇති නමුත් 2016 වනවිට එම සංඛ්‍යාව 98 දක්වා ඉහළ ගොස් තිබේ. 2017 වසරේ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 93 කි.
සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදුව ඇති සැබෑ මරණය සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි සංඛ්‍යාවක් විය හැකි බව පර්යේෂකයෝ පවසති.
සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටින අතරතුර සිදු වූ මරණ සඳහා හේතුව ලෙස මාර්ග අනතුරු යයි සඳහන් කිරීම ඊට උදාහරණ වශයෙන් අධ්‍යයන වාර්තාවේ දක්වා ඇත.
"සෙල්ෆි මරණ අඩු වශයෙන් වාර්තා කිරීම ඊට හේතු වී ඇති බව විශ්වාස කෙරෙනවා. සැබෑ ගැටලුවට විසඳුම් සෙවිය යුතුයි," එහි සඳහන් වේ.
"මේ ගැටලුවේ සැබෑ ප්‍රමාණය අවතක්සේරු කර තිබෙනවා. සෙල්ෆි මරණ සඳහා බලපා ඇති සැබෑ හේතු පිළිබඳ තක්සේරුවක් කිරීම වැදගත්. ඒ අනුව සුදුසු මැදිහත්වීමක් සිදු කළ හැකියි,"









