ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාව: නියමුවාට යානයේ පීඩන පාලනය 'අමතක' වීමෙන් ජෙට් එයාවේස් ගුවන් යානයක හදිසි අවස්ථාවක්
ගුවන් යානයේ පීඩන ස්විචය ක්‍රියාත්මක කිරීමට නියමුවන්ට 'අමතක' වීම හේතුවෙන්, ඉන්දීය මගීන් තිස්දෙනෙකුට වැඩි පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බව නිලධාරීහු පවසති.
ඇතැම් මගීන්ගේ නාසයෙන් සහ කන්වලින් ලේ ගලමින් තිබිණ.
'ජෙට් එයාවේස්' ගුවන් සේවයට අයත් 9W 697 යානය මුම්බායි සිට ජායිපුර් දක්වා පියාසර කිරීමට නියමිත වූ නමුත් ගුවන්ගත වීමෙන් සුළු මොහොතකින් ආපසු ගොඩබැස්සවීමට සිදුවිය.
යානයේ හදිසි ඔක්සිජන් සැපයුම් ක්‍රියාත්මකවන අයුරු ට්විටර් ජාලය ඔස්සේ මගීන් විසින් නිකුත් කරන ලද වීඩියෝ පණිවුඩවල දක්නට ලැබිණ.
මගින් 166 ක් රැගත් බෝයින් 737 යානය ආරක්ෂාකාරීව නැවත ගොඩබාන ලදී.
පරීක්ෂණ කටයුතු වෙනුවෙන් නියමු කුටියේ නිලධාරීන් සේවයෙන් ඉවත්කළ බව ගුවන් සේවා පිළිබඳ අමාත්‍යාංශය පැවසීය.
තමන් ඔක්සිජන් සැපයුම පැළඳ සිටින ඡායාරූපයක් ට්විටර් සමාජ මාධ්‍යයට නිකුත් කරමින් සතිෂ් නයිර් නම් පුද්ගලයෙක් ගුවන් සේවය, "මගීන්ගේ ආරක්ෂාව මුළුමනින් ම නොසළකා හැරියා," යනුවෙන් චෝදනා කර තිබුණි.
යානයේ පීඩන පාලන ස්විචය ක්‍රියාත්මක කිරීමට කාර්ය මණ්ඩලයට අමතකවී තිබෙන බව, ඉන්දියාවේ ගුවන් ගමන් නියාමනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වූ ලලිත් ගුප්තා හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.
"ගුවන් යානයේ පීඩනය නොමැති වීම" හේතුවෙන් යානයට නැවත හැරවීමට සිදුවූ බවත් මගීන්ට සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් "කනස්සල්ලට" පත්වන බවත් බ්‍රහස්පතින්දා (සැප්. 20) නිවේදනයක් නිකුත් කරමින් ජෙට් ගුවන්සේවය ප්‍රකාශ කළේය.
"මගින් 166 ක් සහ කාර්ය මණ්ඩලයේ 5 ක් රැගත් B737 යානය සාමාන්‍ය පරිදි මුම්බායි ගුවන් තොටුපළේ ගොඩබස්සන ලදී. සියලුම මගින් ආරක්‍ෂා සහිතව යානයෙන් පිටතට ගෙන පර්යන්තය වෙත ගෙනයන ලදී. කන් කැක්කුම, නාසයෙන් ලේ ගැලීම වැනි කාරනා සම්බන්ධයෙන් පිඩා විඳි මගින් කීපදෙනෙක්ට ප්‍රථමාධාර ලබා දෙන ලදී," යනුවෙන් ද එම නිවේදනයේ සඳහන්වේ.
තවත් පුවත්: