චීනයෙන් හමුවූ ඩයිනසෝර් පොසිල නව සුපිරි මහද්වීපයක කතාවක් කියයි

මෑතකදී සොයා ගන්නා ලද ඩයිනෝසරයන් මගින් චීන 'භූ විද්‍යා ඉතිහාසය' නැවත ලියවීමට හැකියාව ලැබී ඇත.

විශාල දිගු ගෙලක් සහිත ඩයිනසෝරයන් අයත් සොරෝපොඩ් පවුලට එක්වුනු, ලින්වුලොන්ග් ශේන්කි (Lingwulong shenqi) නම් මෙම ඩයිනසෝරයා වසර මිලියන 174 ක් ඉහත උතුරු චීනයේ ජීවත්ව තිබේ.

මේ කාලය වනවිට නැගෙනහිර ආසියාව පැන්ජීයා (Pangaea) සුපිරි මහද්වීපයෙන් වෙන්ව තිබූ බව සැලකේ. නමුත් 'Lingwulong' ඩයිනසෝරයා එය එසේ නොවුණු බවට සාක්ෂ්‍යයක් ද විය හැකිය.

බ්‍රොන්ටසෝරස් (brontosaurus), ඩිප්ලොඩොකස් (diplodocus) සහ බ්‍රාකියසෝරස් (brachiosaurus) වැන්නන් අයත්වන නියොසොරපොඩ් (neosauropods) උප විශේෂයේ කොටසක් වන ලින්වුලොන්ග් (Lingwulong) කිසිසේත්ම හමුවිය නොහැකි ප්‍රදේශයකින් හමුවී තිබේ. එනම් උතුරු චීනයෙනි. ඒ, එම විශේෂයේ අනෙකුත් සියලුම ඩයිනසෝරයන්ට වඩා වසර මිලියන පහළොවකට පෙරය.

මේ පිළිබඳ අධ්‍යයනයේ කතුවරයෙක්වූ ලන්ඩන් ඉම්පීරියල් විද්‍යායතනයේ ආචාර්ය පිලිප් මැනියන් (Philip Mannion) මෙය "අතිශයින්ම අපේක්ෂා නොකළ" දෙයක් ලෙස විස්තර කර තිබේ.

"මේ සතා එම උප විශේෂයේ පැරණිතම සත්ත්වයා වීම පමණක් නොවේ ආසියාවෙන් ම පළවෙනියා. ජුරාසික් යුගයේ නියොසොරපොඩ් ආසියාවට නොපැමිණි බව දීර්ඝ කාලයක් තිස්සේ විශ්වාස කළා" ඔහු බීබීසී සමග පැවසීය.

ඒ කාලය වනවිට පැන්ජියා කොටස් ලෙස වෙන්වීම ඇරඹුණා පමණි. රතු මුහුද වැනි, එහෙත් ඊට වඩා විශාල මුහුදක්, චීනය දැන් පවතින ආකාරයට සුපිරි මහද්වීපයෙන් වෙන් කරන්නට ඇති බව විශ්වාස කෙරේ. ඒ අනුව සතුන්ට අනෙක් ගොඩබිම් වෙත යාම වළකන්නට ඇතැයි සැළකේ.

"නියොසොරපොඩ් එවැනි බාධක ඇතිවීමට ප්‍රථම මෙහි පැමිණි බව මින් යෝජනා කරනවා. නමුත්, මෙම බාධක සමහරවිට දිගුකල් නොපැවති බව භූ විද්‍යාත්මක සාධක පෙන්වාදෙනවා," යනුවෙන් ආචාර්ය මෙනන් පවසයි.

පැන්ජියාවේ අනෙක් කොටස්වල නියොසොරපොඩ් බහුල ලෙස සිටි බව නොසළකා හැරියත්, උතුරු ඇමෙරිකාව, යුරෝපය සහ පෙරදිග අප්‍රිකාව යන කලාපවලින් වර්ෂ මිලියන 160 ට වඩා පැරණි සාධක හමුවී නැත.

ලින්වුලොන්ග් දැන් එම පවුලේ පැරණිම සාමාජිකයා බවට පත්වී තිබේ. එසේම, විවිධාංගීකරණය නැවත මුල් ජුරාසික් වෙතින් රැගෙන ගියහොත් මෙම ඩයිනසෝරයන් පෙර කළ නිගමනයන්ට වඩා පරිනාමයේදී දියුණු තත්ත්වයක පසුවන්නට ඇති බව පෙන්වයි.