ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අහසට අහිමි පියාපත් ඩයිනෝසරයා
වසර මිලියන සිය ගණනකට පෙර මිහිමත විසූ ඩයිනෝසරයන්ගේ පෙනුම පිළිබඳ විවිධ මත පවතී.
අදින් වසර මිලියන 160 කට පෙර විසූ එක් ඩයිනෝසර විශේෂයකට, පක්ෂීන්ට සමාන හැඩයකින් යුත් පාද තිබී ඇති බව පොසිල අධ්‍යයන විද්‍යාඥයෝ පවසති.
පිහාටු සහිත එම විශේෂයට පක්ෂීන්ගේ පියාපත්වලට සමාන බාහු යුගලයක් පිහිටා තිබී ඇති බවත් විද්‍යාඥයන්ගේ මතයයි.
අදාළ ඩයිනෝසර විශේෂයේ හැඩරුව පිළිබඳ සැඟවුණු කරුණු අනාවරණය කර ගැනීම සඳහා විද්‍යාඥයන් විසින් ඉතා ප්‍රබල මට්ටමේ ලේසර් කිරණ යොදා ගත්හ.
වසර කෝටි පහළොවකටත් අධික කාලයකට පෙර විකාශනය වූ බවට විශ්වාස කෙරෙන පියාසර කිරීමේ මූලාරම්භය පිළිබඳ අදහසක් ලබා ගැනීමට එම අධ්‍යයනය උපකාරී වේ.
සන්ධිස්ථානයක්
හොංකොං විශ්වවිද්‍යාලයේ මයිකල් පිට්මන් කියා සිටියේ අදාළ අධ්‍යයනය පක්ෂීන්ගේ මූලාරම්භය පිළිබඳ දැනට පවතින අවබෝධය කෙරෙහි බලපාන සන්ධිස්ථානයක් බවය.
"Anchiornis නමැති පිහාටු සහිත ඩයිනෝසරයෙකුගේ අස්ථි අතර සුරැකිව තිබූ ඇසට නොපෙනෙන ඉතා සියුම් පටක පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීම සඳහා අපි ඉතා ප්‍රබල මට්ටමේ ලේසර් කිරණ යොදා ගත්තා" ඔහු පැවසීය.
පක්ෂීන්ගේ මූලාරම්භය සිදු වූ බවට විශ්වාස කෙරෙන වකවානුවේ එනම් ජුරාසික් යුගයේ අග භාගයේ ඉහත කී ඩයිනෝසර විශේෂය චීනයේ විසූ බව විද්‍යාඥයෝ පවසති.
'Anchiornis' ඩයිනෝසරයන්ට පියාසර කිරීමේ හැකියාව තිබුණේ දැයි යන්න පැහැදිලි නොමැත.