අහසට අහිමි පියාපත් ඩයිනෝසරයා

Anchiornis

ඡායාරූප මූලාශ්‍රය, Julius T. Csotony

ඡායාරූප ශීර්ෂ වැකිය, 'Anchiornis' ඩයිනෝසරයෙක්

වසර මිලියන සිය ගණනකට පෙර මිහිමත විසූ ඩයිනෝසරයන්ගේ පෙනුම පිළිබඳ විවිධ මත පවතී.

අදින් වසර මිලියන 160 කට පෙර විසූ එක් ඩයිනෝසර විශේෂයකට, පක්ෂීන්ට සමාන හැඩයකින් යුත් පාද තිබී ඇති බව පොසිල අධ්‍යයන විද්‍යාඥයෝ පවසති.

පිහාටු සහිත එම විශේෂයට පක්ෂීන්ගේ පියාපත්වලට සමාන බාහු යුගලයක් පිහිටා තිබී ඇති බවත් විද්‍යාඥයන්ගේ මතයයි.

අදාළ ඩයිනෝසර විශේෂයේ හැඩරුව පිළිබඳ සැඟවුණු කරුණු අනාවරණය කර ගැනීම සඳහා විද්‍යාඥයන් විසින් ඉතා ප්‍රබල මට්ටමේ ලේසර් කිරණ යොදා ගත්හ.

වසර කෝටි පහළොවකටත් අධික කාලයකට පෙර විකාශනය වූ බවට විශ්වාස කෙරෙන පියාසර කිරීමේ මූලාරම්භය පිළිබඳ අදහසක් ලබා ගැනීමට එම අධ්‍යයනය උපකාරී වේ.

line

සන්ධිස්ථානයක්

The wing of the dinosaur

ඡායාරූප මූලාශ්‍රය, Wang XL, Pittman M et al. 2017

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩයිනෝසරයාගේ අත්තටුවක්

හොංකොං විශ්වවිද්‍යාලයේ මයිකල් පිට්මන් කියා සිටියේ අදාළ අධ්‍යයනය පක්ෂීන්ගේ මූලාරම්භය පිළිබඳ දැනට පවතින අවබෝධය කෙරෙහි බලපාන සන්ධිස්ථානයක් බවය.

"Anchiornis නමැති පිහාටු සහිත ඩයිනෝසරයෙකුගේ අස්ථි අතර සුරැකිව තිබූ ඇසට නොපෙනෙන ඉතා සියුම් පටක පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීම සඳහා අපි ඉතා ප්‍රබල මට්ටමේ ලේසර් කිරණ යොදා ගත්තා" ඔහු පැවසීය.

line
line

පක්ෂීන්ගේ මූලාරම්භය සිදු වූ බවට විශ්වාස කෙරෙන වකවානුවේ එනම් ජුරාසික් යුගයේ අග භාගයේ ඉහත කී ඩයිනෝසර විශේෂය චීනයේ විසූ බව විද්‍යාඥයෝ පවසති.

'Anchiornis' ඩයිනෝසරයන්ට පියාසර කිරීමේ හැකියාව තිබුණේ දැයි යන්න පැහැදිලි නොමැත.