වුලී මැමත් මිහිමතින් තුරන් වූයේ ඇයි?

Woolly mammoth

ඡායාරූප මූලාශ්‍රය, SPL

ඡායාරූප ශීර්ෂ වැකිය, මිහිමත විසූ අවසන් මැමත් පරපුරේ ඩීඑන්ඒ අණුවල දැඩි දෝෂ හට ගැනීම හේතුවෙන් ඔවුන් මරණයට පත්ව ඇතැයි සිතිය හැකි බව විද්‍යාඥයෝ පවසති

අලි ඇතුන්ගේ මුතුන් මිත්තන් ලෙස සැලකෙන වුලී මැමත් මිහිමතින් තුරන් වීමට බලපෑ හේතු කාරණා පිළිබඳ විවිධ මත පවතියි.

මිහිමත ජීවත් වූ වුලී මැමත් පරපුරේ අවසන් පුරුකට අයත් සතුන් බරපතල ජානමය රෝගාබාධවලින් පීඩා විඳ ඇති බව ඒ සම්බන්ධයෙන් සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

එම ජාන විකෘතිය හේතුවෙන් මැමත් සතුන්ගේ ගඳ සුවඳ දැනීමේ සංවේදනය අහිමිව ඇති අතර ඔවුන් එකිනෙකාගෙන් වෙන්ව හුදකලාව විසීමට හුරු වී ඇති බවත් විද්‍යාඥයෝ පවසති.

අධ්‍යයනයෙන් හෙළිව තිබෙන පරිදි මැමත් සද්දන්තයන්ගේ සම මතුපිට වූ අමුතු ආකාරයේ දිලිසෙන ලෝම ඇති වීමට ද බලපා ඇත්තේ එම ජාන විකෘතියයි.

වසර හාරදහසකට පෙර

line
Woolly mammoth

ඡායාරූප මූලාශ්‍රය, SPL

ඡායාරූප ශීර්ෂ වැකිය, හිම යුගයේ (Ice Age) අවසන් අවදියේ මිහිමත විසූ වුලී මැමත් වසර හාරදහසකට ඉහතදී මිහිමතින් තුරන් විය

විද්‍යාඥයන් ඉහත කී නිගමනවලට එළඹ ඇත්තේ මැමත් සතුන්ගේ ඩීඑන්ඒ ජාන කොටස් පිළිබඳව කරනු ලැබූ විශ්ලේෂණයකින් අනතුරුවය.

මිහිමත විසූ අවසන් මැමත් පරපුරේ ඩීඑන්ඒ ජානවල ප්‍රබල විකෘති හටගැනීමෙන් අනතුරුව ඔවුන් මරණයට පත්ව ඇතැයි සිතිය හැකි බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.

දැනට මිහිමත වෙසෙන සත්ව විශේෂ සංරක්ෂණය කර ගැනීම සඳහා ගනු ලබන උත්සාහයට ඉහත කී සොයා ගැනීම් ඉවහල් විය හැක.

කඳුකර ගෝරිල්ලන්

line
Mountain gorilla

ඡායාරූප මූලාශ්‍රය, SPL

ඡායාරූප ශීර්ෂ වැකිය, වාස භූමි අහිමි වීම, දඩයම් කිරීම, රෝග සහ යුද ගැටුම් වඳ වීමේ අවදානමට මුහුණ දී සිටින කඳුකර ගොරිල්ලන් ගහනයට තර්ජනයක් වී ඇත

දැනට වනගතව වෙසෙන ආසියානු චීටා සතුන් ප්‍රමාණය සියයක් තරම් අඩු සංඛ්‍යාවක්වන අතර කඳුකර ගොරිල්ලා ගහනය තුන්සියයක් පමණවන බව ඇස්තමේන්තු කොට තිබේ.

එම අගය මීට වසර හාරදහසකට පමණ ඉහත, උත්තරධ‍්‍රැවය ආශ්‍රිත 'Wrangel'දූපතේ විසූ අවසන් මැමත් ගහනයට සමාන බව විද්‍යාඥයෝ පවසති.

line
line

අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධානී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෙබෙකා රොජර්ස් කියා සිටියේ මැමත් සතුන් මිහිමතින් වඳ වී යෑමට පෙර ඔවුන්ගේ ජාන විකෘති වී ඇති බවය.

වසර හාරදහසකට පෙර විසූ මැමත් සතුන්ගේ ජාන විකෘති විශ්ලේෂණය කිරීම සඳහා විද්‍යාඥයෝ මෙයින් වසර හතළිස් පන්දහසකට පෙර විසූ මැමත් සතුන්ගේ ජාන සංසන්දනය කළහ.

වුලී මැමත් කලක් උතුරු ඇමරිකාවේ සහ සයිබීරියාවේ සුලබව විසූ සත්ව විශේෂයකි.

පාරිසරික සාධක සහ වසර දස දහසකට පෙර විසූ මිනිසුන්ගේ දඩයම් හේතුවෙන් වුලී මැමත් සත්වයා මිහිමතින් තුරන් වූ බව විද්‍යාඥයන්ගේ මතයයි.

වසර හාරදහසකට පෙර විසූ අවසන් මැමත් පරපුර කුඩා දූපත්වලට සීමා විය.