'අවිනීත' ඇඳුම නිසා සෞදි අරාබියේ රූපවාහිනී නිවේදිකාවට එරෙහිව පරීක්ෂණ

Saudi Women Rights

ඡායාරූප මූලාශ්‍රය, AL AAN TV

ඡායාරූප ශීර්ෂ වැකිය, ෂිරීන් අල්-රිෆායි (Shireen al-Rifaie)

සෞදි කාන්තාවන්ගේ රියදුරු බලපත්‍ර තහනම ඉවත් කිරීම පිළිබඳ රූපවාහිනියේ වාර්තා කරන අවස්ථාවේදී "නුසුදුසු" ඇඳුමකින් සැරසී සිටියා යැයි චෝදනා එල්ලවී සිටින වාර්තාකාරිනියකට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට සෞදි බලධාරීන් කටයුතු කරමින් සිටී.

ෂිරීන් අල්-රිෆායි (Shireen al-Rifaie) එළිමහනේ වාර්තා කිරීමේ යෙදී සිටියදී ඇය ඇඟලා සිටි අබායා ලිහිල් ඇදුම සුළඟට හසුවී ඉදිරියෙන් විවෘත වීම නිසා යටින් ඇඳ සිටි වස්ත්‍ර නිරාවරණය විය.

මෙම වීඩියෝ දර්ශනය අන්තර්ජාලයේ විශාල වශයෙන් සංසරණය වූ අතර, ෂිරීන් අල්-රිෆායි බොහෝ පුද්ගලයන්ගේ විවේචනයට ලක් වී තිබේ. ඇයට එරෙහිව අරාබි භාෂාවෙන් "රියාද්හි_නිර්වස්ත්‍ර_කාන්තා_රියදුරු" යන තේරුම ඇති හැෂ්ටැගයක් ද නිර්මාණය කර තිබෙනු දක්නට ලැබේ.

ඩුබායි කේන්ද්‍රකොටගත් අල් ආන් රූපවාහිනී මාධ්‍ය ආයතනයේ වාර්තාකාරිනියක් වන අරාබි ජාතික ෂිරීන් අල්-රිෆායි මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන්නීය.

සෞදි අරාබියේ රාජකීය පවුල සහ එහි ආගමික සංස්ථාව සුන්නි ඉස්ලාම් දහමේ දැඩි ස්වරූපයක් ඇති වාහබ්වාදයට අනුගතව තිබේ.

දශක ගණනාවක් පුරා සෞදි කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක වෙමින් පවතින අතර, නිවසින් බැහැරට යන විට අබායා ඇඳුමෙන් සැරසීමට සහ මුස්ලිම් ආගම අදහන්නන් නම් හිස ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බව බලධාරීහු දන්වා සිටිති.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

එහෙත් මාර්තු මාසයේ දී තරුණ සෞදි කුමරු මොහමඩ් බින් සල්මාන් ප්‍රකාශ කර සිටියේ කාන්තාවන් නිතරම අබායා ඇඳුමෙන් සැරසී සිටීම අවශ්‍ය නොවන අතර, විනීත ඇඳුමක් ඇඟලා සිටීම ප්‍රමාණවත් බවය.

"ෂරියා (ඉස්ලාමීය නීතිය) නීතියේ ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා කාන්තාවන්, පිරිමින් වගේම ගෞරවනීය, විනීත ඇඳුම්වලින් සැරසිය යුතු බව," ඔහු CBS රූපවාහිනී සේවය වෙත පැවසීය.

"කෙසේ වෙතත් මෙහි දී විශේෂයෙන්ම කළු අබායා හෝ කළු හිස ආවරණයකින් සැරසිය යුතුයි කියන්නේ නැහැ. ගෞරවනීය, විනීත ඇඳුමකින් සැරසීම සම්පූර්ණයෙන්ම කාන්තාව සතු තීරණයක්" යැයි ඔහු තවදුරටත් පැවසුවේය.

Saudi Women Rights
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගියදා සෞදි කාන්තාවන්ගේ රියදුරු බලපත්‍ර තහනම ඉවත් කිරීමත් සමග බොහෝ කාන්තාවන් රියදුරු බලපත්‍ර ලබා ගැනීමට උනන්දු වෙමින් සිටී.

ෂිරීන් අල්-රිෆායි රූපවාහිනී වැඩසටහන තුළ "අවිනීත ඇඳුම් ඇඟලා සිටි අතර, ඇඳුමට අදාළ නීති රෙගුලාසි මෙන්ම උපදෙස් පිළිපැද නැහැ" යැයි සඳහන් කරමින් සෞදි මාධ්‍ය බලධාරීහු අඟහරුවාදා (ජූනි 26) ට්විටර් පණිවිඩයක් නිකුත් කළහ.

"මම විනීත ඇඳුම් ඇඳගෙන ඉන්නේ. මට කියපු දේවල් ගැන සත්‍යය දෙවියන් හෙළි කරයි," තමන්ට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ෂිරීන් අල්-රිෆායි පැවසූ බව Ajel නම් සෞදි පුවත් වෙබ්අඩවියක සඳහන් වේ. ඇය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටව ගොස් ඇති බව ද එම වෙබ් අඩවිය කියා සිටියේය.

මේ තොරතුරුද කියවන්න: