පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන රුසියාවේ සංචාරයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කාල කලාප 11 ක් සහිතව මහාද්වීප දෙකක් පුරා විහිදෙන රුසියාව මෙවර ලෝක පාපන්දු කුසලානයේ සත්කාරත්වය උසුලයි.
සංචාරක පාපන්දු ලෝලීන්ට තර්ග නැරඹීමට අමතරව, මෙම සුවිසල් රටෙහි ලබන්නට තිබෙන අත්දැකීම් බොහෝ විය හැකිය.
21 හැවිරිදි රුසියානු වෘත්තීය පාපන්දු ක්‍රීඩක Robert Fakhretdiමේ සමයේදී පාපන්දු ලෝලීන්ට රුසියාවේ විනෝදවිය හැකි අන්දම පිළිබඳ බීබීසී යට විස්තර කළේය.
රාත්‍රී සමාජය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මොස්කව් නගරයේ බොහෝ සමාජ ශාලා තිබෙනවා."
"එහි ගියොත් ඔබ තනි වෙන්නෙ නෑ."
රුසියානුවෝ පානය කළහැකි උපරිමයට මත්පැන් පානය කිරීමට කැමැත්තක් දක්වති. එමෙන්ම රාත්‍රියේ සමාජශීලී වීමට නම් ප්‍රධාන නගර තෝරා ගත යුතු බව ඔහු පවසයි.
ආහාර පාන

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"ලජ්ජා වෙන්න එපා. ඇවිත් හැම දෙයක්ම රස විඳ බලන්න," රොබට් පවසයි.
ඔහු පවසන පරිදි රුසියාවේ "ජාතික ආහාරය" වන මස් සහිත කෙටි ආහාරයක් වන 'පෙල්මේනි' (Pelmeni) ඔබ අනිවාර්යයෙන්ම රස බැලිය යුතුයි.
බීට් රූට් වලින් සාදන ඇඹුල් රසැති සුප් වර්ගයක් වන 'බොර්ෂ්' ඉතා රසවත් බවත් රොබට් පවසයි.
කාලගුණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රුසියාවේ කාලගුණය සලකා බලන විට එක්වරම ඔබේ සිතට නැගෙන්නේ සයිබීරියාවේ හිම සහිත ඡායාරූප විය හැකිය.
නමුත් රුසියාවේ සංචාරය කරන විට සෙල්සියස් 25-30 උෂ්ණත්වයකට මුහුණදීම සඳහා අවශ්‍ය ක්‍රීම් වර්ග රැගෙන යාමට අමතක නොකර යුතු බව ඔහුගේ උපදේශයය.
ලෝක කුසලාන තරග බොහොමයක් පැවැත්වෙන්නේ ගිණිකොණ දිග රුසියාවේය. මේ නිසා ඔබ සිටින්නේ උතුරු අර්ධ ගෝලයට බොහෝ ඈතිනි.

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty
මිත්‍රශීලී මිනිස්සු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"සංචාරකයන් හිතනවා අපි ආඩම්බරයි කියලා. නමුත් එහෙම නැහැ. ඒක නිසා ඔබේ මුහුණට සිනහවක් නගාගන්න," රොබට් පවසයි.
"මෙහේ මිනිස්සු හරිම විනෝදජනකයි. අපි දන්නවා අමුත්තන් පිළිගන්න විදිය."
නමුත්, කිසිවෙක් තමන්ට බොරු කියනවාට රුසියානුවන් අකමැති බව රොබට් පවසයි.
කෙසේවුවත්, රුසියානුවන් සිනහවට එතරම් දක්ෂ නොවන බැවින් ලෝක කුසලානයට ප්‍රථම සිනහව පුහුණු කරන වැඩමුළු පැවැත්වීමට සිදුවූ බව ද වාර්තාවේ.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
සබැඳි පුවත්:








