ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමක්

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් දස දෙනෙකු පමණ මියගොස් ඇති බව ප්‍රදේශයේ ෂෙරිෆ්වරයා පවසයි.

ටෙක්සාස් ප්‍රාන්තයේ සැන්ටා ෆේ (Santa Fe)උසස් විද්‍යාලයේ හටගත් සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පාසල ආරම්භ කරන අවස්ථාවේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇත.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ සිසුවෙක් විසින්ද යන්න තවමත් පැහැදිලි නැති අතර, එහිදී කෙතරම් පිරිසක් මියගියේ ද යන්න පොලිසිය තහවුරු කර නැත.

ගින්නක් පිළිබඳ අනතුරු ඇඟවීමේ සංඥාව ක්‍රියාත්මක වීමත් සමග මෙම වෙඩි තැබීම සිදු වී ඇත. නමුත් එම අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වූයේ කෙසේදැයි පැහැදිලි නැත.

බෝම්බ නිශ්ක්‍රීය අංශය එම ස්ථානයට පැමිණ ඇති අතර, හෙලිකොප්ටර් සහ ගිලන් රථවලින් තුවාලකරුවන් රෝහලට රැගෙන යනු දැකිය හැකිය.

"ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමක්. එහි තත්වය නරක බව මුලින් ලැබුණ වාර්තා අනුව පෙනී යනවා. සියලු දෙනාටම දෙවියන්ගේ පිහිටයි!" යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

මේ තොරතුරුද කියවන්න: