ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමෙරිකාවේ ජනපති සමග සාකච්ඡා අවලංගු කරන බවට උතුරු කොරියාව තර්ජනය කරයි
සිය න්‍යෂ්ටික අවි අත්හළ යුතු බව ඇමෙරිකාව ඒකපාර්ශ්විකව අවධාරණය කරන්නේ නම් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවලින් තමන් ඉවත්වීමට ඉඩ ඇති බව උතුරු කොරියාව පැවසීය.
විශාල වශයෙන් අපේක්ෂා කෙරුණු දෙරටේ නායකයින් අතර හමුව ලබන මස (ජුනි) 12 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
එහෙත් ප්‍රකාශයක් නිකුත් කළ උතුරු කොරියානු උප විදේශ ඇමතිවරයා, සාහසික ප්‍රකාශ කරන බවට මෙන්ම දුෂ්ට අරමුණුවලට ඉඩකඩ සලසා ඇති බවට ඇමෙරිකාවට චෝදනා එල්ල කළේය.
ඔහු මේ හරහා ඇඟිල්ල දිගු කළේ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් වෙතය.
"බෝල්ටන්ගේ ස්වභාවය ගැන මීට පෙරත් අප පෙන්වාදී තිබෙනවා. ඔහු කෙරෙහි පවතින පිළිකුල් සහගත හැගීම අප සඟවන්නේ නැහැ." යැයි කිම් ක්යේ-ග්වාන් පැවසීය.
කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික විනිර්මුක්ත බව කරා ගෙන යාම සඳහා තමන් කැපවන බව උතුරු කොරියාව ප්‍රකාශ කිරීමත් සමග එරට නායක කිම් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමේ එකඟතාව පළවිණි.
මෙයින් ඇතිවන තත්ත්වය ක්මක්දැයි නිශ්චිතවම පැහැදිලි නොවුව ද සිය ප්‍රධාන න්‍යෂ්ටික පරීක්ෂණ ස්ථානය මේ මස අගදී වසා දැමීමේ අවස්ථාව දැක බලාගැනීම සඳහා පැමිණෙන ලෙස උතුරු කොරියාව විදෙස් මාධ්‍ය වෙත ආරාධනය කළේය.
කෙසේවෙතත්, දකුණු කොරියාවේ සෝල් හි සිටින බීබීසී හි ලෝරා බිකර් පවසන්නේ උතුරු කොරියාව දැන් නිකුත් කර ඇති නිවේදනය මගින් න්‍යෂ්ටික විනිර්මුක්ත බවකට ඇති කවර හෝ පදනමක් වීසි කර දැමෙන අතර සැබවින්ම යෝජිත හමුව ද සැකසහිත තත්ත්වයකට ගෙනවිත් ඇති බවකි.
උතුරු කොරියාවේ නිවේදනය කුමක් ද?
උතුරු කොරියාවේ KCNA ප්රවෘත්ති ඒජන්සිය මගින් ප්‍රකාශයට පත්කරන ලද අදාළ නිවේදනයට අනුව කියවෙන්නේ ඇමෙරිකාව "අපව මුලුගන්වමින් න්‍යෂ්ටික අවි අත්හැරිය යුතු බවට ඒකපාර්ශ්විකව ඉල්ලා සිටිනවා. සාකච්ඡා ගැන තවදුරටත් අපේ අදහසක් නැහැ" ජුනි 12 වෙනිදා හමුවට සහභාගි වෙනවාද යන්න ගැන "යළි සිතා බැලීමට සිදුවෙනවා" යනුවෙනි.
අදාළ හමුව සම්බන්ධයෙන් උතුරු කොරියාවට "ඉහළ බලාපොරොත්තු තිබුණා" යැයි පවසන ඔහු, නමුත් ""හමුවට කළින් හාස්‍යජනක ප්‍රකාශ නිකුත් කරමින් ඇමෙරිකාව අපව කුපිත කරවීම ඉතා අවාසනාවත්ත තත්ත්වයක්" කීය.
උතුරු කොරියාවේ නායකත්වය අතර සිටින කිම් ක්යේ-ග්වාන් ඉහළ පිළිගැනීමකට ලක්ව සිටින තැනැත්තෙකු වන අතර මින් පෙරද ඇමෙරිකාව සමග සාකච්ඡාවලට එක්වූවෙකි.
ආරක්ෂක උපදේශක බෝල්ටන් වෙත ප්‍රහාරයක් ඇයි?
ඇමෙරිකානු බලය වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන ජෝන් බෝල්ටන් විදේශයන්හි ද එය තහවුරු කිරීම වෙනුවෙන් පෙනී සිටී. උතුරු කොරියාවට ප්‍රහාරයක් එල්ල කිරීම "ඉතාමත් නිත්‍යානුකූල" බව මීට පෙර ඔහු පවසා තිබේ.
මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ ලිබියානු මාදිලියේ න්‍යෂ්ටික අවිහරණ වැඩපිළිවෙලක් අනුගමනය කිරීමට උතුරු කොරියාවට හැකි බවය. එය ලිබියාවේ නායකත්වයට අත්වූ ඉරණම සැලකිල්ලට ගැනීම සඳහා උතුරු කොරියාවට ඇඟවීම් කරන මාදිලියක් බව බොහෝ විචාරකයෝ පවසති.
එය "සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව ආමන්ත්‍රණය කිරීමට ඇති අරමුණ පෙන්වන්නක් නොවේ" යැයි කිම් ක්යේ-ග්වාන් සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.
"එය, ලිබියාව හෝ ඉරාකය මහා බලවතුන් වෙත සිය මුළු රටවල්ම නතු කර දීම නිසා ඒවා බිඳ වැටීමේ ඉරණම අපගේ ගෞරවාන්විත රාජ්‍යය වෙත පැටවීමේ දුෂ්ට වැඩපිළිවෙලක්"
"ඔහු (බෝල්ටන්) කෙරෙහි පවතින පිළිකුල් සහගත හැගීම අප සඟවන්නේ නැහැ." යැයි කිම් ක්යේ-ග්වාන් පැවසීය.
සිය ප්‍රකාශය මගින් කිම් ක්යේ-ග්වාන්, ජනාධිපති ට්‍රම්ප් කෙරෙහි ද අවධානය යොමුකර තිබේ.
කිම් ක්යේ-ග්වාන් පවසන්නේ, උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත් නොහරින්නේ නම් සාකච්ඡාවලට එළඹෙන්නේ නැතැයි කියමින් "ඔහුගේ පුර්වගාමීන්ගේ මාර්ගයම ඔහු අනුගමනය කරනවානම්" ඔහු "පෙර නොවූ විරූ ප්‍රගතියක් අත්කරගැනීමට මුලදී ඔහු සතුව පැවති අභිප්‍රායෙන් දුරස්වී, සිය පුර්වගාමීන්ට වඩා අවාසනාවන්ත මෙන්ම අසාර්ථකම ජනාධිපතිවරයා බවට ඔහු වාර්තා අතරට යාවි" යනුවෙනි.
සබැඳි පුවත්: