හවායි: 'කිලවෙයා' යමහල නැවතත් විදාරණය වේ

ඡායාරූප මූලාශ්‍රය, USGS
හවායිවල පිහිටි 'කිලවෙයා' (Kilauea) යමහල විදාරණය වීමෙන් නිවාස විසි හයක් විනාශ වී ඇත. ඊයේ (මැයි 6) රාත්‍රියේ සිට යමහල නැවතත් සක්‍රීය වීමෙන් තවත් සිය ගණනක් නිවාස අවදානම් තත්වයක පවතී.

ඡායාරූප මූලාශ්‍රය, AFP
පුද්ගලයන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් එම අවදානම් කලාපයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. සුරතල් සතුන් මුදා ගැනීම සදහා සමහර පුද්ගලයන්ට නැවතත් සිය නිවෙස් කරා යෑමට අවසර ලබා දුන්නත්, එහි රැඳී සිටීම අනාරක්ෂිත බව නිලධාරීහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, AFP
'ලයිලානි එස්ටේට්ස්' (Leilani Estates) නම් ප්‍රදේශයේ පිහිටි මෙම යමහලෙන් ඊයේ රාත්‍රියේ මීටර් හැත්තෑවක් පමණ ඉහළට ලාවා විසිර යමින් තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, EPA
පසුගිය සිකුරාදා හවායි දූපත්වලට බලපෑ භූමිකම්පාව රික්ටර් මාපකයේ සටහන් වී තිබුණේ 6.9 ක් ලෙසය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
'බ්රෙන්ටන් අවා' නම් නිවැසියෙක් සිය අත්දැකීම් බීබීසීයට මෙසේ විස්තර කළේය.
"සුරතල් සතුන් තවමත් කූඩුවල හෝ දම්වැල්වලින් බැඳ දමා, ආහාර නොමැතිව සිටිනු දකින විට මට මහත් දුකක් දැනුණා. ඉතින් අපි ආපසු ගිහින් ඔවුන්ට කන්න යමක් දුන්නේ. මෙය ඉතා දුක්මුසු තත්වයක්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'කිලවෙයා' ලෝකයේ වඩාත් සක්‍රීය යමහල්වලින් එකක් වන අතර වසර තිස් පහක කාලයක් ඇතුළත බොහෝ වතාවක් එය විදාරණය වී ඇත.


ඡායාරූප මූලාශ්‍රය, AFP
මේ තොරතුරුද කියවන්න:









