රුසියාවේ ගුවන් අනතුරක්; සියලු මගී ජීවිත විනාශ වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මොස්කව් 'දමදෙදවා' ( Domodedovo) ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කළ මගී යානයක් ගුවන්ගත වීමෙන් මඳ වේලාවකට පසු කඩා වැටුණ බව රුසියාව වාර්තා කරයි.
නිලධාරීන් සඳහන් කරන ආකාරයට යානයේ සිටි හැත්තෑ එකක් වූ මගීන්ගෙන් කිසිවකුගේ ජීවිත බේරී නැත.
මොස්කව් අගනුවරින් ගිනිකොණ දෙසින් පිහිටි 'අර්ගුනවා' (Argunovo) ගම්මානයට ගිනිගත් ගුවන් යානය කඩා වැටුන බව එම දර්ශනය දුටු පුද්ගලයෝ පවසති.
යානය ගුවන්ගත කරනු ලැබීමෙන් මිනිත්තු කීපයකට පසු එය වේගයෙන් පොළොව දෙසට පහත් වෙමින් තිබුණ බව යානය සොයා ගිය ගවේෂකයෝ වාර්තා කරති.
මොස්කව් අගනුවරින් ගිනිකොණ දෙසින් පිහිටි හිමෙන් වැසුණ භූමි භාගයක යානයේ විනාශ වූ යානයේ සුංබුන් සහ මළ සිරුරු විසිර තිබුණ බවත් වාර්තා වෙයි.
විනාශ වූ 'අන්ටනොෆ්' 148 (Antonov-148) යානය මොස්කව් සිට 'උරාල්' කඳුකරයේ පිහිටි ඔර්ස්ක් (Orsk) නගරය බලා පියාසර කරමින් තිබුණ බවත් වාර්තා වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එම ගුවන් ගමන් මෙහෙයවන 'සරටෝෆ්' ගුවන් සමාගමේ (Saratov Airlines) අධ්‍යක්ෂවරයකුගේ ඥාතියෙක් ගුවන් යානා නියමු කුටියක සිටිනු හෙළි වීමෙන් අනතුරුව 2015 වසරේ එම සමාගමට දඬුවම් කර ඇති බවක් ද වාර්තා වෙයි.
විපතට පත් ගුවන් මගීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පවුල්වලට සිය සංවේගය ප්‍රකාශ කරන ජනාධිපති පූතින්, අනතුරට හේතුව සම්බන්ධයෙන් විභාගයක් පවත්වන ලෙස නියෝග කර ඇත.
සබැඳි පුවත්;


























