ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දුප්පත්කමින් එතෙරවීමට ඉනිමං බඳින චීනය
වසර තුනක් ඇතුළත ලක්ෂ හාරසීය තිහක් (මිලියන 43) අන්ත දුගීභාවයෙන් ගලවා ගන්නා බවට ජනාධිපති ෂී ජින්පින් දී ඇති ප්‍රතිඥාව සාර්ථක කර ගැනීම සඳහා චීනය විසින් ඉදිරිගාමී සැලසුම් ක්‍රියාවට නංවනු ලැබ ඇත.
පිටිසර පළාත් තුළ වෙසෙන ජන ප්‍රජා ඉලක්ක කර ගනිමින් පාසල් ගොඩනැගිලි ද ඇතුළුව යළි පදිංචි කිරීමේ ගම්මාන ඉදිවෙමින් පවතී.
අඩු පහසුකම් සහිත ගම්මාන වෙත ළඟා වීමට ඇති පහසුකම් ඉහළ නංවා ඇතත් ඒවායේ ජන ජීවිතය තවමත් පවතින්නේ දුෂ්කර මට්ටමකය.
පිටිසර ගම්මාන තුළ ජීවත් වූ පනස් ලක්ෂයක් පසුගිය වසර පහ තුළ යළි පදිංචි කර තිබේ.
කෙසේ නමුත් චීනය තුළ අන්ත දුගීභාවය තුරන් කිරීම සඳහා කළ යුතු කාර්ය භාරය අති විශාලය.
දූෂණ සහ වංචා වැනි බරපතළ අභියෝග තවමත් චීනය ඉදිරියේ පවතී.
දුගීභාවය තුරන් කිරීමේ ප්‍රචාරණ කටයුතු රට පුරා ක්‍රියාත්මක අතර එම විෂය සඳහා පුවත් තුළ වැඩි ඉඩක් වෙන්වේ.
සබැඳි යොමු: