ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මල්සරාට තහනම් චීන ගම්මානයක්
'ලඕයා' චීනයේ හුදෙකලා ප්‍රත්‍යන්ත ගම්මානයක්.
චීන ජාතිකයන් 'ලඕයා' හඳුන්වන්නේ 'තනිකඩ ගම්මානය' යන වචනයෙන්.
ගමේ බොහෝ පුරුෂයන් මුහුණ දී සිටින ප්‍රශ්නය විවාහ වීම සඳහා කාන්තාවක් සොයා ගැනීම අසීරු වීම.
'ලඕයා' කාන්තාවන් වැඩි දෙනෙක් වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වී ඇත්තේ ගම්මානයේ පවතින දුෂ්කරතා හේතුවෙන්.
එවැනි දුෂ්කරතා නිසා වෙනත් ප්‍රදේශවල කාන්තාවන්ද 'ලඕයා' ගම්මානයේ පුරුෂයන් සමඟ දීග ඒමට මැලි කමකුයි දක්වන්නේ.
එම තනිකඩ ගම්මානයේ ජීවත් වන 'තනිකඩයෙක්' ශිඕන් ජිගෙන්.
හතළිස් තුන් වියැති ඔහුටත් පෙළවහක් කර ගැනීමට බාධාවක් වී ඇත්තේ ගමට ළඟා වීමට ඇති දුෂ්කරතාවයන්.