'ෆයර් ඇන්ඩ් ෆියුරි' බොරුවෙන් පිරිලා - ට්‍රම්ප්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සිය පරිපාලනය පිළිබඳ හානිකර චෝදනා අඩංගු ග්‍රන්ථය "බොරුවෙන් පිරී" ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
රුසියානුවන් කණ්ඩායමක් සමග පැවති හමුවකට ජනාධිපතිවරයාගේ පුතෙකු සහභාගී වී සිටි බව ඉහළ පෙළ හිටපු ආධාරකරුවෙකු වන ස්ටීව් බැනන්න් උපුටා දක්වමින් එම ග්‍රන්ථයේ සඳහන් වේ.
එය "රාජද්‍රෝහී" ක්‍රියාවක් ලෙස එහි හඳුන්වා දී ඇත.
ගින්න සහ වියරුව: ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ ඇතුලාන්තය (Fire and Fury: Inside the Trump White House) නමැති ග්‍රන්ථය ලියා පළ කරනු ලැබුවේ මයිකල් වොල්ෆ් විසිනි.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පුදුමයට පත් වූ ආකාරයත් එම ග්‍රන්ථය නිරූපනය කරයි.
නියමිත කාලයට පෙර අලෙවිය සඳහා ඉදිරිපත් කෙරුණු ඉහත කී ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම වළකාලීම සඳහා ජනාධිපති ට්‍රම්ප්ගේ නීතිවේදීන් උත්සාහ කර තිබිණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
'ගින්න සහ වියරුව': අඩංගු දෑ මොනවාද?
මයිකල් වොල්ෆ් විසින් රචිත ග්‍රන්ථය තුළ චෝදනා රැසක් අඩංගු වේ. ඒ අතර:
- ට්‍රම්ප් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමග ඔහුගේ කණ්ඩායම තිගැස්මටත් තැතිගැනීමටත් ලක් වී තිබේ
- එවක ජනාධිපති අපේක්ෂකයා වූ ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා මැතිවරණය පැවති දින රාත්‍රියේ දුක් කඳුලින් පසුව තිබේ
- සිය දිවුරුම් දීම සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළ තරු ඇනුම්පද කීම පිළිබඳ ට්‍රම්ප් කෝපයෙන් පසු වී තිබේ
- ධවල මන්දිරය "පීඩාකාරී සහ තරමක බිය උපදවන" ස්ථානයක් ලෙස නව ජනාධිපතිවරයාට හැඟී තිබේ
- තමන් එක්සත් ජනපදයේ "පළමු ජනාධිපතිනිය" විය යුතු බවට ජනාධිපති දියණිය ඉවන්කා සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන ජැරඩ් කුෂ්නර් අතර සැලසුමක් පැවතී ඇත
- "උවමනාවට වඩා පීරන ලද" පියාගේ කොණ්ඩය ඉවන්කාගේ උපහාසයට ලක් වී තිබේ
ජනාධිපති සහ 'ළමා හැසිරීම'

දෙසීයකට අධික සම්මුඛ සාකච්ඡා මත පදනම්ව ග්‍රන්ථය ලියවී ඇති බව වාර්තා වේ.
නමුත් එහි ඇති ඇතැම් උපුටා දැක්වීම් දැනටමත් විවේචනයට සහ ප්‍රශ්න කිරීමට ලක්ව තිබේ.
ග්‍රන්ථයේ අඩංගු කරුණුවලින් අඩක් පමණක් සත්‍යය වුවත් එමගින් නිරන්තර බියෙන් සැකෙන් පසුවන ජනාධිපතිවරයෙකු සහ ව්‍යාකූල ධවල මන්දිරයක් පිළිබඳ විනාශකාරී චිත්‍රයක් ඇඳෙන බව උතුරු ඇමරිකානු කලාපය භාර බීබීසී සංස්කාරක ජොන් සොපෙල් පවසයි.
ජනාධිපති ට්‍රම්ප් සිය ග්‍රන්ථය පිළිබඳ දක්වන ලද අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ලේඛක මයිකල් වොල්ෆ් සිය වාර්තාකරණය ආරක්ෂා කරමින් කියා සිටියේ එහි අඩංගු කරුණු සියල්ල වෙනුවෙන්ම තමන් පෙනී සිටින බවය.
ජනාධිපතිවරයාට ළමා හැසිරීමක් ඇති බව ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ අදහස වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.










