යේමන කැරලිකරුවෝ රියාද් අගනුවර වෙත මිසයිලයක් විදති

Image circulated by Houthi-aligned Almasirah network purportedly showing Burkan 2 ballistic missiles

ඡායාරූප මූලාශ්‍රය, Almasirah

ඡායාරූප ශීර්ෂ වැකිය, 'Burkan 2' වර්ගයේ මිසයිල තමන් අත පවතින බව හුති කැරලිකරුවන් විසින් ප්‍රසිද්ධ කරනු ලැබුවේ 2017 පෙබරවාරි මාසයේදීය

රියාද් අගනුවර දෙසට එල්ල කළ බැලිස්ටික් මිසයිලයක් ව්‍යවර්ථ කළ බව සෞදි අරාබිය පවසයි.

මිසයිලය පුපුරා යාමත් සමග රියාද් අගනුවර දෙසින් විශාල පිපිරුම් හඬක් ඇසී තිබෙන අතර ඉන් කිසිවකුත් තුවාල ලබා ඇති බව වාර්තා වී නොමැත.

රියාද් අගනුවරට ඉහළින් දුම් වලාවක් ඇති ආකාරය දැක්වෙන ඡායාරූප ඇසින් දුටුවන් විසින් සමාජ ජාල තුළ පළ කරනු ලැබ ඇත.

සෞදි අරාබියේ 'අල් යමාමා' මාලිගයේ පැවති එරට නායකයන්ගේ හමුවක් ඉලක්ක කර මිසයිල ප්‍රහාරය එල්ල කළ බව යේමනයේ ක්‍රියාත්මක හුති කැරලිකරුවන්ට අයත් අල් මසිරාහ් රූපවාහිනිය නිවේදනය කළේය.

පසුගිය මාසයේදී ද රියාද් ගුවන් තොටුපල වෙත මෙවැනිම මිසයිල ප්‍රහාරයක් එල්ල වූ අතර එය ව්‍යවර්ථ කළ බව සෞදි බලධාරීහු පැවසූහ.

වීඩියෝ ශීර්ෂ වැකිය, සියැසින් දුටිමි යේමනයේ ජන දුක

යේමනයේ පවතින සිවිල් යුද්ධයේ දී එරට ආණ්ඩුවට සහාය දක්වන සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය, හුති කැරලිකරුවන් එරෙහිව සටන් වැද සිටිති.

හුති කැරලිකරුවන් වෙත මිසයිල ලබා දී ඇති බවට සෞදි අරාබිය සහ ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට චෝදනා කරති.

2015 වසරේ මාර්තු මාසයේ සිට යේමනයේ ආණ්ඩුවට සහ ඊට සහාය දක්වන සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයට එරෙහිව සටන් වැද සිටින ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

If you remember nothing of #Yemen remember Hussein Mazen Hussein - malnourished and fighting for every breath
ඡායාරූප ශීර්ෂ වැකිය, මන්දපෝෂණයෙන් පෙළෙන යේමනයේ දක්රුවෙක් ජීවිතය සඳහා සටන් කරමින්

සන්ධානය, යේමනයේ පවතින සිවිල් යුද්ධයට මැදිහත්වීමෙන් පසු පුද්ගලයන් 8,670 අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

තවත් 49,960 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම වාර්තා සඳහන් කරයි.

ගැටුම් සහ සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය විසින් පනවන ලද සම්බාධක හේතුවෙන් දෙකෝටි හත්ලක්ෂයකට ආසන්න පිරිසකට මානුෂීය ආධාර අවශ්‍ය කර තිබේ. එය දැනට ලොව පවතින බරපතළම සාගත තත්ත්වයයි.

සාගතය හමුවේ යේමනයේ පවතිර ගිය කොලරා වසංගතය හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ සිට 2,219 දෙනෙකු මරණයට පත්ව ඇතැයි විශ්වාස කෙරේ.

සබැඳි යොමු: