අරාබි ලෝකයේ සතුරු රටවල් දෙකක කතාව

Iran's Ayatollah Ali Khamenei (L) and Saudi Crown Prince Mohammed bin Salman

ඡායාරූප මූලාශ්‍රය, Reuters/EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරානයේ ඉහළම ආගමික නායක අයතුල්ලා අලි කුමෙයිනි සහ සෞදි අරාබියේ ඔටුන්න හිමි බින් සල්මාන් කුමරු

දීර්ඝ කාලීන ප්‍රතිවාදීන් වන සෞදි අරාබිය සහ ඉරානය අතර පවතින උණුසුම මෑත දී යළි ඉහළ ගොස් ඇත. ඊට හේතුව කුමක්ද?

සෞදි අරාබිය සහ ඉරානයට එක්ව ගමන් කළ නොහැක්කේ ඇයි?

බලවත් අසල්වැසියන් වන සෞදි අරාබිය සහ ඉරානය කලාපයේ ආධිපත්‍ය පතුරුවාලීම සඳහා බල අරගලයක යෙදී සිටිති.

දෙරට අතර පවතින ආරවුල දශක ගණනාවක් ඔබ්බට දිව යන අතර දෙරට අතර පවතින ආගමික වෙනස්කම් ඊට රුකුලක් වී තිබේ.

සෞදි අරාබිය සහ ඉරානය ඉස්ලාම් ධර්මයේ පවතින මූලික නිකායන්හි අනුගාමිකයෝ වෙති.

ඉරානයේ බහුතරය ෂියා මුස්ලිම් භක්තිකයන් වන අතර සෞදි අරාබිය විසින් තමන් හඳුන්වා ගනු ලබන්නේ ප්‍රමුඛ පෙළ සුන්නි මුස්ලිම් රාජ්‍යයක් ලෙසය.

සුන්නි/ෂියා මුස්ලිම් ව්‍යාප්තිය

සෞදි අරාබිය සහ ඉරානය පසමිතුරන් වන්නේ ඇයි?

රාජ ආණ්ඩුවක් පවතින සෞදි අරාබිය ඉස්ලාම් ධර්මයේ තිඹිරි ගෙයයි. සෞදි අරාබිය විසින් තමන් හඳුන්වාගනු ලැබුවේ මුස්ලිම් ලෝකයේ නායකයා ලෙසය. කෙසේ නමුත් ආගමික රාජ්‍යයක් බවට පත්වෙමින් 1979 වසරේ සිදු වූ ඉරාන විප්ලවය සෞදි අරාබියේ එම මතයට අභියෝගයක් විය. ආගම සහ රාජ්‍යය එකක් වීමේ දර්ශනය සිය දේශසීමාවෙන් ඔබ්බට අපනයනය කිරීම ඉරානයේ අරමුණක් විය.

සෞදි අරාබිය සහ ඉරානය පසමිතුරන් වන්නේ ඇයි?

විශේෂයෙන් පසුගිය වසර 15 තුළ සෞදි අරාබිය සහ ඉරානය අතර පවතින වෙනස්කම් තියුණු වීම කෙරෙහි සිදුවීම් ගණනාවක් බලපා තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ නායකත්වය යටතේ ඉරාකයේ නායකයාව සිටි සදාම් හුසෙන් බලයෙන් ඉවත් කිරීම

2011 වසරේ සිට අරාබි ලෝකය පුරා ක්‍රියාත්මක වූ නැගිටීම්: කලාපය තුළ දේශපාලන අස්ථාවරභාවයක් ඇති වීම. ඉරානය සහ සෞදි අරාබිය යන දෙරට සිරියාව, යේමනය සහ බහරේනය තුළ සිය බලපෑම ව්‍යාප්ත කිරීම සඳහා එම තත්ත්වය උපයෝගී කර ගත්හ. එකිනෙකා අතර පැවති සැකය තවදුරටත් ඉහළ යාම ද ඉන් සිදු විය.

අරාබි වසන්තය

ලෙබනන් අගමැති සාද හරිරී ධුරයෙන් ඉල්ලා අස්වීම

කලාපය තුළ සිය බලය හෝ තමන්ට සහාය දක්වන පාර්ශ්වයන්හි බලය තහවුරු කර ගැනීමේ චේතනාවෙන් ඉරානය කටයුතු කරන බව විවේචකයෝ පවසති.

එමෙන්ම ඉරානයේ සිට මධ්‍යධරණි කලාපය දක්වා වූ ගොඩබිම් පිවිසුම් තීරයේ පාලනය සියතට ගැනීමට ඉරානය උත්සාහ කරන බව ද විවේචකයන්ගේ අදහස වී තිබේ.

හදිසියේම තත්ත්වය නරක අතට හැරුනේ කෙසේද?

කලාපීය අරගලය තුළ ඉරානය සිය ඉලක්ක වෙත ළඟා වීමත් සමග ඉරානය සහ සෞදි අරාබිය අතර වන මූලෝපායික තරගය වඩාත් උණුසුම් විය.

ඉරානයේ (සහ රුසියාවේ) සහාය හිමි වන සිරියාවේ ජනාධිපති බෂර් අල් අසාද් විසින් සෞදි අරාබියේ සහාය ලබන කැරලි කණ්ඩායම් විශාල වශයෙන් පරාජයට පත් කරනු ලැබ ඇත.

සෞදි අරාබිය සහ ඉරානය පසමිතුරන් වන්නේ ඇයි?

ඉහළ යමින් පවතින ඉරාන බලපෑම මැඩපැවැත්වීම සඳහා සෞදි අරාබිය දැඩි උත්සාහයක නිරතව සිටී. සෞදි අරාබියේ නිල නොවන නායක ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ආවේගශීලී ක්‍රියාකලාපය ද කලාපීය උණුසුම ඉහළ යාමට බලපා ඇත.

සිය රටට දකුණු දෙසින් පිහිටි අසල්වැසි යේමනය තුළ ඉරාන බලපෑම වැලැක්වීමේ කොටසක් වශයෙන් සෞදි අරාබිය යේමනයේ කැරලිකරුවන්ට එරෙහි යුද්ධයක් දියත් කර තිබේ. නමුත් වසර තුනක් අවසානයේ එය මිල අධික සූදුවක් බව ඔප්පු වෙමින් පවතී.

මේ අතර ලෙබනනයේ අගමැතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා සෞදි අරාබිය බල කර ඇති බව නිරීක්ෂකයන් බොහෝ දෙනෙක් විශ්වාස කරති. ලෙබනනයේ ක්‍රියාත්මක දේශපාලන සහ සන්නද්ධ වශයෙන් ප්‍රබල ඉරානය හා මිතුරු ෂියා මුස්ලිම් කැරලි කණ්ඩායමක් වන හිස්බුල්ලා ව්‍යාපාරය අස්ථාවර කිරීම එහි අරමුණ බව ද එම නිරීක්ෂකයෝ පවසති.

බාහිර බලවේග ද ඉරාන සෞදි බල අරගලයට සම්බන්ධව සිටිති. ට්‍රම්ප් පාලනය විසින් දක්වනු ලබන සහාය හමුවේ සෞදි අරාබිය ධෛර්යට පත්ව තිබේ. එමෙන්ම තමන් හමුවේ පවතින මාරක තර්ජනයක් ලෙස සලකන ඉරානයේ බලපෑම මැඩපැවැත්වීම සඳහා සෞදි අරබිය දරන උත්සාහයට ඊශ්‍රායලය ද "සහාය" දක්වයි.

2015 වසරේ දී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීමේ ජාත්‍යන්තර සම්මුතියට දැඩි ලෙස විරෝධය පළ කළ රටවල් දෙක ඊශ්‍රායලය සහ සෞදි අරාබියයි.

බල කඳවුරු

සෞදි අරාබිය සහ ඉරානය පසමිතුරන් වන්නේ ඇයි?

සෞදි අරාබිය සහ ඉරානය අතර පවතින බල අරගලය කලාපීය මට්ටමේ සීතල යුද්ධයක් ලෙස හැඳින්විය හැක. සීතල යුද සමයේ ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතර පැවති යුද උණුසුම වසර ගණනාවක් පැවතිනි.

සෞදි අරාබිය සහ ඉරානය සෘජුව සටන් නොකළ ද කලාපය පුරා පවතින විවිධ ආකාරයේ යුද ගැටුම්වලට දෙරට සහාය දක්වති.

සෞදි හිතවාදී කඳවුර තුළ සුන්නි මුස්ලිම්වරු බහුතරය වෙසෙන ගල්ෆ් කලාපයට අයත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය සහ බහරේනය යන රටවල් වෙති. එමෙන්ම ඊජිප්තුව සහ ජෝර්දානය ද ඒ අතර සිටිති.

ඉරාන කඳවුරට සහාය දක්වන පාර්ශ්ව අතර සිරියාවේ ආණ්ඩුව (සිරියාවේ ආසාද් පාලනයට ඉරානයෙන් විශාල සහයක් හිමි වේ) ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් කැරලි කණ්ඩායම්, හිස්බුල්ලා ව්‍යාපාරය ද ඒ අතර වේ.

සබැඳි යොමු: