තවත් නිළියක් 'දූෂණය කරලා': හොලිවුඩය කළඹන ලිංගික හිංසන

(L-R) Gwyneth Paltrow, Angelina Jolie, Cara Delevingne, Lea Seydoux, Rosanna Arquette, Mira Sorvino have all spoken about their experiences with Harvey Weinstein

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

හොලිවුඩ් පුරවරයේ දැවැන්ත චරිතයක් වන චිත්‍රපට නිෂ්පාදක හාවි වයින්ස්ටයින්ට එරෙහිව දිනෙන් දිනම අලුතෙන් ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසන චෝදනා එල්ලවෙමින් පවතී.

ඇන්ජලීනා ජොලී (Angelina Jolie) සහ ග්විනත් පල්ට්‍රෝ (Gwyneth Paltrow) ඇතුළු හොලිවුඩ් පුරවරයේ ජනප්‍රියම නිළියන් ඇතුළු නිළියන් ගණනාවක් පසුගිය සතිය ඇතුළත ලිංගික හිංසන චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව ඔහු විසින්ම නිර්මාණය කරන ලද 'ද වයින්ස්ටයින් සමාගම' (The Weinstein Company) විසින් හාවි වයින්ස්ටයින් (Harvey Weinstein) සිය සමාගමෙන් ඉවත් කරනු ලැබ තිබේ.

ජනප්‍රිය ඇමෙරිකානු නිළියක වන රෝස් මැක්ගොවන් (Rose McGowan) ඔහුට එරෙහිව සිකුරාදා (ඔක්තෝබර් 13) එල්ල කළ දූෂණ චෝදනාව මේ ආන්දෝලනයේ අලුත්ම සිදුවීමය.

ට්විටර් පණිවුඩ ගණනාවක් මගින් සිය චෝදනාව එල්ල කළ හොලිවුඩ් නිළිය, තමන් ඒ පිළිබඳව චෝදනාව මුලින්ම එල්ල කළ අවස්ථාවේ එය නොසලකා හැරි බවට ඇමසෝන් ස්ටුඩියෝ (Amazon Studio) හි ප්‍රධානී රෝයි ප්‍රයිස් (Roy Price) වෙත ද චෝදනාවක් එල්ල කොට තිබේ.

Harvey Weinstein and Rose McGowan appeared at a premiere for the film Grindhouse in 2007

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

චිත්‍රපට නිෂ්පාදිකාවකට ලිංගික හිරිහැර කළ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් මේ වනවිට රෝයි ප්‍රයිස් ද අනිවාර්ය නිවාඩු යවා තිබේ.

හාවි වයින්ස්ටයින් තමන්ට එරෙහිව එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, රෝයි ප්‍රයිස් මෙතකේ ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කොට නැත.

මේ අතර හාවි වයින්ස්ටයින් එරෙහි චෝදනා පිළිබඳව බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පොලිසිය විශේෂ විමර්ශන කිහිපයක්ම දියත් කොට තිබේ. ඒ අතර:

  • 2004 දී එල්ලවුණු ලිංගික හිංසන චෝදනාවක් පිළිබඳ විමර්ශන යළි ආරම්භ කළ නිව්යෝක් පොලිසිය, ඒ හා සම්බන්ධ අලුත් චෝදනා තිබේ දැයි සලකා බලමින් සිටියි
  • 80ව දශකයේදී ඔහුට එරෙහිව එල්ල වූ ලිංගික හිංසන චෝදනාවක් පිළිබඳ විමර්ශන ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය යළි ආරම්භ කළේය

ඇමසෝන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අමතමින් ට්විටර් පණිවුඩ කිහිපයක් නිකුත් කළ රෝස් මැක්ගොවන් නිළිය, සිය චෝදනා නොතකා හාවි වේන්ස්ටයින් සමග දිගටම ගනුදෙනු කිරීම පිළිබඳව සමාගම දැඩි විවේචනයට ලක් කර තිබේ.

"වයින්ස්ටයින් මාව දූෂණය කළා කියල ඔබේ ස්ටුඩියෝ එකේ ලොක්කට මම කීව," ඇය සඳහන් කරයි. "දිගින් දිගටම කිවුව. ඒක ඔප්පු වෙලා නෑ කියල ඔහු කිවුව. මම කිවුව මම තමයි සාක්කිය කියල."

Gwyneth Paltrow with Harvey Weinstein in 2002Image copyrightGETTY IMAGES

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Harvey Weinstein and Heather Graham at a film party in 1999

ඡායාරූප මූලාශ්‍රය, REX/SHUTTERSTOCK

මේ අතර පරුෂ වචන පවා යොදාගනිමින් ට්විටර් ජාලය ඔස්සේ ඇය එල්ල කළ චෝදනා හමුවේ ඇයගේ ට්විටර් ගිණුම තාවකාලිකව අවහිර කරනු ලැබීමෙන් අනතුරුව #WomenBoycottTwitter හෑෂ්ටෑගය යොදාගනිමින් ඇතැම් කාන්තාවෝ ට්විටර් වර්ජනයක ද නිරතව සිටිති.

වයින්ස්ටයින්ට එරෙහි චෝදනා පිළිබඳව ද නිව්යෝකර් (The New Yorker) සඟරාව පළ කළ ගවේෂණාත්මක වාර්තාවක් ප්‍රකාර කාන්තාවන් තිදෙන් මීට ඉහතදී ඔහුට දූෂණ චෝදනා එල්ල කොට තිබේ.

ඉතාලි ජාතික ආසියා අර්ජෙන්තො (Asia Argento), එවකට නිළියක වීමට උත්සාහ දැරූ ලුසියා එවන්ස් (Lucia Evans) සහ සිය අනන්‍යතාව හෙළි නොකළ කාන්තාවක් ඒ තිදෙනාය.

1990 සහ 2015 අතර කාලයේදී හාවි වයින්ස්ටයින් තමන්ට ලිංගික හිරිහැර හෝ අතවර කළ බවට තවත් කාන්තාවන් දස දෙනෙකු ලිපියේ කතුවරිය සමග පැවසූ බවත් සඟරාව වාර්තා කොට තිබේ.

පසුගිය ඔක්තෝබර් 05 වෙනි දින වයින්ස්ටයින්ට එරෙහි ලිංගික අතවර චෝදනා මුලින්ම වාර්තා කරනු ලැබුවේ ද නිව්යෝක් ටයිම්ස් (The New York Times) පුවත්පත විසිනි.

සිය ප්‍රකාශකයෙකු මාර්ගයෙන් එම චෝදනාවලට ප්‍රතිචාර දැක්වූ වයින්ස්ට් අවධාරණය කරන්නේ ඕනෑම කාන්තාවක සමග තමන් ලිංගික සම්බන්ධතා පැවැත්වූයේ ඔවුන්ගේ කැමැත්තෙන් බවය.

වීඩියෝ ශීර්ෂ වැකිය, මග තොටේදීත්, වැඩ පොලේදීත් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ගොදුරුවන ලාංකීය කාන්තාව

හොලිවුඩ් පුරවරයේ නළු නිළියන් ඇතුළු බොහෝ ප්‍රසිද්ධ චරිත ඔහුගේ ක්‍රියාකළාපය හෙළා දැක තිබෙන අට්‍ර්හර, සහ මේ අතර ප්‍රකාශය කරන ඔස්කාර් සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ ඔලිවරේ ස්ටෝන් (Oliver Stone) ප්‍රක්කාශය කරමින් චෝදනා සනාථ වීමට ප්‍රථම ඔහු පිළිබඳව පූර්ව නිගමනවලට නොඑළඹෙන මෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආයතනවල, පොදු ප්‍රවාහන සේවාවල සහ මහමග දී කාන්තාවන්ට එල්ලවන ලිංගික හිරිහැර පිළිබඳව ද මේ අතර නිරන්තරයෙන් වාර්තා පළ වේ.

පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන බරපතල ලිංගික හිරිහැර පිළිබඳව කාන්තාවන් පිරිසක් පළ කළ අදහස් ඇසුරෙන් බීබීසී සිංහල සේවය පසුගියදා විශේෂ ගවේෂණ වාර්තාවක් පළ කළේය.

ශ්‍රී ලංකාවේ පොලිස් කාන්තාවන් පොලිස් නිලධාරීන්ගේ ලිංගික හිංසනවලට ගොදුරුවන බව එවකට ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා වූ මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදිනියන් අතරින් තුනෙන් එකක් පමණම සිය ආයතන තුළ දීම ලිංගික හිංසනයන්ට ගොදුරු වන බව පසුගියදා IFJ ජාත්‍යන්තර ජනමාධ්‍ය සංසදය පැවැත්වූ සමීක්ෂණයකින් හෙළිදරවු කෙරිණ.