එක්සත් ජාතීන් "මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දෙනවා"

මියන්මාර හමුදාව

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රඛයින් ප්‍රාන්තයේ රඳවා සිටින මියන්මාර හමුදාව (සංරක්ෂිත ඡායාරූපයකි)

මියන්මාරයේ කටයුතු කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ආධාර සංවිධාන මුස්ලිම් රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දෙන බවට එරට ඇතැම් බෞද්ධ බැතිමතුන් සහ භික්ෂූන් වහන්සේ චෝදනා කරති.

එම ජාත්‍යන්තර සංවිධාන වහාම සිය ප්‍රාන්තයෙන් ඉවත්විය යුතු බව පවසමින් සිය ගණනක් බෞද්ධයන් සහ භික්ෂූන් වහන්සේ රඛයින් ප්‍රාන්තයේ නගර ගණනාවක උද්ඝෝෂණවල නිරතව සිටි බව පොලිසිය පවසයි.

ප්‍රාන්ත අගනුවර වන සිත්වේ (Sittwe) නගරය ඇතුළු නගර පහළොවක පමණ උද්ඝෝෂණයේ නිරතව සිටි රඛයින් ප්‍රජාව සහ භික්ෂූන් වහන්සේ, තමන්ට සිවිල් හමුදාවක් පිහිටුවීමට අවසර දෙන මෙන් ද බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

උණුසුම් තත්වයක්

පසුගිය ජුලි මාසයේ බෞද්ධයන් හත් දෙනෙකු කපා කොටා මරා දමා තිබීමෙන් අනතුරුව යළිත් වරක් කළාපයේ උණුසුම උත්සන්නවෙමින් පවතී.

ඉන් අනතුරුව පසුගිය සතියේ අතිරේක භට හමුදාවක් කළාපය වෙත පිටත් කරනු ලැබිණ.

Fighting in Rakhine displaced hundreds of people

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, 2012 දී හටගත් වාර්ගික කෝලාහලවලින් අනතුරුව දස දහස් සංඛ්‍යාත රෝහින්ග්‍යාවරු තවමත් අනාථ කඳවුරුවල කල් ගෙවති

රඛයින් ප්‍රාන්තයේ දී හමුදාව විසින් අත්පත් කරගන්නා ලද රෝහින්ග්‍යා කැරලිකරුවන්ගේ යයි සැක කෙරෙන කඳවුරක තිබී එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන විසින් බෙදා දෙනු ලබන බිස්කට් වර්ගයක් හමුවී තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ආධාර සංවිධාන රෝහින්ග්‍යා ජනතාවට ආධාර කරන බවට රඛයින් බෞද්ධ ප්‍රජාව කලක් මුළුල්ලේ චෝදනා කරති.

රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව සහ මියන්මාරයේ බෞද්ධ බහුතර ජනතාව අතර වසර ගණනාවක් මුළුල්ලේ ගැටුම් පවතී.

රඛයින් ප්‍රාන්තය
ඡායාරූප ශීර්ෂ වැකිය, රඛයින් ප්‍රාන්තය

රඛයින් ප්‍රාන්තයේ පමණක් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් ලක්ෂ එකොළහක් පමණ වෙසෙන අතර, රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් බංග්ලාදේශයේ සිට පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන් බව පවසන මියන්මාර බලධාරීහු ඔවුන්ට රටේ පුරවැසිභාවය ලබාදීම ප්‍රතික්ෂේප කරති.

ඔවුන් නිරන්තයෙන් බලධාරීන්ගේ සහ රටවැසියන්ගේ නොසලකා හැරීම්වලට ලක්වෙති.

2012 දී හටගත් වාර්ගික කෝලාහලවලින් අනතුරුව දස දහස් සංඛ්‍යාත රෝහින්ග්‍යාවරු තවමත් අනාථ කඳවුරුවල කල් ගෙවති.

ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් සිටියදී පසුගියදා ශ්‍රී ලංකාවට ලඟා වූ රෝහින්ග්‍යා අනාථයන් පිරිසක් මේවනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය භාරයේ පසුවෙති.

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් බංග්ලාදේශයේ සිට පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන් බව පවසන මියන්මාර බලධාරීහු ඔවුන්ට රටේ පුරවැසිභාවය ලබාදීම ප්‍රතික්ෂේප කරති

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් බංග්ලාදේශයේ සිට පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන් බව පවසන මියන්මාර බලධාරීහු ඔවුන්ට රටේ පුරවැසිභාවය ලබාදීම ප්‍රතික්ෂේප කරති

මියන්මාරයේ රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව සිදුවන බවට චෝදනා එල්ලවන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය පසුගිය මාර්තු මාසයේ පරීක්ෂණයක් ආරම්භ කළේය.

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව "වාර්ගික සුද්ධයක්" සිදුවන බවට එල්ලවන චෝදනා මියන්මාරයේ නිල නොවන නායිකා ඕන් සාන් සුචී තරයේ ප්‍රතික්ෂේප කරන නමුත් රෝහින්ග්‍යාවරුන්ගේ ඉරණම පිළිබඳව මුනිවත රකින බවට ඇයට ජාත්‍යන්තර විවේචන එල්ලවෙමින් පවතී.