සිරියාව: "IS කැරලිකරුවන් දෙදහසක් රැඳී සිටිනවා"

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සිරියාවේ රකා නගරය තුළ අයිඑස් කැරලිකරුවන් දෙදහසක් පමණ රැඳී සිටින බව ඇමරිකානු බලධාරීහු පවසති.
අයිඑස් බලකොටුවක් වන රකා නගරයේ බලය අල්ලා ගැනීම සඳහා ඇමරිකාවේ සහාය ලබන හමුදා පසුගිය ජුනි මාසයේ දී මෙහෙයුමක් ආරම්භ කළහ.
ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි සන්ධානය සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂ නියෝජිත බ්‍රෙට් මැක්ගර්ක් කියා සිටියේ ඇමරිකාවේ සහාය ලබන හමුදා විසින් රකා නගරයේ 45% බලය අල්ලා ගෙන ඇති බවය.
සිය ජීවිත සඳහා සටන් කරන කැරලිකරුවන් නගරය තුළම මියැදෙනු ඇතැයි පෙනෙන්න තිබෙන බව ඔහු සඳහන් කළේය.
අයිඑස් කැරලිකරුවන් විසින් 2014 වසරේ දී රකා නගරය අල්ලා ගනු ලැබූ අතර ඔවුන් විසින් එය හඳුන්වනු ලැබුවේ ඉස්ලාමීය රාජ්‍යයේ අගනුවර ලෙසය.
සාමාන්‍ය වැසියන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදාව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට රකා නගරය වෙත ඇදෙමින් බලය තහවුරු කර ගත්හ.
නගරය යළි සියතට ගැනීම සඳහා ජුනි 06 වෙනිදා ඔවුන් විසින් මෙහෙයුමක් දියත් කරනු ලැබීය.
රකා නගරය තුළ සාමාන්‍ය වැසියන් කොපමණ පිරිසක් සිටීදැයි යන්න පැහැදිලි නොමැත.
එම සංඛ්‍යාව 20,000 ත් 50,000 අතර විය හැකි බව එක්සත් ජාතීන් ඇස්තමේන්තු කරයි.
රකා නගරය ගිලිහීම අයිඑස් සංවිධානයට මරු පහරක් වනු ඇති බවත් බ්‍රෙට් මැක්ගර්ක් පැවසීය.
ඉරාකය තුළ අයිඑස් පාලනයේ පැවති භූමි ප්‍රදේශවලින් 78% ද සිරියාවේ 58% ද ඔවුන් අතින් ගිලිහී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සිරියානු යුද්ධය

ඡායාරූප මූලාශ්‍රය, EPA
වසර හයක් පුරා සිරියාවේ පවතින ගැටුම්වලට මැදිවී මරුමුවට පත් සංඛ්‍යාව තුන් ලක්ෂයකට අධිකය.
එරට ජනාධිපති බෂර් අල් අසාද්ට එරෙහිව මතු වූ විරෝධතාව පසුව සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය.
සටන් හේතුවෙන් එක්කෝටි දස ලක්ෂයකට ආසන්න පිරිසක් අවතැන්ව සිටිති.
ඉරානය, රුසියාව යන රටවල් සිරියානු ජනපති අසාද්ට සහාය පළ කරති.
ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය අසාද් පාලනයට එරෙහි විරුද්ධ කණ්ඩායම්වලට සහාය ලබා දෙති.








