ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හතර සමරන ජෝර්ජ් කුමරුගෙන් ඡායාරූපයක්
බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ පුත් ජෝර්ජ් කුමාරයාගේ සිව්වැනි උපන්දිනය සැමරීම වෙනුවෙන් ඔහුගේ ඡායාරූපයක් නිල වශයෙන් එළිදක්වා තිබේ.
අනාගතයේ දී බ්‍රිතාන්‍යයේ රජු ලෙස කිරුළු පැළඳීමට නියමිත ජෝර්ජ් කුමරු මෙම ඡායාරූපයට පෙනී සිටියේ ලන්ඩනයේ කෙන්සිංටන් මාලිගයේදී ය.
ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයිස් කුමරු උපත ලැබුවේ 2013 වසරේ ජූලි 22වැනිදා ය. ලබන සැප්තැම්බරයේ දී ජෝර්ජ් කුමරු පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමට නියමිතය.
සිය දෙමාපියන් වන විලියම් කුමරු සහ කේට් කුමරිය සමඟ ඔහු ජීවත් වන්නේ කෙන්සිංටන් මාලිගයේ ය.
සිය උපන්දිනයට පෙර ජෝර්ජ් කුමරු, මව සහ පියා සමඟ පෝලන්තයේ සහ ජර්මනියේ දින පහක සංචාරයක නිරත විය.
උපන්දිනය වෙනුවෙන් නිකුත් කෙරුණු නිල ඡායාරූපය ගෙන ඇත්තේ රජ පවුලේ ඡායාරූප ශිල්පී ක්‍රිස් ජැක්සන් විසිනි.