බෝනික්කන්ට පෙම් බැඳි පුරුෂයන් සහ නොදැන සිටි කරුණු පහක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
01. සංගීත ශිල්පිනී රිහානාගේ රහස් පෙම හෙළි වෙයි
ස්පාඤ්ඤයේ පිහිනුම් තටාකයක් තුළ රිහානා සමග තවත් පුද්ගලයෙකු සමීපයෙන් සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගියදා අන්තර්ජාලයේ පළ විය.
ඔහු ලොව සිටින ධනවත්ම පුද්ගලයන් අතරින් එක් අයෙකු ලෙස සැලකෙන හසන් ජමීල් නමැති සෞදි ව්‍යාපාරිකයා ලෙස හඳුනා ගෙන ඇතැයි 'ද ටෙලිග්‍රාෆ්' වෙබ් අඩවිය වාර්තා කරයි.
ඔහු, අබ්දුල් ලතීෆ් ජමිල් නමැති සිය පවුලේ ව්‍යාපාරයේ උප සභාපති ධුරය දරන අතර එම සමාගම ටොයෝටා මෝටර් සමාගමේ ප්‍රධාන ආයෝජකයෙකු බවත් 'ද ටෙලිග්‍රාෆ්' වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.
02. විශ්‍රාමික පුද්ගලයන්ට වඩා වැඩි කාලයක් මැදි වියේ කාර්යාල සේවකයන් අසුන් මත ගත කරන බව පෙනී යයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වයස 75 ඉක්මවූ විශ්‍රාමිකයන් හා සැසඳීමේ දී දීර්ඝ වෙලාවක් රැකියාවේ නිරත බොහෝ දෙනෙකු වැඩි කාලයක් අසුන් මත ගත කරන බව එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ වාර්තා කරන බව 'ඩේලිමේල්' වෙබ් අඩවිය පවසයි.
ව්‍යායාමවලින් තොර ජීවන ක්‍රමයකට හුරු වීම තුළ දියවැඩියාව, පිළිකා සහ අකාලයේ මිය යාමට ගොදුරු වීමට ඇති ඉඩකඩ පිළිබඳ එම සොයා ගැනීම් ඔස්සේ අවධානයට ලක් කරන බවත් 'ඩේලිමේල්' වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.
03. බටහිර යුරෝපයේ මුදල් ලබා ගැනීමේ යන්ත්‍ර (ATM) අඩුම ප්‍රමාණයක් ඇති රට ස්වීඩනයයි

ඡායාරූප මූලාශ්‍රය, PA
බටහිර යුරෝපය තුළ ATM යන්ත්‍ර වැඩි ප්‍රමාණයක් ඇති රට පෘතුගාලයයි. එරට සෑම පුරවැසියන් දස ලක්ෂයකටම ATM යන්ත්‍ර 1,516 ක් ඇති බව වාර්තා පෙන්වා දෙයි.
බටහිර යුරෝපයට අයත් ස්කැන්ඩිනේවියානු රටවල් මුදල් හුවමාරුවෙන් තොර සමාජයක් කරා පිය නගමින් සිටින අතර එම කලාපයට අයත් ස්වීඩනයේ සෑම පුරවැසියන් දස ලක්ෂයකටම ඇති ATM යන්ත්‍ර ප්‍රමාණය 333 ක් පමණි.
04. වායු දූෂණය මැඩපැවැත්වීම සඳහා චීනයේ "වන උද්‍යාන සහිත නගරයක්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තිස් දහසකට පදිංචි විය හැකි යැයි පැවසෙන "වන උද්‍යාන සහිත නගරයක්" චීනයේ ගුවාන්ෂි පළාතේ ඉදි කෙරෙමින් පවතින බව ද ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කරයි.
එහි මහල් නිවාසවලට පිටතින් ගස් හතළිස් දහසක් රෝපණය කෙරෙනු ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළ අතර එම සම්මුතියට තවදුරටත් සිය සහාය හිමි වන බව චීනය අවධාරණය කළේය.
05. සිලිකන් යොදා ගනිමින් නිර්මාණය කරන ලද බෝනික්කන් සමග පෙමින් බැඳෙන ජපාන් පුරුෂයෝ
ජපානය තුළ සිලිකන් බෝනික්කන් මිලට ගන්නා පුරුෂයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා පෙන්වා දෙයි.
සිය බෝනික්කන් සමග පෙමින් වෙළී සිටින බව හතළිස් පස් හැවිරිදි මසයුකි ඔසාකි කියා සිටි අතර තමන් නැවත මිනිස් ඇසුරකට නොයන බව බෝනික්කන් සමග දිවි ගෙවන හැට දෙහැවිරිදි සෙන්ජි නකජිමා පැවසීය.
සිලිකන් බෝනික්කෙකුගේ මිල ඩොලර් හයදහසෙන් පමණ ආරම්භ වන අතර එවැනි බෝනික්කන් දෙදහසක් පමණ ජපානයේ වාර්ෂිකව අලෙවි වන බව වාර්තා පෙන්වා දෙයි.
හුදෙකලාව හේතුවෙන් පුරුෂයන් ඒ වෙත යොමු වන බවට විවේචකයෝ තර්ක කරති.
සබැඳි යොමු:













